සණස ලයිෆ් නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර පත් කෙරේ

SANASA LIFE (LBN)

සණස ලයිෆ් සමාගම 2024 ජූනි 19 වැනිදා සිට සිය නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා පත් කර ඇත. සණස ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ගජේන්ද්‍ර මහතා 2019 සිට එම සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වෘත්තීයමය ගණකාධිකාරිවරයෙකි. විගණන, මූල්‍ය ගිණුම්කරණ, බදුකරණ සහ ලේඛණ කටයුතු පිළිබඳ හසළ දැනුමක් හා පළපුරුද්දක් සහිත ඒ මහතා තක්සේරු කිරීම්, මූල්‍ය විශ්ලේෂණ, අත්පත් කර ගැනීම් සහ ඒකාබද්ධ කිරීම් යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයෙකි. Sheffield Hallam විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති ගජේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ, වරලත් සහතිකලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි.

 



 

මීට දශක 2කට පමණ පෙර සම වරලත් ගණකාධිකාරි ආයතනයක් වන කනේසලිංගම් සමාගමේ විගණන අභ්‍යාස ලාභියෙකු ලෙස  සිය වෘත්තීය ජීවිතය ඇරුඹූ ගජේන්ද්‍ර මහතා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම එම සමාගමේ කළමනාකාර හවුල්කරුවෙකු ලෙසද කටයුතු කරයි. ඒ මහතා ගිණුම්කරණ ක්‍රියාවලි, විගණන සහ කළමනාකරණ ගිණුම්කරණය යන ක්ෂේත්‍ර පිළිබඳ සිය පුළුල් පරිචය මගින් සමාගමේ මෙහෙයුම් කටයුතු, උපාය මාර්ගික සංවර්ධනය සහ සමස්ත වර්ධන උපාය මාර්ග වෙත  සුවිශේෂ දායකත්වයක් දී ඇත. “මා  සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී සණස ලයිෆ් සමාගම ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට ගෙන ඒමට නිරන්තරයෙන් කැප වෙනවා. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අංක 7 ස්ථානයේ පසු වන අප සමාගම රටේ විශිෂ්ටම ජීවිත රක්ෂණ සමාගම් 5 අතරට ගෙන ඒම මගේ අරමුණයි.” ගජේන්ද්‍ර මහතා පැවැසිය. අනාගතය අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඒ මහතා ගත් තීරණ අතරින් දත්ත රැස් කිරීම ආදී ක්‍රියාවලි සඳහා කෘතිම බුද්ධිය (AI) වැනි තාක්ෂණික නවෝත්පාදන භාවිතය සදහා ආයෝජනය කිරීම සුවිශේෂ වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව