සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 20 වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා ප්‍රජා සත්කාර රැසක්

SANASA (LBN)

 



 

 

දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 20 වැනි සංවත්සරයට සමගාමීව සණස ලයිෆ් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඊට සණස ලයිෆ් සහ සණස ජෙනරල් කාර්ය මණ්ඩලයේ රුධිර පරිත්‍යාගශීලීහු රැසක් දායකත්වය සැපයූහ.

ඊට අමතරව සණස ලයිෆ් ශාඛා ජාලය මඟින් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. ඒ අතර බලංගොඩ යශෝධරා විද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 50කට දිවා ආහාර හා පාසල් උපකරණ සැපයීම, මහනුවර පිළිකා රෝහලට හා මානසික දුබලතා සහිත රෝගීන්ට දානය පිරිනැමීම, කුලියාපිටිය රෝහලේ රෝගීන්ට ලේ දන් දීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන දෝව දූරදර්ශි විද්‍යාලයේ ශ්‍රම දානයක් පැවැත්වීම සහ ළමුන්ට පාසල් උපකරණ හා උදෑසන ආහාරය පිරිනැමීම, කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරින්ගේ හා හෙද හෙදියන්ගේ පරිහරණයට සනීපාරක්ෂක පාවහන් යුගල 50ක් පිරිනැමීම, තංගල්ල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විද්‍යාලයට දිවා ආහාරය සැපයීම, අනුරාධපුර අශෝකා බාලක ළමා නිවාසයේ ළමුන් 13 දෙනාට භාණ්ඩ පිරිනැමීම, ගලෙන්බිදුණුවැව ළමා නිවාසයේ දරු දැරියන්ට භාණ්ඩ පිරිනැමීම, පොළොන්නරුව මහ රෝහලේ ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වීම, පදවිය මූලික රෝහලේ අලුත්වැඩියා සිදු කිරීම, මිනුවන්ගොඩ රෝහලේ වාට්ටුවක් අලුත්වැඩියා කිරීම, මාවනැල්ල වැඩිහිටි නිවාසයට දිවා ආහාරය සැපයීම, මාලබේ කාන්තා හා ළමා සායනවලට සහභාගීවන්නන්ට කුරක්කන් කැඳ හා පෝෂණ මල්ලක් සැපයීම ප්‍රධාන වේ.

“වසර 20ක් පුරා අපට අභියෝග රැසකට මුහුණ දෙමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළා. සණස ලයිෆ් සන්නාමය සමඟ විශ්වාසයෙන් රැඳී සිටි අපගේ පාරිභෝගික භවතුන්ට මෙන්ම කැප වීමෙන් සේවය කළ ආයතනයේ සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව