– කොවිඩ්-19 වසංගතය අතරතුර ඩිජිටල් පරිශීලනය වැඩිවීමත් සමඟ දත්ත සුරක්ෂිතතාවට ඇති වැදගත්කම ද ඉහළ යයි
ඉකුත් ජනවාරි 28 වැනිදාට යෙදුණු ‘ජාත්‍යන්තර දත්ත රහස්‍යතා දිනය‘ නිමිත්තෙන් ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් සිදුකළ ගෝලීය සමීක්ෂණයකදී ලොව පුරා වයිබර් පරිශීලකයින්ගෙන් සියයට 77ක්, දත්ත රහස්‍යතාව අතිශය වැදගත් ලෙස සළකන බව අනාවරණය වී තිබේ. වයිබර් සංවිධානය කළ මෙම සමීක්ෂණයට පරිශීලකයින් 340,000ක් පමණ සහභාගී වී තිබුණි.
මෙම සමීක්ෂණයට ශ්‍රී ලාංකිකයන් ද සහභාගී වූ අතර, මෙරට වයිබර් පරිශීලකයින් අතරින් ද සියයට 79ක් දත්ත ආශ්රිත ඩිජිටල් රහස්‍යතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර කොවිඩ්-19 වසංගතයත් සමඟ බොහෝ දෙනෙකුගේ එදිනෙදා ජීවිතය ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. එනම් අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු මෙන්ම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ද, ජනතාව ඩිජිටල් අවකාශය කරා යොමු වෙමින් සිටී. වෙනකක් තබා තම පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් සමඟ සබඳතා පැවැත්වීමට ද ඩිජිටල් ඇප් භාවිත කිරීමට ජනතාව යොමු වී සිටී. මේ සියල්ල හමුවේ වුවද ඩිජිටල් රහස්‍යභාවය පිළිබඳව පරිශීලකයින් වැඩි ම අවධානයක් යොමු කරන බව රකුටෙන් වයිබර් සිදුකළ සමීක්ෂණයෙන් පිළිබිඹු වේ.
තව ද සමීක්ෂණයට සහභාගී වූ ජාත්‍යන්තර පරිශීලකයින්ගෙන් සියයට 79ක් ම සඳහන් කර තිබුණේ, තම රහස්‍යභාවයට යම් තර්ජනයක් එල්ල වේ නම් සන්නිවේදන ඇප් එක වෙනස් කිරීමට පවා ඔවුන් සූදානම් බව ය. ඔවුහු ඩිජිටල් රහස්‍යභාවය කෙරෙහි කෙතරම් අවධානයක් දක්වන්නේ ද යන්න එමගින් වඩාත් පැහැදිලි වේ.
ශ්‍රී ලාංකික පරිශීලකයින් අතුරින් ද සියයට 88ක් ම තම ඩිජිටල් ඇමතුම් සහ කෙටි පණිවුඩ එකිනෙක ග්රාහක අන්ත අතරට පමණක් සීමා කර තිබීම (end-to-end encryption) පිළිබඳව සන්නිවේදන ඇප් එකක් තෝරාගැනීමේදී සැළකිලිමත් වන බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
වයිබර් පිරිනමන පුද්ගලික ඇමතුම් හා කෙටි පණිවුඩ සංවාද සියල්ල, එකිනෙක ග්රාහක අන්තවලට පමණක් පිවිසිය හැකි ලෙස ආරක්ෂා කර තිබේ. එම නිසා අනවසරයෙන් කිසිදු බාහිර පාර්ශ්වයකට එවැනි කෙටි පණිවුඩ සංවාදයකට පිවිසිය නොහැක. ඊට අමතරව, රහස් අංකයකින් පමණක් පිවිසිය හැකි තම hidden chats විශේෂාංගය සමඟ ඩිජිටල් ආරක්ෂාව අතින් තවත් පියවරක් ඉදිරියට තැබීමට ද වයිබර් කටයුතු කර තිබේ.
“පෞද්ගලික සන්නිවේදන කටයුතු තමන්ගේ ලාභ ඉපැයීම් කටයුතු සඳහා යොදාගැනීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති මෙවන් වකවානුවකදී, ඩිජිටල් රහස්‍යතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙම සමීක්ෂණය හරහා වඩාත් තහවුරු වෙනවා. දත්ත සුරක්ෂිතතාව පිළිබඳව අපගේ පරිශීලකයින් විශාල අවධානයක් යොමු කරනවා. එය අපේත් ප්‍රමුඛතාවක්. අපි ඉදිරියටත් ලොව පුරා ජනතාවට ආරක්ෂිත සන්නිවේදන අවකාශයක් උදා කරදීමට කැපවී කටයුතු කරනවා”, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.