
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් – 2024 සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කළේ ය.
දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් තුළ උනන්දුවක් ඇති කරමින්, සදාචාරවත් සමාජයක් ගොඩනගා ගැනීමේ මෙම උදාරතර කර්තව්‍ය වෙනුවෙන් සම්පත් බැංකුව මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ 15 වැනි වතාවටය. ඒ අනුව මෙවර සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගයීම් තරඟාවලියෙන් ජයග්‍රහණය කරනු ලබන සිසු දරුවන්ට ත්‍යාග ප්‍රදානය සඳහා ‘දහම් තිළිණ වවුචර් පත්’ පිරිනැමීම සම්පත් බැංකුවේ ප්‍රධාන ශාඛාවේ දී මැයි 19 දා සිදු කෙරිණ.
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ජාතික වැඩසටහනෙහි අවසන් අදියර 2025 මැයි මස 30,31 සහ ජුනි 01 යන දිනයන්හි බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ. මෙවර පැවැත්වෙන මෙම ඇගයීම් නිපුණතා ජාතික වැඩසටහන සඳහා ඉසව් 41ක් යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 943 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ප්‍රථම, දෙවන, තුන්වන, හතරවන සහ පස්වන ස්ථාන සඳහා තෝරාගත් සිසු දරුවන් 205 දෙනෙකු වෙත ත්‍යාග ප්‍රදානයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ජාතික වැඩසටහනෙහි දරු දැරියන් 900ක් අතරින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත ත්‍යාග ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී.
මිලියන දෙකකට අධික දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් දිරි ගන්වමින්, ගුණගරුක සමාජයක් බිහි කර ගැනීම උදෙසා සිදු කරනු ලබන මෙවැනි ජාතික වැඩසටහන් සඳහා සම්පත් බැංකුව සිය නොමසුරු දායකත්වය ලබා දීමට කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ අනාගත පරපුර රටට වැඩදායී ගුණවත් පරපුරක් බවට පත් කිරීමේ මහඟු චේතනාවෙන් ක්‍රියාත්මක වන මෙවැනි සද් වැඩසටහන් උදෙසා සිය අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබා දීමට සම්පත් බැංකුව බලාපොරොත්තු වේ.