ශ්‍රී ලංකාවේ දැනට පවතින ඖෂධ හිඟය පිළිබඳව ඖෂධ කර්මාන්තය සත්‍ය පැහැදිලි කරයි

Webp.net-resizeimage

 

 



 

 

 

  • මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව SLCPI තහවුරු කරයි
  • ප‍්‍රායෝගික නොවන මිල රෙගුලාසි ඖෂධ ලබා ගැනීමට බාධාවක් වී ඇති බව සඳහන් කරයි
  • බැංකුවල ඩොලර් හිඟය ආනයනය තවදුරටත් ප‍්‍රමාද කිරීමට හේතු වී ඇත

2022 මාර්තු 02 කොළඹදීත රටේ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වීයx

මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව SLCPI නිලධාරීන් තහවුරු කළ අතර, අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළුව අනෙක් සියලූම සැපයුම් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳව ද ඔවුන් මෙහිදී සිය අදහස් ප‍්‍රකාශ කරන ලදී.

භාණ්ඩ ප‍්‍රවාහනයේදී ඇති අභියෝග හා ඖෂධ නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි ගෝලීය ගැටළු හේතුවෙන් ඖෂධ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ දැනට පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟයට බලපාන ප‍්‍රධාන කරුණු දෙකක් කර්මාන්තයේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

ප‍්‍රායෝගික නොවන මිල රෙගුලාසි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් පනවා ඇති ප‍්‍රායෝගික නොවන මිල රෙගුලාසි හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීම් පවත්වාගෙන යාමට තමන්ට මේ වන විට නොහැකි වී ඇති බව ඖෂධ කර්මාන්තය පෙන්වා දුන්නේයx මිල යාන්ත‍්‍රණයකින් තොරව සියලූම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 2016 ඔක්තෝම්බර් මාසයේ සිට මිල පාලනයක් යටතේ පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් SLCPI සඳහන් කරන්නේ ”විනිමය අනුපාත, ඉන්ධන පිරිවැය, පොළී සහ උද්ධමනය වැනි සමස්ත ඖෂධ කර්මාන්තය සඳහා ප‍්‍රධාන වශයෙන් බලපානු ලබන සාධකවල පිරිවැය පාලනය කිරීමට තිරසාර මිල යාන්ත‍්‍රණයක් උපකාර වනු ඇත. කර්මාන්තයට සහ රෝගියාට දරාගත හැකි වන ආකාරයේ මිල යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන ලෙස අධිකරණය විසින් NMRA වෙතින් ඉල්ලීමක් කළ ද එය තවමත් සිදුවී නෑ.’’ යනුවෙනි.

සැලකිය යුතු කාලයක් වෙළෙඳපොලේ පවතින ඖෂධ නිෂ්පාදන නැවත ලියාපදිංචි කිරීමට සහ නව ඖෂධ ලියාපදිංචි කිරීමට අවසර ලබා දීමේදී NMRA හි අනවශ්‍ය ප‍්‍රමාදයක් ඇති බව කර්මාන්තය වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඖෂධ ලියාපදිංචියට අදාල ගාස්තු කලින් පැවති මිලට වඩා 11 ගුණයකින් ඉහළ ගොස් තිබේ. එනිසා NMRA හි සේවය පිළිබඳව සෑහිමකට පත් විය නොහැකි බව ඔවුන් සඳහන් කරයි.

‘‘ඖෂධ ලියාපදිංචි කිරීමට අනුමැතිය සහ ආනයන බලපත‍්‍රවලට අවසර ලබා දීම සඳහා ලියකියවිලි සැකසීමේදී දැඩි ප‍්‍රමාදයක් පවතිනවා’’ යනුවෙන් SLCPI වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලර් හිඟය

”ඖෂධ නිෂ්පාදනවලින් 85%ක් ආනයනය කරනු ලබන අතර මෙම ආනයන සඳහා ගෙවීම් කරනු ලබන්නේ ඇමරිකානු ඩොලර්වලින්. මේ වනවිට රට තුළ පවතින ඩොලර් හිඟය නිසා අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම දැඩි ලෙස අපහසු වී තිබෙනවා. මීට අමතරව සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගෙවීමට නොහැකි තත්වයක් පවා මතුව තිබෙනවා. මේ හේතුවෙන් සැපයුම්කරුවන් තවදුරටත් ශ‍්‍රී ලංකාවට ඖෂධ සැපයීමට උනන්දුවක් නැති බවක් පෙනෙන්නට තිබෙනවා.” යනුවෙන්  SLCPI අවධාරණය කළේය.

ඖෂධ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ණයවර ලිපි (LC’s) නිකුත් කිරීමට බැංකුවලට අපහසු වීම නිසා මෙම තත්ත්වය තවදුරටත් උග‍්‍ර වී තිබේ. ප‍්‍රමාණවත් ඩොලර් ලැබෙන තුරු ණයවර ලිපි නිකුත් කිරීමට බැංකු තවදුරටත් ප‍්‍රමාද කොට තිබෙන අතර එනිසා රෝගීන්ගේ අවශ්‍යතා අනුව නොව ඩොලර් ප‍්‍රමාණය අනුව මේ වන විට ඖෂධ ආනයනය කිරීම සිදු වන බව කර්මාන්තය මෙහිදී සඳහන් කළේය.

”අපගේ ප‍්‍රමුඛතාවය වන්නේ අපගේ රෝගීන්ගේ යහපැවැත්මයි. වසංගතය අතරතුර ඉතා අසීරු වාතාවරණයන්හිදී ඖෂධ සැපයුම් අඛණ්ඩ සහතික කිරීම තුළින් අප මෙය මනාව පෙන්නුම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ක්ෂණික ඖෂධ අවශ්‍යතාවන් සුරක්ෂිත කිරීමට හා ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා රජය හා අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් සමීපව කටයුතු කිරීමට අප සූදානම්. නමුත් ඩොලර් හිඟයට විසඳුම් ලබා දීම සහ සැමට පිළිගත හැකි සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු මිල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීම ද ඉතා වැදගත් බවද අප පෙන්වා දීමට කැමතියි.” යනුවෙන් SLCPI වැඩිදුටත් අවධාරණය කළේය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව