ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක්: JKCG Auto 2024 EV Motor Show හිදී BYD නව බලශක්ති වාහන (NEVs) එළිදක්වයි

Image 03
  • සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියා කරන BYD ATTO 3, BYD DOLPHIN සහ BYD SEAL මෝටර් රථ එළිදක්වයි
  • BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ්‍රී ලංකාවට
  • ශ්‍රී ලංකාව තුළ EVs සඳහා වූ ප්‍රථම ප්‍රදර්ශනාගාරය ළඟදීම විවෘත කරමින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට ද පියවර
  • විද්‍යුත් වාහන හිමිකරුවන්ට කිසිඳු බාධාවකින් තොරව charge කිරීමේ පහසුකම් සහිතව පුළුල් charge කිරීමේ ජාලයක්

ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global හි අනුබද්ධිත සමාගමක් වන CG Auto පුද්ගලික සමාගම අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන JKCG Auto පුද්ගලික සමාගම EV Motor Show 2024 හිදී සම්පූර්ණයෙන් විදුලියෙන් ක‍්‍රියා කරන BYD විසින් නිෂ්පාදනය කරනු ලබන BYD නව බලශක්ති වාහන නිල වශයෙන් එළිදැක්වීය. මෙය මෙරට තිරසාර ගමනාගමනය සඳහා අති නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

 



 

2024 ජුනි මස 28 වනදා සිට 30 වනදා දක්වා BMICH හිදී පැවැත්වෙන මෙම මෝටර් රථ ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති නවීන BYD NEVs මහජනතාව වෙත නිරාවරණය කරන ලදී.

ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් මෙම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.

ඒ අනුව මෙම ප‍්‍රදර්ශනයේදී සම්පූර්ණයෙන් විදුලියෙන් ක‍්‍රියා කරන BYD විසින් නිෂ්පාදනය කරනු ලබන BYD නව බලශක්ති වාහන සමූහය එළිදැක් වූ අතර එයට ආකර්ෂණීය පෙනුම, 650km ක් දක්වා දිගු ධාවන කාලය සහ තත්පර 3.8 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගය වැඩි කිරීමේ හැකියාව සහිත සුඛෝපභෝගී සෙඩාන් BYD SEAL: පුළුල් ඉඩකඩ, උසස් තත්වයේ ආරක්ෂිත විශේෂාංග සහ 480km ක් දක්වා දිගු ධාවන කාලයක් සහිත පවුලේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති SUV මෝටර් රථයක් වන BYD ATTO 3 ඇතුළුව කුඩා එහෙත් ප‍්‍රබල කාර්යසාධනය, කාර්යක්ෂම බව, 410km ක් දක්වා දිගු ධාවන කාලය මෙන්ම තත්පර 7.9 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගය වැඩි කිරීමේ හැකියාවෙන් යුත් BYD DOLPHIN යන EVs අයත් විය.

තවද 1,100km ක් දක්වා දිගු ධාවන කාලයක් සහිත BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD ​​DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව නව බලශක්ති වාහන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සිය කැපවීම ශක්තිමත් කරමින් JKCG Auto විසින් BYD මෝටර් රථ සහ විද්‍යුත් (EV) වාහනවලට දැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින් සඳහා කොළඹ, අති නවීන පහසුකම්වලින් සමන්විත ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට ද සැලසුම් කර ඇත. ඉදිරි සති කිහිපය තුළදී මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත මෙම ප‍්‍රදර්ශනාගාරය හරහා මෙවැනි අති නවීන මෝටර් රථ වල ඇති උසස් තාක්ෂණය, විශේෂාංග සහ ප‍්‍රතිලාභ මනාව විදහා දක්වමින් නරඹන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නිසැකය.

මේ අතර JKCG Auto විසින් දේශීය කුසලතා වැඩිදියුණු කිරීමට සහ කලාපය තුළ නව බලශක්ති වාහන (NEVs) සඳහා විශේෂ කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීමට BYD සමඟ ඇති හවුල්කාරිත්වය තවදුරටත් උපරිම ලෙස භාවිත කරමින් සිටී. මේ සඳහා, BYD විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම EVs සඳහා වූ අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා ස්ථානය සඳහා පළමු කණ්ඩායම පුහුණු කිරීම ආරම්භ කර ඇති අතර එමගින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වන පරිදි දේශීය කුසලතා ඉහළ නංවා ගැනීම අරමුණු කරගත් අනාගත සහයෝගීතාවයන් සඳහා පූර්වාදර්ශයක් සපයයි.

මීට අමතරව JKCG Auto විසින් දිවයින පුරා EV charge කිරීමේ පුළුල් ජාලයක් පිහිටුවීම සඳහා JKH සතු සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් ශ‍්‍රී ලංකාව තුළ තිරසාර ප‍්‍රවාහන යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමට ඇති සමාගමේ කැපවීම ශක්තිමත් කළේය. ඉක්මනින් charge කිරීමේ පහසුකම් ඉදිරි මාස කිහිපය තුළ නිම කිරීමට නියමිතය. ඒ හරහා EV වාහනවලට තුන් ගුණයක් වේගයෙන් charge කිරීමේ හැකියාව ලැබෙන අතර EV හිමිකරුවන්ට මෙය මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

John Keells CG Auto පුද්ගලික සමාගම (JKCG) යනු John Keells Holdings PLC හි අනුබද්ධිත සමාගමකි- 2023 වසරේදී මෝටර් රථ කර්මාන්තයට පිවිසි JKCG Auto ශ්‍රී ලංකාවේ BYD මගී වාහන, අමතර කොටස් සහ සේවා සඳහා බලයලත් බෙදාහරින්නා වේ. එම සමාගම නව බලශක්ති වාහන (NEV) පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට, NEV සඳහා නව ප්‍රමිතීන් සැකසීමට සහ ශ්‍රී ලංකාවේ EV සඳහා යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීමට කැපවී සිටී.

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

වසර 140 කට අධික ඉතිහාසයක් ඇති CG Corp Global යනු ඩුබායි හි පිහිටි කීර්තිමත් බහුජාතික සමාගමක් වන අතර එහි Global Electric Mobility ප්‍රධාන මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇත. අද වන විට එම සමාගම නේපාලයේ විශාලතම හා ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම බවට වර්ධනය වී ඇත. මේ වන විට CG Corp Global පුද්ගලයින් 20,000කට සේවය සලසා ඇති අතර විවිධ ව්‍යාපාරික අංශ ආවරණය කරමින් රටවල් 32කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ.

බැටරි නිෂ්පාදකයෙකු ලෙස 1995 දී ආරම්භ කරන ලද බහුජාතික අධි-තාක්ෂණික සමාගමක් වන BYD, මෝටර් රථ, දුම්රිය ප‍්‍රවාහනය, නව බලශක්තිය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආවරණය කරන පුළුල් විවිධාංගීකරණය වූ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත. චීනය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, බ‍්‍රසීලය, හංගේරියාව සහ ඉන්දියාව ඇතුළුව ලොව පුරා කාර්මික උද්‍යාන 30 කට අධික සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වන BYD තාක්ෂණික නවෝත්පාදනයන් පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා කිරීමට කැපවී සිටී. ශුන්‍ය කාබන් විමෝචන බලශක්ති විසඳුම් සඳහා විශේෂිත වූ BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක, රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සහ නගර 400 කට වඩා වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාක්මක වේ. ෆෝචූන් ග්ලෝබල් 500 සමාගමක් ලෙස හොංකොං සහ ෂෙන්සෙන් කොටස් වෙළඳපොලවල ලැයිස්තුගත කර ඇති BYD හරිත ලෝකයක් කරා යන ගමනේදී කැපවීමෙන් කටයුතු කරයි. වැඩි විස්තර සඳහා www.bydglobal.com වෙත පිවිසෙන්න.

වසර 140 කට අධික ඉතිහාසයක් ඇති CG Corp Global යනු ඩුබායි හි පිහිටි කීර්තිමත් බහුජාතික සමාගමක් වන අතර එහි Global Electric Mobility ප්‍රධාන මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇත. අද වන විට එම සමාගම නේපාලයේ විශාලතම හා ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම බවට වර්ධනය වී ඇත. මේ වන විට CG Corp Global පුද්ගලයින් 20,000කට සේවය සලසා ඇති අතර විවිධ ව්‍යාපාරික අංශ ආවරණය කරමින් රටවල් 32කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. CG Corp Global 2001 වසරේ සිට විශේෂයෙන්ම කොළඹ Taj Samudra, Jet Wing, CHC, etc. වැනි ප්‍රමුඛ පෙළේ හෝටල් සමඟින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩව ආයෝජනය කර ඇත. මීට අමතරව, සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ එහි ජනතාව කෙරෙහි විශ්වාසය පෙන්නුම් කරමින් කොළඹ යුනියන් බැංකුව හරහා මූල්‍ය සේවා අංශයේ සැලකිය යුතු අත්පත් කර ගැනීම් සිදු කර ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව