සණස සංවිධානය කළ දැදිගම කොට වෙහෙර පිරිත් සජ්ඣායනය සාර්ථකව අවසන් වේ

IMAGE - 1

සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ ආනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 31 දැදිගම කොට වෙහෙර මළුවේදී සාර්ථකව පැවැත්විණි. සණස ජය ටීවි නාලිකාව සමඟ අත් වැල් බැඳ ගනිමින් ආරම්භ කල මෙම වැඩසටහන රටටම ආදර්ශයක් සපයන වැඩසටහනක් බවට පත් විය. වරකාපොළ ප්‍රදේශවාසීන් අගෝස්තු 24 සිට 30 දක්වා තම නිවෙස්වල සිට පවුලේ පිරිස සමග පිරිත් ශ්‍රවණය කළ අතර අගෝස්තු 31 සියලු දෙනාම කොට වෙහෙර මළුවට රැස් වී පිංකමට සහභාගී වූහ. ශ්‍රී ලංකික රාජාවලිය තුළ පරාක්‍රමබාහු රජතුමන් දියත් කළ වැඩපිළිවෙළ අනුස්මරණයක් ලෙස එතුමන්ගේ උපන් ගම වන කොට වෙහෙර මෙම වැඩසටහනේ ආරම්භය සදහා යොදා ගත් අතර එතුමන් ඇරැඹූ නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ජනයාගේ ජීවිත සුඛිත මුදිත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට සණස ආයතනය උර දෙන බව මෙම වැඩසටහන මගින් සංකේතවත් විය.

 



 

කිරිවන්දෙණිය මහතාගේ “අඩක් ගනුදෙනු – අඩක් ගුණධර්ම” සංකල්පයට අනුව ජනයාගේ ජීවිත කරණීයමෙත්ත සූත්‍රයේ ඇති ගුණාංගවලින් පෝෂණය කර යහපත් ධෛර්යසම්පන්න පුරවැසියන් සිටින දේශයක් බිහි කිරීමට මෙම වැඩසටහන පැවැත්වුණු අතර අගෝස්තු 31 තුන් පැය ධර්ම දේශනයට පූජ්‍ය උඩුදුම්බර කස්සප හිමියෝ වැඩම කළහ. අගෝස්තු 24 ආරම්භ වූ මෙම වැඩසටහන අගෝස්තු 31 දැදිගම කොට වෙහෙර මළුවේදී සාර්ථකව නිමා විය. ආමිස පූජා පවත්වා සිදු කළ මෙම වැඩසටහන ප්‍රදේශවාසී සැමට ආලෝකය ගෙන දුන් වැඩසටහනක් විය. අර්ථ විරහිතව සුත්‍රවලට සවන් දීම වෙනුවට පිරිතෙහි අර්ථය වටහා ගනිමින් ජීවිත සාර්ථක කර ගන්නා ආකාරය කස්සප හිමියෝ පැහැදිලි කළහ. මෙම වැඩසටහන ඉදිරියටත් ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට කිරිවන්දෙණිය මහතා බලාපොරොත්තු වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව