ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී එයාර්ටෙල් ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

Image1

 




 

කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය.

විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන යමින් ‘හොඳම සේව්‍ය සන්නාමය’ සඳහා එයාර්ටෙල් අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයට පාත‍්‍ර වීම මෙහිදී කැපී පෙනෙයි. මීට අමතරව මෙම සම්මාන උළෙලේදීම එයාර්ටෙල් හි නිපුණතා සංවර්ධන කළමනාකාරිනී ෂාරා රාජගුරු ‘වසරේ තරුණ මානව සම්පත් වෘත්තිකයා’ (‘Young HR Professional of the Year’) සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර එමගින් වැඩ කිරීමට සුදුසු සේවා පරිසරයක් නිර්මාණ කිරීමට එයාර්ටෙල් හි ඇති අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු වෙයි.

ලබා ගත් මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘2020 සැබවින්ම අභියෝගාත්මක වසරක් වුවත් පෙර නොවූ විරූ වෙනස්කම්වලට ඉක්මනින් හැඩගැසීමේ ඔවුන් තුළ වූ හැකියාව, දැඩි උනන්දුව හා ඔරෝත්තු දීම වැනි අපගේ සේවක සේවිකාවන්ගේ සැබෑ වටිනාකම් මෙහිදී නිරූපණය වුනා. එමෙන්ම අපගේ ශක්තිමත් මානව සම්පත් ක‍්‍රියාකාරීත්වය ද මීට අඛණ්ඩව සහාය දැක්වූවා.’’ යනුවෙන් පැවසුවේය.

ලෝක මානව සම්පත් සංවර්ධන (HRD) කොංග‍්‍රසය විසින් පවත්වන ලද ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ උපායමාර්ගික මානව සම්පත් ක‍්‍රමෝපායන් සහ අලෙවිකරණ සන්නිවේදන ප‍්‍රයත්නයන් හරහා කුසලතා සංවර්ධනය කිරීම, රඳවා තබා ගැනීම හා ආකර්ෂණය කරගැනීම සඳහා ඵලදායීව උත්සාහ කරන සමාගම් නිරූපනය කිරීමයි.

එයාර්ටෙල් ලංකා මානව සම්පත් ක‍්‍රමෝපායන් සඳහා උපාය මාර්ගික, සේවක හිතකාමී ප‍්‍රවේශයන් අනුගමනය කරනු ලබන්නේ ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වන සේවකයින්ට උපරිම හැකියාවන් වෙත ළඟා වීම සඳහා අවශ්‍ය පුහුණු වීම්, දැනුම හා අනෙකුත් සියලූම මෙවලම් ලබා දෙමින් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහාය.

2009 ජනවාරි 12 වැනි දින ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හඬ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර සඳහා www.airtel.lk වෙත පිවිසෙන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව