ශ්‍රී ලංකාව 2024දී මිලියන 8.6කට වැඩි සයිබර් ප්‍රහාරවලට ගොදුරු වී ඇති බව Kaspersky හෙළිදරව් කරයි

kaspersky

ශ්‍රී ලංකාව තුළ 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වසරක කාලයේදී අන්තර්ජාලය ආශ්‍රිත සයිබර් ප්‍රහාර සිදුවීම් 8,696,292 හඳුනාගැනීමට හැකිවූ බව Kaspersky Security Bulletin පසුගියදා අනාවරණය කළේය. වෙනත් අයුරකින් පවසතොත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් මිලියන 8.6ක් පසුගිය වසරේදී සයිබර් ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ. 2025 වසරේ ගෝලීය වෙබ් ආශ්‍රිත සයිබර් අපරාධ සිදුවීම්වලින් 22වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබීම ද මෙම සයිබර් ප්‍රහාරවල ශීඝ්‍ර වර්ධනය පිළිබිඹු කරයි.

අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන මෙම සයිබර් ප්‍රහාර මගින් අවදානම් සහිත, දුර්වල වෙබ් සේවා භාවිත කරන මෙන්ම දෝෂ සහිත මෘදුකාංග භාවිත කරන පරිශීලකයින් ගොදුරු කරගැනේ. එය තනි පුද්ගල පරිශීලකයින්ට මෙන්ම ව්‍යාපාරවලට ද දැඩි හානියක් එල්ල කිරීමට සමත් ය.

 



 

Kaspersky වාර්තාවට අනුව වෙබ් බ්‍රවුසර් ආශ්‍රිත දුර්වලතා (Drive-By Download)  ශ්‍රී ලංකාව තුළ සයිබර් ප්‍රහාරවලට ප්‍රමුඛ හේතුවකි. එනම්, පරිශීලකයාගේ දැනුවත්වීමකින් තොරවම පරිගණක වෛරස ඇතුළුවීමක් සිදුවේ. කිසිදු ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව මෙසේ පරිගණක සහ උපාංගවලට ඇතුළුවන වෛරස වඩාත් භයානක වේ. එනම් ඒවා පද්ධතියට ඇතුළුවුව ද දෘඪාංගවල දර්ශනය නොවන බැවින් හඳුනාගැනීම දුෂ්කර ය.

Machine learning සහ චර්යාත්මක විශ්ලේෂණය මගින් බලගැන්වුණු Kaspersky හි පරිගණක වෛරස හඳුනාගැනීමේ විශේෂාංගය හරහා එවැනි අලුත්ම වෛරස පවා හඳුනාගැනීමේ හැකියාව තිබේ. තව ද වෛරස සහ සයිබර් ප්‍රහාර හඳුනාගත් මොහොතේදීම ඒවා නවත්වාගැනීමේ තාක්ෂණය ද Kaspersky සතු ය.

ඊට අමතරව පරිශීලකයාගේ අනුමැතිය ද සහිතව වෛරස ඩවුන්ලෝඩ් කිරීමට තැත් දරන සයිබර් ප්‍රහාර ද පවතී. පිළිගත් මෘදුකාංගයක් ඩවුන්ලෝඩ් කරන ආකාරයට පරිශීලකයා රවටමින් වෛරසය පරිගණකයට ඩවුන්ලෝඩ් කිරීම එමගින් සිදුවේ. මෙවැනි නවීන සයිබර් ප්‍රහාර වළක්වාගැනීම වෙනුවෙන් නවීනම තාක්ෂණය යොදාගැනීමට Kaspersky ක්‍රියාකර තිබේ.

″අඛණ්ඩව සයිබර් ප්‍රහාරවල වැඩිවීමත් සමඟ මේ වසරේදී ශ්‍රී ලාංකික ව්‍යාපාර තම සයිබර් ආරක්ෂාව පිළිබඳ අලුතින් සිතීමට කාලය එළඹී තිබෙනවා. එහිදී සාම්ප්‍රදායික ආරක්ෂණ ක්‍රමවේද ගැන පමණක් විශ්වාස තැබීම ප්‍රමාණවත් නැහැ. තාක්ෂණිකව වැඩිදියුණු සයිබර් ප්‍රහාර වළක්වාගැනීමට එවැනිම තාක්ෂණිකව උසස් සයිබර් ආරක්ෂණ ක්‍රමවේද භාවිත කළ යුතුයි″, යනුවෙන්  Kasperskyහි ආසියානු නැඟීඑන වෙළෙඳපොළ විකුණුම් අංශ ප්‍රධෘනී සෑම් යන්ග් මහතා ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් Kaspersky වෙතින් නවතම Kaspersky Unified Monitoring and Analysis Platform (KUMA) හඳුන්වා දී තිබේ. එය සයිබර් ප්‍රහාර නිරීක්ෂණය සහ විශ්ලේෂණය එකවර සිදුකළ හැකි කොන්සෝලයකි. ඒ හරහා ඩිජිටල් පරිවර්තනයට සාර්ථකව හැඩගැසෙන අතරතුර ඩිජිටල් ආරක්ෂාව තරකරගැනීමට ද ව්‍යාපාර සහ ආයතනවලට අවස්ථාව උදාවේ.

KUMA පිළිබඳ වැඩිදුර තොරතුරු https://support.kaspersky.com/help/KUMA/1.5/en-US/217694.htm වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර සයිබර් ප්‍රහාර වාර්තාව Securelist.com හරහා පරිශීලනය කළ හැක.

Kaspersky යනු 1997 වසරේ සිට ගෝලීය සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් රහස්‍යතාව වෙනුවෙන් කැපවී ක්‍රියාකරන සමාගමකි. ලොව පුරා බිලියනයකට වැඩි ඩිජිටල් උපාංගවලට ආරක්ෂාව සපයන Kaspersky සමාගම මගින් ගෝලීය ව්‍යාපාර ආයතන, වැදගත් මරමස්ථාන, රාජ්‍ය ආයතන මෙන්ම පාරිභෝගිකයින් ද වෙනුවෙන් සයිබර් ආරක්ෂාව සැපයීමට නවීන සහ පරිවර්තනීය තාක්ෂණික විසඳුම් භාවිත කෙරේ. වර්තමානයේදී ලොව පුරා ව්‍යාපාරික ආයතන සහ සමාගම් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයකට සයිබර් සහ ඩිජිටල් ආරක්ෂාව සපයනු ලබන්නේ Kaspersky විසිනි. Kaspersky පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.kaspersky.com වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව