ස්වයං රැකියා හා ගෘහාශ‍්‍රිත කර්මාන්ත ශක්තිමත් කිරීමට SLIM ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවෙන් උපදෙස්

Webp.net-resizeimage

 



 

 

 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන “ගමට මාකටින්” පුහුණු වැඩමුළු මාලාව හා සමගාමීව SLIM ව්‍යාපාර සංවර්ධන විශේෂඥ කමිටුවේ (MDEC) ප‍්‍රධානත්වයෙන්, ස්වයං රැකියා හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2022 පෙබරවාරි මස 25 වැනිදා කිතුල්වත්ත SLIM Business School පරිශ‍්‍රයේදී අති සාර්ථක ලෙස සංවිධානය කෙරිණ. SLIM “ගමට මාකටින්” පුහුණු වැඩමුළු මාලාව පළපුරුදු වෘත්තීයවේදී අලෙවිකරණ විශේෂඥ දැනුමෙන් ශක්තිමත් කිරීමෙහිලා 2021 වසරේ මාර්තු මාසයේ පත් කරන ලද වෙළෙඳපොළ සංවර්ධන විශේෂඥ කමිටුවේ (MDEC) මෙවර අවධානය යොමු වූයේ ස්වයං රැකියා, ගෘහාශ‍්‍රිත කර්මාන්ත සහ සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් පිළියම් යෙදීම කෙරෙහිය.

SLIM “ගමට මාකටින්” පුහුණු වැඩමුළු තුලදී නිෂ්පාදන සඳහා වෙළෙඳ නාමයක් ලබාදීම, මිලක් නියම කිරීම හා ඇසුරුම් කිරීමෙන් පසු අලෙවි කිරීම ලෙස ග‍්‍රාමීය ව්‍යාපාරිකයන් කාටත් හුරුපුරුදු සාමාන්‍ය විකුණුම් ක‍්‍රමවේදයෙන් ඔබ්බට ගොස් අලෙවි කළමනාකරණ මූලධර්ම උපක‍්‍රමික හා ප‍්‍රායෝගික වශයෙන් ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා භාවිතා කිරීම පිළිබඳ පුළුල් ලෙස පැහැදිළි කෙරේ. එමෙන්ම සාර්ථක ව්‍යවසායකයෙකු වීම සඳහා අවශ්‍ය කුසලතා සවිබල ගැන්වීම හා මානසික සවිමත්බව වර්ධනය කිරීමද SLIM “ගමට මාකටින්” පුහුණු වැඩමුළු තුළදී සිදු කෙරේ. SLIM ගමට මාකටින් ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය දිල්හාන් ජයතිලක මහතාගේ මගපෙන්වීම යටතේ කටයුතු කළ වෙළෙඳපොළ සංවර්ධන විශේෂඥ කමිටුව (MDEC) වෙනුවෙන් වසන්ත මල්ලිකාරච්චි මහතා ^Global Tech Group of Companies සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, 2006/7 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති, 2007/8 ආසියානු අලෙවිකරණ සම්මේලනයේ ගරු මහලේකම්), සරත් ප‍්‍රනාන්දු මහතා (බෙරෙන්ඩිනා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ, 2007/8 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති, 2006 ආසියානු පැසිෆික් අලෙවිකරණ සම්මේලනයේ ප‍්‍රථම ශ්‍රී ලාංකීය ගරු මහලේකම්, 2006 ලෝක අලෙවි සම්මේලනයේ කමිටු සාමාජික), රොහාන් සෝමවංශ මහතා ^DSI Trading Company විධායක අධ්‍යක්ෂ, 2010/11 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති, 2018 ආසියානු අලෙවිකරණ සම්මේලනයේ ගරු සභාපති, 2021 ආසියානු අලෙවිකරණ සම්මේලනයේ උපදේශක), සුරංජිත් ස්වාරිස් මහතා d ^Prologics IT Solutions (Private) Ltd අධ්‍යක්ෂ, 2019/20 ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ගරු සභාපති, 2021 කොළඹ ව්‍යාපාර සංගමයේ උප සභාපති, ව්‍යාපාර සහ අලෙවිකරණ උපදේශක) සහ මධුරංග වීරතුංග මහතා (සිම් ලංකා පුද්ගලික සමාගමේ අලෙවි ප‍්‍රධානී, ව්‍යාපාර සහ අලෙවිකරණ උපදේශක) යන මහත්වරුන් දායකත්වය දැක්වීය.

