සාම්ප්‍රදායෙන් ඔබ්බට යමින් A1 (ඒ – වන්) Real Estate වෙතින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක්

Tim Weragoda - Managing Director (LBN)

සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කර තිබේ. එමඟින් ඔවුන් අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයටම සේවා සපයන සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් සමාගම්වලින්  වෙනස් වනු ඇත.

 



 

දේ‌පොළ හිමියන්ට එම දේපොළ සඳහා උපරිම වටිනාකමක් හිමි කර දීම අරමුණු කර ගත් A1 Real Estate සමාගම සිය නව ක්‍රමවේදය හරහා විකිණුම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමටත්, සේවා විශිෂ්ටත්වය පිළිබඳ නව ප්‍රමිති හඳුන්වා දීමටත් අපේක්ෂා කරයි.

ටිම් වේරගොඩ මහතා ආරම්භ කළ A1 Real Estate සමාගම මෙරට තරගකාරී වෙළෙඳපොළේ ගනුදෙනු කරන දේපොළ අලෙවිකරුවන්ගේ සුවිශේෂ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විසඳුම් සපයනු ඇත. දේපොළ අලෙවිකරුවන් කේන්ද්‍ර කර ගත් මෙම සංකල්පය තුළින් සෑම ගනුදෙනුවකදීම උපරිම ප්‍රතිපල ළගා කර ගැනීමේ අවස්ථාව දේපොළ අලෙවිකරුවන්ට හිමිවේ.

“දේපොළ වෙළෙඳපොළ තුළ බොහෝ විට දේපොළ අලෙවිකරුවන්ට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවෙන බව අප හඳුනා ගත්තා. ඔවුන්ට උපරිම සාධාරනයක් ඉටු කිරීමයි අපගේ අරමුණ.” ටිම් වේරගොඩ මහතා පැවසීය. උපායමාර්ගික අලෙවිකරණය, උසස් සංවාදාත්මක උපක්‍රම සහ දේශීය වෙළෙඳපොළ තත්ත්ව පිළිබඳව තියුණු අවබෝධයක් සහිතව කාර්යක්ෂමව දේපොළ අලෙවි කිරීමටත්, දේපොළ අලෙවිකරුවන්ට උපරිම වාසි සළසා දීමටත් A1 Real Estate සමාගම අපේක්ෂා කරයි.

සෑම ගනුදෙනුවක්ම ඉහළම සදාචාරත්මක ප්‍රමිතිවලට අනුගත වෙමින් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන A1 Real Estate සමාගම පාරිභෝගිකයන් සහ දේපොළ අලෙවිකරුවන් යන දෙපාර්ශ්වය සමගම විශ්වාසය සහ අන්‍යොන්‍ය ගරුත්වය මූලික කර ගෙන කටයුතු කිරීම සුවිශේෂ කරුණකි. නව්‍යකරණය, වෘත්තීමය බව සහ නොසැළෙන කැප වීම වැනි ගුණාංග පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන A1 Real Estate සමාගම මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් ඇති කරනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව