ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ වයිබර් Group Calls විශේෂාංගය වැඩිදියුණු කෙරේ

Viber Image

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය ලොව පුරා වේගයෙන් වර්ධනය වීමත් සමඟ බොහෝදෙනෙකු නිරෝධායනය ක්‍රියාවලියට ලක්වෙමින් සිටී. මේ පසුබිම තුළ රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යංශය පෞද්ගලික සමාගම්වලින් ඉල්ලා සිටිනුයේ වෛරසයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා නිවසේ සිට සේවය කිරීමේ අවස්ථාව තම සේවකයින්ට ලබාදෙන ලෙසයි. ඒ අනුව ඇතැම් ආයතන දැනටමත් එසේ කටයුතු කිරීම අරඹා තිබේ.

නිවසේ සිට කාර්යාලයීය කටයුතු කිරීම යනු වර්තමානයේ ඉතාමත් ප්‍රායෝගික කටයුත්තකි. නිවසේ රැඳී සිටිමින් තම ආරක්ෂාව තහවුරු කරගන්නා අතරතුර, පරිගණක හා ස්මාට් දුරකථන භාවිතයෙන් ඵලදායී ලෙස රාජකාරි කටයුතු කිරීමේ අවස්ථාව සමාගම් සේවකයින්ට දුෂ්කර නැත. විශේෂයෙන්ම නිවසේ සිට රාජකාරි කිරීමේදී වයිබර් වැනි ඇප් භාවිත කිරීමෙන්, උපරිම කාර්යක්ෂමතාවක් සහ කාල කළමනාකරණයක් ළඟාකරගැනීමට හැකිවේ. කොවිඩ්-19 වසංගතය ලොව පුරා පැතිරෙමින් පවතින මේ මොහොතේදී ජනප්‍රිය වයිබර් ඇප් මෘදුකාංගය හරහා ඔබේ එදිනෙදා රාජකාරි කටයුතුවලට ලැබෙන සහයෝගය මෙසේ  ගෙනහැර දැක්විය හැක.

Group Calls හරහා රැස්වීම් පැවැත්වීම – විශාල පිරිසක් රැස්වීම මගින් කොවිඩ්-19 රෝගය පහසුවෙන් ව්‍යාප්ත වන නිසා ඔබේ ආයතනයේ රැස්වීම්, සාකච්ඡා ආදිය දුරකථන ඇමතුම්වලට සීමාකිරීම වඩාත් සුදුසු ය. එහිදී සාකච්ඡා පැවැත්වීම සඳහා Group calling පහසුකම භාවිත කළ හැක. කොවිඩ්-19 රෝග ව්‍යාප්තියත් සමඟම බොහෝ දෙනෙකුට දුරකථනය හරහා එකවර එකට සම්බන්ධ වීම පහසුකරවමින් Group calling සඳහා සම්බන්ධවිය හැකි පුද්ගල සංඛ්‍යාව දෙගුණයකින් වැඩිකිරීමට වයිබර් තීරණය කර ඇත. ඒ අනුව දැන් වයිබර් භාවිතා කරමින් පුද්ගලයින් 20 දෙනෙකුට එකවර Group call එකකට සම්බන්ධවිය හැක.

“මේ අභියෝගකාරී කාලසීමාව තුළ ජනතාවට ශාරීරිකව එකම ස්ථානයක නොසිටියත්, සමූහයක් ලෙස එක්වීම සඳහා අවස්ථා සලසාදීමට අපි කැපවී ක්‍රියාකරනවා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ බොහෝ දෙනෙක් සේවා ස්ථානයෙන් බැහැරව රාජකාරි කිරීමට පෙළඹී සිටිනවා. එවන් අවස්ථාවකදී, ජනතාවට ආරක්ෂිත පරිසරයක සිටියදීම තමන්ගේ ආදරණීයයන් හා සම්බන්ධ වීමට හා තම රාජකාරි කටයුතු කිරීමටත් සහායවීම අපේ අරමුණයි” යනුවෙන් Rakuten Viber ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඔෆිර් එයාල් පැවසීය.

විශාල ලිපිගොනු යැවීම – වයිබර් හරහා ලිපිගොනු පහසුවෙන් හුවමාරු කරගත හැක. ඒ අනුව ඔබේ කාර්යාලයීය සගයින් හා ව්‍යාපාර සහකරුවන් සමඟ වැදගගත් වාර්තා සහ ඉදිරිපත්කිරීම් ක්ෂණිකව හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවේ. වයිබර් ඇප් එක හරහා ඍජුවම මෙගා බයිට් 200ක් දක්වා වූ අයිතම හුවමාරු කරගත හැක. ඊට වඩා බරකින් යුත් ලිපිගොනු සඳහා වුවද ඊට අදාළ ක්ලවුඩ් සේවාවන්හි ලින්ක් වයිබර් හරහා හුවමාරු කරගැනීමේ හැකියාව පවතී.

පරිගණකයෙන් වැඩකරන්න – වයිබර්හි පරිගණක මෘදුකාංගය හරහා ද සියලු චැට්කිරීම්, ඇමතුම් ලබාගත හැකි නිසා කාර්යාලීය සගයින් හා ගනුදෙනුකරුන් සමඟ නිවසේ සිටම කටයුතු කිරීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම එහි ඇති screen sharing විශේෂාංගය හරහා ඔබ පරිගණකයේ කරන ක්‍රියාකාරකම් අන් අයට ද දැකගැනීමේ හැකියාව ඇත. කණ්ඩායමක් ලෙස වීඩියෝවක් නැරඹීම හෝ වෙනත් රාජකාරිමය ඇප් එකක් පිළිබඳ අන් අයට විස්තර කිරීම වැනි අවස්ථාවකදී එය ඉතා ප්‍රයෝජනවත් ය.

ලොව ඕනෑම තැනක සිටින කෙනෙකුට කතාකරන්න – රටින් රට ගමන් කිරීම සෑම කෙනෙකුටම පහසු නැත. එහෙත් Viber Out විශේෂාංගය හරහා ලොව ඕනෑම තැනක සිටින කෙනෙකුට ඉතා සුළු මුදලකට දුරකථන ඇමතුම් ලබාගත හැක.

වයිබර් ගෙනෙන මෙවැනි විශේෂාංග සමඟින් කිසිදු වෙනසකින් තොරව නිවසේ සිටම සේවා ස්ථානවල කටයුතු සිදුකළ හැක. ඒ අනුව බලනකල, ඔබේ දත්තවල ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරකින අතරේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීමට ද වයිබර් ලබාදෙන්නේ විශාල දායකත්වයකි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව