සම්පත් බැංකුව, ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව 13 වන වරටත් ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්වෙයි

Swarna Pusthaka 2023 - Cheque Handing over (LBN)




 

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙමින් අනාගතය වෙනුවෙන් සුවහසක් සාහිත්‍යකරුවන් දිරි ගන්වන සම්පත් බැංකුව 2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් විය. නැණ නුවණින් මෙන්ම කියවීමෙන් පිරිපුන් අනාගත පරපුරක් දැයට දායාද කරනු වස් අඛණ්ඩව 13 වැනි වරටත් ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූ සම්පත් බැංකුව සාහිත්‍යකරුවන් අගයමින් ඔවුන් දිරි ගැන්වීමට පෙරමුණ ගෙන කටයුතු කරයි. විශේෂයෙන් මූල්‍ය සේවාවන්ගේන් ඔබ්බට යමින් මානව සංවර්ධනය සඳහා අවැසි සියලු සාධකයන් ශ්‍රී ලාංකේය ජනතාව වෙත ළඟා කර දීමට කටයුතු කරන සම්පත් බැංකුවේ තවත් එක් ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වෙත දක්වන ස්වර්ණමය දායකත්වයක් ලෙස සෑම වසරකම සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ඊට පෙර වසර තුළ පළ වූ විශිෂ්ටතම නවකතා ඇගයීමට ලක් කරයි. ඒ අනුව මෙම වසරේ ඇගයීමට ලක් කරනු ලැබුවේ 2022 වසරේදී ප්‍රකාශයට පත් කළ  නවකතාය. එහිදී එම නවකතා රචකයන් සඳහා මූල්‍යමය පරිත්‍යාගයන් හා සහතිකපත් පිරිනැමීමට සම්පත් බැංකුව පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දුන්නේ දැයට මඟ කියන වගකීම් සහගත බැංකුවක කාර්ය භාරය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී ප්‍රණීත් අභයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුව වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂක, ප්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ද වාස් ගුණසේකර මහතා එක් විය.

ස්වර්ණ පුස්තක සම්මානය සඳහා වන විශිෂ්ටතම නවකතාව තෝරා ගැනීම ස්වාධීන විනිශ්චය මණ්ඩලයක දායකත්වයෙන් අදියර කිහිපයක් යටතේ පවත්වනු ලබයි. පළමු අදියරේදී ‘මූලික මණ්ඩලය’ 2022 වසරේ ප්‍රකාශිත නවකතා අතරින් නවකතා කිහිපයක් දෙවන වටය සඳහා තෝරා ගනු ලබයි. පසුව දෙවන වටයේදී ‘මධ්‍ය මණ්ඩලය’ අවසන් නවකතා 5 තෝරා ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව මෙවර ඉදිරිපත්ව තිබූ නවකතා 90ක් අතුරින් නවකතා 12ක් මූලික මණ්ඩලය විසින් තෝරා ගෙන තිබිණ.

එම නවකතා අතරින් නෝබට් අයගමගේගේ කුර හඬෙකි වියැකෙන, පී.බී ජයසේකරගේ උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා, මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ, සුරත් ද මැල්ගේ ෘඹධ සහ එරික් ඉලයප්ආරච්චිගේ පහනක අඳුර, යන නවකතා අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ අතර ඒ අතුරින් කුර හඬෙකි වියැකෙන නවකතාව මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි කරගත් විශිෂ්ටතම නවකතාව බවට පත් විය.  ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්මාන උළෙලක ලබා දෙන ඉහළම ත්‍යාග මුදල වන රුපියල් 750,000ක මුදලක් ස්වර්ණ පුස්තක සම්මානය හිමි කරගත් නවකතාව වෙනුවෙන් එහි කතෘ නෝබට් අයගමගේ මහතා වෙත ලබා දුන් සම්පත් බැංකුව අවසන් වටයට තේරුණු අනෙකුත් නවකතා වෙනුවෙන් රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමි කර දීමටද කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 2007 වසරේ සිට සංවිධානය කරනු ලබන මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සෑම වසරකම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන අතර මෙවර සමරනු ලැබුවේ එහි 17 වන පියවරයි.



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව