ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීමට කැපවී සිටින Daraz සමාගමේ ප්‍රධානීහු අග්‍රාමාත්‍යවරයා හමුවෙති

Daraz Mahinda

 



 

 

 

2022 පෙබරවාරි 14 සහ 15 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ Daraz සමාගමේ නිර්මා‍තෘ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වන බ්ජාර්කේ මික්කෙල්සෙන් මහතා ගරු අග්‍රාමාත්‍ය   මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර, එහි දී ඔවුහු  මෙරට ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයේ වර්ධනය, පාරිභෝගිකයින් හා අලෙවිකරුවන් තුළ වැඩිවන ඩිජිටල් භාවිතය  සහ  මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා Daraz  සමාගමෙහි කැපවීම ආදී කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවේ නිරත වූහ. එමෙන් ම ගරු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චරිත් විජේසිංහ Daraz Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ශ්‍රී ලංකා ප්‍රධානී රඛිල් ප්‍රනාන්දු,  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දර්ශික අත්තනායක, රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී අනිෂ්කා ද සිල්වා සහ පරිපාලන, ප්‍රසම්පාදන හා රාජ්‍ය සබඳතා ප්‍රධානී මලිත් රණදේව යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සාකච්ඡාව අතරතුර දී මික්කෙල්සෙන් මහතා, ලෝක ප්‍රකට Alibaba සමාගම විසින් චීනයේ පැවැත්වීමට නියමිත, ප්‍රතිපත්ති සම්පාදකයින් හා නියාමකයින්  ඉලක්ක කරගත් නව ආර්ථික වැඩමුළුවට සහභාගි වන ලෙස මෙරට  රජයට ආරාධනා කළේය. එමෙන් ම එම සාකච්ඡාවේ දී  මික්කෙල්සෙන් මහතා ඇතුළු කණ්ඩායම, විකුණුම්කරුවන්, කාන්තා ව්‍යවසායකයින් සහ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල දී ගන්නා පාරිභෝගිකයින් ඇතුළු මෙරට ජනතාව සවිබලගැන්වීම වෙනුවෙන්  Daraz සමාගම ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේ ය.

එමෙන් ම එම සාකච්ඡාවේ දී මෙරට ආර්ථිකය නංවාලීම උදෙසා රජයේ ප්‍රතිපත්ති මාලාවට අනුකූල වෙමින් සහ සියලු ම ශ්‍රී ලාංකිකයන්ට සමාන අවස්ථා ලබා දෙමින්,  ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථාවන්  උත්පාදනය සඳහා Daraz සමාගමට සහය විය හැකි ආකාරය පිළිබඳව සියලු ම දෙනාගේ අවධානය යොමු විය.

“අපි ශ්‍රී ලංකාව තුළ කිසිවෙකුගේ අවධානය යොමු නොවූ ඊ-වාණිජ්‍ය අවස්ථාවන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. එම නිසා ම ඩිජිටල් ආර්ථිකයක තිබෙන වටිනාකම සහ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කිරීම වෙනුවෙන් Daraz සමාගම කැපවෙනවා. ඒ වගේ ම විකුණුම්කරුවන්ගේ හා පාරිභෝගික ජනතාවගේ දැනුම වර්ධනය කිරීම, මූල්‍ය සේවාවන් පුළුල් කිරීම සහ ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රය වෙත ග්‍රාමීය ජනතාවගේ සහභාගිත්වය වැඩි කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි ඉදිරි වසරවල දී අපගේ දැඩි අවධානය යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රය රටේ ආර්ථිකය නැංවීමට අත්‍යවශ්‍ය අංශයක් නිසා ම අපගේ සේවාවන් සඳහා රජයේ සහයෝගය උපරිමයෙන් ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මික්කෙල්සෙන් මහතා පැවසුවේ ය.

Daraz Sri Lanka සමාගම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100,000 ක් සිය වෙබ් අඩවිය හා සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් නව රැකියා අවස්ථා 300,000 ත් 400,000 ත් අතර  ප්‍රමාණයක් නිර්මාණය කිරීම එම සමාගමේ අරමුණ යි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව