ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) වෘත්තීය අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට මුල්‍ය පහසුකම් සැපයීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වෙයි

Webp.net-resizeimage

 



 

 

 

එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත.

මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට ලබාදෙන සහන අතරට ආයතනයේ පාඨමාලා ගාස්තුවෙන් 90% ක් දක්වා පියවිය හැකි අඩු පොලියට ලබාදෙන අධ්‍යාපන ණය සහ කිසිදු පොලියකින් තොරව පහසු ගෙවීමේ සැලසුම් ඇතුළත් විශේෂ ක්‍රෙඩිට් කාඞ්පත් ඇතුළත් වේ. බැංකුව සඳහන් කරන්නේ මෙම ක්‍රෙඩිට් කාඞ්පත් පහසු ගෙවීමේ සැලසුම් වලට අදාළ වන හැසිරවීමේ ගාස්තු සහ කොමිස් ගාස්තු බැංකුව විසින් අය නොකරන බවයි.

මෙම විශේෂ අධ්‍යාපනික ණය සහ පහසු ගෙවීමේ සැලසුම්, ‘රක්ෂණ සහතිකපත‍්‍ර පාඨමාලාව’ සහ ‘රක්ෂණ ඩිප්ලෝමා පාඨලාව’ හැදැරීම සඳහා අදාළ වන බවත් මෙම පාඨමාලා එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනය සමග ඒකාබද්ධව පවත්වන බවත් බැංකුව සඳහන් කරයි. එසේම, කොමර්ෂල් බැංකුව පවසන්නේ ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් ලබාදෙන පදනම් සහ ඩිප්ලෝමා පාඨමාලා ඇතුළුව ඇතුළුවීමේ මට්ටමේ වෘත්තීය විභාග සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සිදුකළ හැකි බවයි.

ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සහ කොමර්ෂල් බැංකුව අතර ඇතිකර ගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකු සමූහයේ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව සෑමවිටම තම ගනුදෙනුකරුවන්ගේ වර්ධනය සහ ප‍්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරනවා. එසේම, රටේ සංවර්ධනයට දායකවීමටත් කොමර්ෂල් බැංකුව සෑමවිටම කැප වෙනවා. ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෘත්තීය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යනය කිරීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග ඇතිකර ගත් මෙම නවතම ඒකාබද්ධතාවය තුළින් වෘත්තීය සංවර්ධනයට අමතරව මෙම ක්ෂේත‍්‍රයේ වෘත්තීය විශිෂ්ටත්වය වර්ධනය වනු ඇතැයි ද අපි විශ්වාස කරනවා.’  කොමර්ෂල් බැංකුව මේ ආකාරයන්ම පසුගිය වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ පශ්චාත් උපාධි සිසුන්ට වරණීය පොලී අනුපාත සහ අනිකුත් ප‍්‍රතිලාභ සමග අධ්‍යාපනික ණය පහසුකම් ලබාදීමට ඒකාබද්ධ වූ අතර 2020 වසරේදී HCL Technologies Sri Lanka සමාගමේ පුහුණු සාමාජිකයින්ට සහ සේවකයින්ට සහනදායී අධ්‍යාපනික ණය ලබාදීමට අත්වැල් බැඳගන්නා ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව