
උසස් ගුණාත්මකබවින් යුත් කුකුළු මස් නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදාකරමින් නිව් ඇන්තනීස් සමූහයට අයත් Meatlery සුපිරි වෙළෙඳසැල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රවාහන සහ ඩිලිවරි සේවාවවන PickMe සමඟ පසුගියදා සහයෝගීතාවකට එළඹුණි. මේ හරහා තෝරාගත් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ට, Meatlery සතු හරිතහරි කුකුළුමස් ඇතුළු ප්‍රතිජීවකවලින් තොර උසස් කුකුළු මස් නිෂ්පාදන තම නිවසටම පහසුවෙන් ගෙන්වාගැනීමේ අවස්ථාව හිමිවේ.
Meatlery ප්‍රතිජීවක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරන ලද මාංශ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. රසවත් මෙන්ම සෞඛ්‍ය සම්පන්න මාංශ ආහාර පාරිභෝගිකයින්ට ලබාදීමට කැපවී සිටින නිව් ඇන්තනීස් සමූහය, පසුගියදා පැවැති 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර අංශයේ හොඳම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත්විය.
එහි නිෂ්පාදන අතර 100%ක්ම ප්‍රතිජීවක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරන හරිතහරි කුකුළු මස් ප්‍රධාන වේ. ඊට අමතරව ප්‍රිමියම් බීෆ්, පෝක්, සොසේජස්, කුළුබඩු සහ බිත්තර මෙන්ම සෙසු මාංශ ආශ්රිත සැකසූ ආහාරවන Crizzpys, Frenchys, Crustys ආදිය ද Meatlery නිෂ්පාදන අතර වේ. එම සියලු නිෂ්පාදන රසයෙන්ම මෙන්ම සෞඛ්‍ය සම්පන්න බවින් ද ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.
PickMe ආයතනය සමඟ ඇතිකරගත් සහයෝගීතාව තුළින් පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව විශ්වාසනීය ලෙස තම මාංශ ආහාර නිවසට ගෙන්වාගත හැක. PickMe හි පරිශීලනයට ඇති පහසුව නිසා Meatlery සතු නිෂ්පාදන පහසුවෙන් දැකබලාගැනීමටත්, ඇණවුම් කිරීමටත්, ඇණවුම නිවසට ලැබෙන තෙක් සියලු අදියර නිරීක්ෂණය කිරීමටත් පාරිභෝගිකයින්ට හැකිවේ. මේ හරහා නිෂ්පාදන ලබාගැනීමේ ක්‍රමවේදය පහසුවන අතරම, නැවුම් සහ උසස් තත්ත්වයේ මාංශ ආහාර ප්‍රමාදයකින් තොරව ලබාගැනීමට ද පාරිභෝගිකයින්ට ඉඩකඩ සැලසේ.
මෙම සහයෝගීතාව තුළින් නවෝත්පාදනය, තිරසරභාවය මෙන්ම පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් සමාගම් දෙකම සතු කැපවීම මැනවින් පිළිබිඹු වේ. එමෙන්ම සමාගම් දෙකෙහිම ශක්තිය එක්වීමෙන් පාරිභෝගිකයින් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීමට පෙර නොවී විරූ පහසුවක් හිමිවනු ඇත.
ඉහළ මට්ටමේ මාංශ ආහාර සඳහාම වෙන්වූ සුපිරි වෙළෙඳසැලක්වන Meatlery, මේ වනවිට තම වෙළෙඳපොළ පරිමාව වර්ධනය කරගැනීමට කටයුතු කරමින් සිටී. ඒ වෙනුවෙන් නිව් ඇන්තනීස් සතු ගෝලීය මට්ටමේ ක්ෂුද්රජීව රසායනාගාරය හරහා ද එහි නිෂ්පාදනවල පිරිසිදුබව සහ ගුණාත්මකබව අඛණ්ඩව පරීක්ෂාවට ලක්කෙරේ.
ඒ අනුව, උසස් ප්‍රමිතියේ සහ ආචාර ධාර්මික ලෙස නිෂ්පාදනය කරන ලද මෙන්ම නැවුම් සහ සුරක්ෂිතබවින් යුතු මාංශ ආහාර පාරිභෝගිකයින්ට හිමිවන බව සහතික කෙරේ. Meatlery සතු සුහද සහ දැනුම්වත් පාරිභෝගික සේවා කණ්ඩායම හරහා ද උසස් මට්ටමේ මාංශ ආහාර මිලදීගැනීමකදී පාරිභෝගිකයින්ට හිමිවන සේවාව ඉහළ නැංවේ.
නිව් ඇන්තනීස් සමූහය සහ එහි සැකසූ ආහාර සන්නාම මේ වනවිට මෙරට පාරිභෝගික ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබේ. ඒවායේ පෝෂණීය බව, ප්‍රතිජීවකවලින් තොර වීම මෙන්ම රසවත් බව ද මෙසේ පාරිභෝගික ජනප්‍රියත්වයක් සහ ඉල්ලුමක් ඇතිවීමට හේතුවී තිබේ. PickMe සමඟ ඇතිකරගත් නව සහයෝගීතාව ඔස්සේ නිව් ඇන්තනීස්හි Meatlery නිෂ්පාදනවලට වැඩි පහසුවකින් ප්‍රවේශ වීමට පාරිභෝගිකයින්ට ඉඩ සැලසේ.