SLIM සභාපති තිලංකා අබේවර්ධන මහත්මිය වැඩමුළු පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ජාතික මෙහෙවරක නියැලි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අපි සැමවිටම දේශීය ව්‍යාපාරිකයන් වෙනස්වෙන තරගකාරී ව්‍යාපාරික ලෝකයට ගැලපෙන ආකාරයෙන් සවිබල ගැන්වීම උදෙසා විවිධ වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරනවා. අපේ රටේ ස්වයං රැකියා මෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයන් බොහෝ ප‍්‍රමාණයක් සිටිනවා. ජාතික ආර්ථික සංවර්ධනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත්. ඒ නිසා එම ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවක්. SLIM ගමට මාකටින් පුහුණු වැඩමුළු හරහා අපි ග‍්‍රාමීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා.” යැයි පැවසීය.

SLIM ගමට මාකටින් ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය දිල්හාන් ජයතිලක මහතා අදහස් දක්වමින් “විශේෂයෙන්ම ස්වයං රැකියා හා සුළු පරිමාණ ව්‍යාපාර සිදුකරන්නන් අලෙවිකරණය පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා කෙතරම් උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ඉදිරිපත් කළද වෙළෙඳපොළ අසාර්ථකත්වයට මුහුණදෙන ආකාරය අප බහුලව දකිනවා. මේ වැඩමුළුවේදී අපි ඔවුන් තුළ හඳුනාගත් ඒ අඩුපාඩු සකස් කරමින් වැඩමුළුවට සහභාගීවූ ව්‍යවසායකයන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්කිරීම උදෙසා මගපෙන්වූවා. මෙම වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීම සඳහා SLIM අපට අගනා සහයක් ලබාදුන් අපගේ සම්පත් දායකයන් ලෙස එක්වූ වසන්ත මල්ලිකාරච්චි, සරත් ප‍්‍රනාන්දු, රොහාන් සෝමවංශ, සුරංජිත් ස්වාරිස් සහ මධුරංග වීරතුංග මහත්වරුන්ට මා හදවතින්ම ස්තුතිවන්ත වනවා. ” යැයි පැවසීය.

SLIM ප‍්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ සනත් සේනානායක මහතා වැඩමුළුව පිළිබඳ අදහස් දක්වමින් “අභියෝග ජයගනිමින් අපේ රටේ දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කරගෙන අපේ රටේ ව්‍යවසායකයන්ගේ අලෙවිකරණ දැනුම හා හැකියාවන් ඉහළ නංවාලන්නට මෙවරත් අප SLIM ගමට මාකටින් පුහුණු වැඩමුළුව පවත්වනු ලැබුවා. මේ වැඩමුළුවෙන් දේශීය ව්‍යවසායකයන්ට ආකර්ෂ ර්‍ණය මෙන්ම සාර්ථක සන්නාමයක් ගොඩනගාගැනීම පිළිබඳ මගපෙන්වීමක් සිදුකළා.” යැයි පැවසීය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) 1970 වසරේ සිට ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වෘත්තීයවේදී අලෙවිකරණ වෘත්තිකයන් බිහිකිරීමේ ජාතික ආයතනය ලෙස ක‍්‍රියාත්මක වේ. SLIM ආයතනය          ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (NCCSL) ශ්‍රී ලංකා වෘත්තික සංගම් සංවිධානය (OPA), ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ලංකා සේවා යෝජකයන්ගේ සංගමය (EFC) සහ ආසියානු අලෙවිකරණ සම්මේලනය (AMF) යන දෙස් විදෙස් ව්‍යාපාර සංගමයන්ගේ සාමාජිකත්වය ලබා ඇත. එමෙන්ම SLIM අලෙවි සමීක්ෂණ සඳහා ලොව ප‍්‍රකට ESOMAR සහ Federation of Marketing Research Industries ආයතනයන්ගේ සාමාජිකත්වයද ලබා ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව