ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශගුණ සමුළුව සඳහා අමානා බැංකුව සිය අනුග්‍රාහකත්වය දක්වයි

Climate Summit 2024

ගෝලීය දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැංවීමේ මෙහෙවරට උරදීමේ අරමුණින්, මෙරට ප්‍රථම වරට පැවැත්වෙන ‘Code Red Sri Lanka Climate Summit 2024’ සමුළුව සමග අත්වැල් බැඳගැනීමට අමානා බැංකුව පසුගිය දා කටයුතු කළේ ය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, දේශගුණික අර්බුදයේ විවිධ පැතිමානයන් දේශීය හා ජාත්‍යන්තර දෘෂ්ටිකෝණයන්ගෙන් දකිමින්, ඒ හේතුකොට ගෙන  ආර්ථික ක්ෂේත්‍රයන්ට ඇතිවිය හැකි බලපෑම් හඳුනා ගැනීම සඳහා කරනු ලබන කාලීන ප්‍රයත්නයක් ලෙස මෙම සමුළුව පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී දේශගුණික අර්බුදයට පිළියම් සෙවීම සඳහා භාවිතා කළ හැකි තාක්ෂණයන් හා විසඳුම් මෙන්ම, ඒවා මගින් ශ්‍රී ලාංකික සමාගම්වලට විවර වන ව්‍යාපාරික අවස්ථා කෙරෙහි ද  අවධානය යොමුවනු ඇත.

 


 

2024 මැයි 07 දින සිට 2024 මැයි 09 දින දක්වා අඛණ්ඩව  දින තුනක් පුරා පැවති මෙම සමුළුව විශේෂ සැසිවාර 15 ක් ඔස්සේ පැවැත්වුන අතර එහිදී විදේශීය විද්වතුන් 15 දෙනෙකු ඇතුළුව දේශකයන් 50 කට වැඩි පිරිසක් අදහස් දැක්වීය. දේශගුණ විපර්යාසයන් මගින් ඇතිවන බලපෑම් අවම කිරීමට ගත යුතු පියවර සහ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර හිතකාමී ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිනි. එහිදී සාමාන්‍ය සැසිවලට අමතරව විශේෂ ‘CEO Forum’ සැසිවාරයක්ද  පැවැත්වුන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ ව්‍යාපාර හිමියන් එම වැඩසටහනට සහභාගී විය. සමුළුව විවෘත වූයේ  අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

අමානා බැංකුව මෙම සමුළුව සමග අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් පළකළේ ය. “තිරසාර බැංකුකරණ ක්‍රමවේදයන් දිරිගන්වන අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතියට සමගාමීව, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් යුතුව ප්‍රථම වරට පැවැත්වෙන ශ්‍රී ලංකා දේශගුණ සමුළුවට මෙලෙස දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. වර්තමානයේ පවතින තත්ත්වය තුළ, දේශගුණ අර්බුදය පිළිබඳව දැනුවත් වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ දැනුම අප සියලු දෙනාම එක් වී ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කළ යුතුයි.”

අමානා බැංකුවේ උප සභාපති (ක්‍රමෝපාය හා තිරසාරත්වය) ෆස්ලි මරික්කාර් මහතා මෙසේ අදහස් පළකළේ ය. “සුවිශේෂී ආකෘතියක් පදනම් කරගෙන තිරසාරත්ව ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරන බැංකුවක් වශයෙන් ‘Code Red Climate Summit’ වැඩසටහන සමග එක්වීමට ලැබීම සහ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැංවීමේ කතිකාවට දායක වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව