ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, 2024 වසරේ වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්වෙයි

SLIC

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), පසුගියදා LMD සඟරාව විසින් 2024 වසර සඳහා වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අගයනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) හි කැපවීම මෙලෙස වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයුම් ලැබීමට හේතු වී තිබේ.

 



 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත මෙවැනි ඇගයීමක් ලැබීම ඔස්සේ, සුවිශේෂී වූ පාරිභෝගික සේවාවක් ලබා දීමට ඇති කැපවීමත්, පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුමත් ඉස්මතු වේ. සුවිශේෂී සේවා සහ තරඟකාරී සේවා ලබාදීම් වලට ප්‍රමුඛත්වය ලබාදෙමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, සියලුදෙනාගේම විශ්වාසදායක සාමාන්‍ය රක්ෂණ සහකරුවා ලෙසට සිය නාමය ස්ථාපනය කරගෙන ඇති බවට මෙය සාක්ෂියකි.

2024 වසරේ වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසින් LMD විසින් සිදුකළ මෙම ඇගයුම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, තම සියලුම පාරිභෝගිකයින් හට, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුකූල නම්‍යශීලී සේවා සැපයීම සඳහා වන අචල කැපවීම පිළිබිඹු කරන්නකි. ගනුදෙනුකරුවන් වෙත සපයනු ලබන සේවා පෙළ අඛණ්ඩව වැඩි දියුණු කරමින්, සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළම තේරීම බවට පත්වීමේ ඉලක්කය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්  සිය අරමුණ කොට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, දිනෙන් දින වෙනස් වෙන වෙළෙඳ පොලට ගැලපෙන ලෙසින් නව්‍යකරණය වීමට සහ අනුවර්තනය වීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි. නූතන පරිභෝගිකයින්ගේ සුවිශේෂිත වූ අවශ්‍යතා සැපිරීමට හැකි, ඒ වෙනුවෙන්ම සැකසූ රක්ෂණ විසඳුම්, සමාගම විසින් හඳුන්වා දී ඇත. ඊට අමතරව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, තරඟකාරී මිල ගණන් සහ නම්‍යශීලී රක්ෂණ සැලසුම් නිරන්තර සිය පාරිභෝගිකයාහට හඳුන්වා දේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව