සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ‘ළබැඳි රන්වාසි’ දෙවන ජයග්‍රාහිකාව කටාන ප්‍රදේශයෙන්

SANASA LIFE (LBN)

 



 

 

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණය යටතේ සිදු කළ දෙවන මාසික දිනුම් ඇදීමේ දෙවන ජයග්‍රාහිකාව කටානෙන් බිහි විය. කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසකම දිනුම් ඇදීමක් සිදු කර ජයග්‍රාහිකාවක තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනයක් තිළිණ කෙරේ. ඒ අනුව පළමු ජයග්‍රහණය මාර්තු මාසයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වූ අතර අප්‍රේල් මාසයේ දෙවන වටයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කටානේ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක වන ඉනෝකා ලක්මාලි කොස්තා මහත්මියට හිමි විය.

“අපි සහභාගී වුණ පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩසටහනකදි තමයි මම මුලින්ම ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණයේ දිනුම් ඇදීම පිළිබඳව දැන ගන්නේ. නමුත් මම එහි ජයග්‍රාහිකාවක් වෙයි කියලා හිතුවේ නැහැ. මම ස්තූතිවන්ත වෙනවා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයට මාව තෝරා ගැනීම පිළිබඳව. මම අනිත් හැමෝටම කියන්නේ එන්න‚ ඇවිත් ‘ළබැඳි රන්වාසි’ සමඟ එකතු වෙලා මේ ජයග්‍රහණ හෙට ඔබේ කර ගන්න කියලා.” ඉනෝකා ලක්මාලි මහත්මිය පැවසීය. ජයග්‍රාහිකාවට රන් පෙන්ඩන්ට් පිරිනැමීම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා අතින් සිදු විය. මෙම අවස්ථාවට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කළමණාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහභාගී වූහ. මෙම රක්ෂණාවරණය කල් පිරීමේ අගයක් සහ ඉතුරුම් අරමුදලක් සහිතව අවම වාරිකයක් යටතේ හිමි කර ගත හැකි නිසා මෙය කාන්තාවන්ට ඉතා වටිනා රක්ෂණාවරණයක් වනු නිසැකය. ඊට අමතරව ජීවිතයට වඩාත්ම වැදගත් වන ජීවිත රක්ෂණ ප්‍රතිලාභ රැසක් සමඟ හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය‚ පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභය‚ අර්ධ සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභය‚ අසාධ්‍ය රෝග ප්‍රතිලාභය‚ රෝහල් දීමනා ප්‍රතිලාභය සහ අවමංගල්‍යය වියදම් ප්‍රතිලාභය ඇතුළු අමතර ප්‍රතිලාභ රැසක් කාන්තාවන්ට මෙමගින් ලැබිය හැකිය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මාසික කාල සීමාව තුළදී විශේෂ දීමනා සහ ප්‍රතිලාභ හිමි කර ගත හැකි වීමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව