ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව විරේන් නෙත්තසිංහ ඩාවෝ සයිපන් ජාත්‍යන්තර ශූරතාවලියේ අවසන් පූර්ව වටයට

1720676129035

අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ඩාවෝ සයිපන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල විවෘත තරග අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.

 



 

උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ විරේන් නෙත්තසිංහ දෙවැනි තරගයේදී චීන ක්‍රීඩක චෙං චි ටිං ලකුණු 23-21 ක් සහ 21-18ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසි අතර, එහිදී ඉන්දීය ක්‍රීඩක ආර්යමාන් ටාන්ඩන්ට එරෙහිව ලකුණු 21-18ක් සහ 21-15ක ජයක් අත්කර ගනිමින් පිරිමි ඒකල විවෘත තරග අංශයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

අවසන් පූර්ව වටයේදී ඔහු තරග වැදීමට නියමිතව ඇත්තේ තුන්වැනි වටයේදී ලකුණු  21-13ක් සහ 21-13ක් ලෙස තායිලන්ත ක්‍රීඩක සේරන් ජාම්සි පරාජය කළ ජපාන ක්‍රීඩක රයෝමා මොරමොටෝ සමඟය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව