සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

SANASA LIFE (LBN)

 



 

 

ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වැනි වරටත් පවත්වනු ලැබූ National Business Excellence Award 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රැසක් ඇගැයීමට ලක් වූ අතර එහිදී රක්ෂණ අංශය වෙනුවෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම Merit Award 2023 සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ශ්‍රැංග්‍රීලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වඩාත් ශක්තිමත්ව සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරනවා. එමෙන්ම දිනෙන් දින නව්‍ය රක්ෂණ සැළසුම් ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් අපගේ වටිනා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට අප ඇප කැප වී සිටිනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් තම දායකත්වය නොඅඩුව සැපයූ සණස ලයිෆ්හි ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සියලුම සේවක මණ්ඩලයට හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.” දිවයිනේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ඇතුළුව විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් සිටින අතර මේ දිනවල තම ව්‍යාපාර කටයුතු දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පුළුල් කිරීමේ අරමුණින් තම රැකියා අවස්ථා ඔස්සේ දක්ෂ වෘත්තිකයන් රටට දායාද කරමින් සිටියි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තව දුරටත් සිදු කරමින්  ගෙන යනු ලබන අතර ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයමින් සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව