ශ‍්‍රී ලංකාවේ පළමු වරට ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් QR සක‍්‍රීය ගෙවීම් විකල්පයක් කොමර්ෂල් බැංකුවෙන්

A4

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ දිස්වන QR කේතය ඔවුන්ගේ ජංගම දුරකතන QR ගෙවීමේ ඇප් සේවාව තුළින් ස්කෑන් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් සහ ක්ෂණිකව ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ.

මේ ආකාරයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් පියවීම සඳහා QR කේත ගෙවීම් සක‍්‍රීය කළ පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

මෙහිදී, හිඟ මුදල් පියවීම සඳහා කාඞ්පත් හිමියන් www.combank.lk වෙබ් අඩවියට පිවිසිය යුතු අතර එහි මුල් පිටුවේ තිබෙන ‘Credit Card Payments’ ටැබ් එක තෝරාගත යුතුය. ඉන්පසුව, කාඞ්පත් හිමියා විසින් එයට කාඞ්පතේ තොරතුරු ඇතුළත් කර හිඟ මුදල් පියවීම සඳහා ‘Pay through QR’ යන විකල්පය තෝරාගත යුතුවේ.

කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකම LANKAQR යටතේ පවතින ශ‍්‍රී ලංකාවේ පළමු QR පදනම් කරගත් ගෙවීම් ඇප් පහසුකම වන අතර LankaQR ප‍්‍රමිතිය හෝ MasterCard QR හෝ Visa QR සහාය දක්වන ඇප් පහසුකම් තුළින්ද මෙම සේවාව ලබාගත හැකි බවද බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ පාරිභෝගික සහ වෙළඳ අයදුම් වැඩිදියුණු කළ අතර මෙම අයදුම් දෙකටම බයෝමෙටි‍්‍රක් ඔතෙන්ටිෆිකේෂන් ලොගින් පහසුකම සහ ස්වයං ලියාපදිංචි පහසුකම හඳුන්වා දෙන ලදී.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් බිල්පත් පියවීමට අමතරව 500 කට අධික Q+ පිළිගන්නා වෙළඳ ස්ථාන දිවයින පුරා පිහිටා තිබේ. මේ අතරට, පොත් සාප්පු, කොෆි ෂොප්ස්, අවන්හල්, විලාසිතා සැල්, මල් සාප්පු, ග්‍රොසරී, ලොන්ඩරි සේවා, හෝටල්, ඔසුසැල්, රෝහල්, ඡායාරූප ගන්නා ස්ථාන සහ සැලෝන් අයත් වේ. මෙම ස්ථාන වලට බැංකුවේ ගනුදෙනුකරුවන්ට QR ගෙවීම් කළ හැකිවේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව