ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය ලබයි

Commercial-Bank

 



 

 

ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප‍්‍රකට ගෝලීය මූල්‍ය සගරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30වැනි වාර්ෂික සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසට නැවැත වරක් සම්මානයට ලක්විය.

කොමර්ෂල් බැංකුව මෙම ශූරතාව දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මාන උළෙලේ ආසියානු පැසිෆික් කලාපයේ හොඳම බැංකු 28ක ලැයිස්තුවේ නවතම සංස්කරණය යටතේ මෙම සම්මානය දිනා ගැනීමෙන් කොමර්ෂල් බැංකුව  ඕස්ටේ‍්‍රලියාවේ ANZ බැංකුව, චීනයේ ICBC බැංකුව, හොංකොං හි Bank of East Asia, ඉන්දියාවේ State Bank of India නවසීලන්තයේ ANZ බැංකුව සහ සිංගප්පූරුවේ DBS බැංකුව වැනි ප‍්‍රකට බැංකු අතරට එක් විය.

මෙසේ සම්මාන ලැබූ බැංකු දුෂ්කර වෙළෙඳපොළ තත්වයන් තුළ තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒ සඳහා ප‍්‍රවේශමෙන් සහ අනාගත සාර්ථකත්වය සඳහා අඩිතාලම දමමින් ශක්තිමත් ප‍්‍රතිඵල ලබාගත් බැංකු වෙයි. වේගයෙන් වෙනස් වන පොලී අනුපාත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම ජයග‍්‍රාහී සංවිධාන ඔවුන්ගේ වත්කම් සහ වගකීම් බුද්ධිමත් ආකාරයකින් කළමණාකරණය කළ බැව් සගරාව අවධාරණය කර ඇත.

මෙම ගෞරවනීය සම්මානය දිනාගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. ‘කොවිඞ් වසංගතයේ ආර්ථික බලපෑම් 2022 වසර තුලදීද පැවතියද, බැංකුව එම වසර ආරම්භ කළේ ස්ථාවර ද්‍රවශීලතා තත්ත්වය, ප‍්‍රාග්ධන අවරෝධකයන් සහ විචක්‍ෂණ ප‍්‍රතිපාදන ආවරණයෙන් ලබාගත් ශක්තියෙනි. මේ තත්ත්වයන් සාමුහිකව බැංකුවට තරගකාරී වාසියක් ලබාදුන් අතර, එය 2022 දී වර්ධන ගමන්මග වේගවත් කිරීමට මග පාදනු ලැබුවා. බදු වලට පෙර සහ පසු ඉහළම ලාභය, උසස්ම තැන්පතු පදනම සහ විශාලතම ණය පොත් ඇති පෞද්ගලික බැංකුව ලෙසට කොමර්ෂල් බැංකුව යළි සිය තත්ත්වය තහවුරු කර තිබෙනවා. එසේම අගැයුම් වර්ෂය තුළදී ඉහළම මුළු වත්කම් පදනම සහ ඉහළම වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණයද බැංකුව සතු වුණා.’ යැයි ඔහු ප‍්‍රකාශ කර සිටියේය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව