සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ 81 වැනි ශාකාව වාරියපොළදී විවෘත වේ

SANASA GENERAL (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 81 වැනි ශාකාව පසුගියදා වාරියපොළ නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. නදීක බිල්ඩින්, කුරුණෑගල පාර, වාරියපොළ යන ලිපිනයේ මෙම නව ශාකාව පිහිටුවා ඇත. වාරියපොළ නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) ශාලිය සිල්වා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රදීප් බස්නායක යන මහත්වරු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.

“ශ්‍රී ලංකාව පුරා සිටින අපගේ පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂමව සහ සමීපව රක්ෂණ සේවා සැපයීමේ අරමුණින් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකා දිවයින පුරා ව්‍යාප්ත කිරීම කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. වාරියපොළ නගරයේ විවෘත කරන ලද මෙම නව ශාකාව හරහා ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට නව රක්ෂණ සැළසුම් රැසක් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් ලබා ගත හැකියි.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා පැවසීය. “සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට හේතු වූයේ සමාගම හඳුන්වා දුන් නව රක්ෂණ සැළසුම් හා පාරිභෝගිකයන්ට සපයන විශිෂ්ට සේවයයි. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් වුණා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සහකාර සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) ශාලිය සිල්වා මහතා පැවසීය. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ රක්ෂණ පාරිභෝගිකයන් වෙනුවෙන් දක්වන දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන්ද සම්මානයට පාත්‍ර වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව