ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ කොමර්ෂල් බැංකුව වෙනුවෙන් පිටියට

Matheesha Pathirana Brand Ambassador (LBN)

මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතයේ සන්නාම තානාපති ලෙස දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පත්කරයි

මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ.

විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු ප්‍රසිද්ධිය උසුලන ඔහුගේ ගුණාංග වන වේගය සහ කඩිසර බව මෙම වෙළඳ සන්නාමය තුළ ද පවතින බව පිළිබිඹු කරමිනි. වයස අවුරුදු 22ක ලාබාල වයසක සිටිය ද මෙම දකුණත් වේග පන්දු ක්‍රීඩකයා දැනටමත් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ජනප්‍රිය නාමයක් වී ඇත. බැංකුව පැවසුවේ ශ්‍රී ලංකාවේ වඩාත් ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුවේ වටිනාකම් සමඟ මනාව ගැලපෙන ගුණාංග ඇති මෙම තරුණ ක්‍රීඩකයා විශිෂ්ඨත්වය, කැපවීම, සහ නොපසුබස්නා බවෙහි ප්‍රතිමූර්තියක් බවයි.
 



 
“කොමර්ෂල් බැංකුව සඳහා සන්නාම තානාපති වශයෙන් මතීෂ පතිරණ අප උද්යෝගයෙන් පිළිගනු ලබනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “ඔහු ජාත්‍යන්තරව කීර්තියටපත් වේග පන්දු යවන්නෙක් සහ ක්‍රීඩාව වෙනස් කිරීමට හැකියාව ඇති ක්‍රීඩකයෙක්. මෙම එක්වීමෙන්, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ගෝලීයව විශිෂ්ටත්වය සඳහා කැපවීම ප්‍රවර්ධනය කිරීම අප ඉලක්ක කරනවා.”

මහනුවර ඉපිද ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මතීෂ, වත්මන් නවසීලන්ත චාරිකාවට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර එක්දින තරඟ 12 දී කඩුලු 17ක් දවාගෙන ඇති අතර ඒ 29.8ක ප්‍රහාරක වේගයකිනි. ඔහුගේ ජාත්‍යන්තර T20 ක්‍රීඩාවල වාර්තාව මීටත් වඩා ආකර්ෂනිය වන්නේ 10.5ක විශ්මිත ප්‍රහාරක වේගයකින් තරඟ 17කදී කඩුලු 28ක් දවාගෙන තිබීම නිසාවෙනි. ජනප්‍රිය එම්. එස්. දෝනි ඔහුගේ උපදේශකයා වූ, ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරඟාවලියේ දී, මතීෂ චෙන්නායි කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් 13.2ක ප්‍රහාරක වේගයකින් කඩුලු 34ක් දවාගැනීමට සමත් විය.

කොමර්ෂල් බැංකුව වීසා, මාස්ටර්කාඩ්, යූනියන් පේ, සහ ලංකා පේ (JCB) යන සන්නාම වල ඩෙබිට් කාඩ්පත් නිකුත් කරයි. සියලුම ComBank කාඩ්පත් නිතැතින් ම ජාත්‍යන්තරව වලංගු වන අතර විද්‍යුත් වාණිජ්‍ය සහ මාර්ගගත මිලදී ගැනීම් වැනි කාඩ්පත් සහිත හා කාඩ්පත් රහිත යන ගනුදෙනු කාණ්ඩ දෙකටම වලංගු වේ. ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව පුරා අලෙවිසැල් 7000කට අධික ප්‍රමාණයක පිළිගන්නා ComBank shopping ඩෙබිට් කාඩ්පත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සඳහා වන පහසුම ක්‍රමය වේ.

කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් සේවාව සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වල සිට තරුණ, වනිතා, සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු විවිධ වූ අංශ සඳහා විශේෂිත තැන්පතු ගිණුම් දක්වා වූ විවිධ ඉතුරුම් හා ජංගම ගිණුම් සඳහා ලබාදෙයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී එස් ප්‍රභාගර් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ, මතීෂ සමඟ සන්නාම තානාපති ගිවිසුම අත්සන් කරන අවස්ථාවයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව