වෝග් ජුවලර්ස් – ශිල්පීය නිපුණත්වය සහ අලංකාරය මුසුවන තැන

Vogue Jewellers – Where Craftsmanship Meets Elegance-Sinhala-001 (1) (LBN)

 


 

 

වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ටත්වයේ සංකේතයකි. වෝග් ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට හුදෙක් ස්වර්ණාභරණ පමණක් නොව සදානුස්මරණීය අත්දැකීමක්ද පිරිනමයි. 1962 වර්ෂය දක්වා දිවෙන සාඩම්බර උරුමයක් හිමි වෝග් ජුවලර්ස්, උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම සම කළ නොහැකි පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා තිබේ. මේ උරුමය සහ විශිෂ්ටත්වය හේතුවෙන් වෝග් ජුවලර්ස් මෙරට දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී ඇත.

මේ වනවිට වෝග් ජුවලර්ස් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන් වෙනුවෙන් විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ 2023 ඔක්තෝබර් 16 දින සිට 22 දින දක්වා එම කාඩ්පත් හිමියන්ට දියමන්ති සහ මැණික් ආභරණ සඳහා 45% ක් දක්වා ඉතුරුම් හිමි වනු ඇත.

වෝග් ජුවලර්ස්හි කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ශිල්පීය නිපුණත්වය සඳහා දක්වන උනන්දුවයි. වෝග් ජුවලර්ස් හි සෑම නිෂ්පාදනයක්ම ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම්ලත් ශිල්පීන්ගේ හා නවීනම තාක්ෂණය භාවිත කර නිමවා තිබේ. මේනිසා එම සෑම නිෂ්පාදනයක්ම විශිෂ්ට නිර්මාණ බවට පත් වී තිබේ.

 

පාරිභෝගික තෘප්තියටද වෝග් ජුවලර්ස් සෑම විටම ප්‍රමුඛත්වය ලබාදෙයි. පාරිභෝගිකයෙකු සිය ප්‍රදර්ශනාගාරය වෙත පැමිණි අවස්ථාවේ සිටම ඔහුට හෝ ඇයට විශිෂ්ට සේවාවක් ලබාදීමට වෝග් ජුවලර්ස් පාරිභෝගික සේවා කණ්ඩායම සූදානමින් සිටී. පාරිභෝගිකයාගේ තේරීම කුමක් වුවද ඔහුට හෝ ඇයට සදා මතකයේ රැඳෙනා අත්දැකීමක් තිළිණ කිරීමට මෙම පාරිභෝගික සේවා කණ්ඩායම කටයුතු කරති.

“සෑම විටම අපගේ ප්‍රමුඛත්වය හිමිවන්නේ පාරිභෝගිකයින්ටය. සදාකල් පවතින ස්වර්ණාභරණ පමණක් නොව, උසස් ප්‍රමිතිය, විශ්වාසය සහ ගෙවන මිලට උපරිම වටිනාකම පිරිනැමීම ඔස්සේ සදාතනික අත්දැකීම් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා, පරම්පරා ගණනාවක් පවතින පාරිභෝගික සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි.”

වෝග් ජුවලර්ස් සිය ප්‍රතිඥාව වන ‘සැමදා ඔබ සමග’ යන්න සැබැවින්ම අර්ථවත් කිරීමට කැප වී සිටී. එම නිසා, මනාලියන්ගේ ආභරණ ඇතුළුව වෝග් ජුවලර්ස් හි සියලුම නිෂ්පාදන සඳහා ජීවිත කාලය පුරාවට පවතින වගකීමක් සහිතව ඔබ වෙතට පැමිණේ. උසස් ප්‍රමිතිය යනු වෝග් ජුවලර්ස් සමාගම කිසිදා අවතක්සේරු නොකරන සාධකයකි. සෑම නිෂ්පාදනයක්ම දැඩි පරීක්ෂාවන්ට ලක්කර උසස් තත්ත්වය තහවුරු කරගැනීමට වෝග් ජුවලර්ස් කටයුතු කරයි. මේ නිසා වෝග් ජුවලර්ස් ආභරණය නිසැකවම පරම්පරා ගණනාවක් පවතී.

එමෙන්ම තම ආභරණවල උසස් තත්ත්වය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සහ රත්‍රන්වල තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීම සඳහා වෝග් ජුවලර්ස් සමාගම අතිනවීන ඉතාලි තාක්ෂණයක් වන XRF තාක්ෂණය භාවිතා කරයි. මෙය එම ආභරණවල උසස් තත්ත්වය තහවුරු කරගැනීමට මහෝපකාරී වන තවත් වැදගත් සාධකයකි.

මේ ආකාරයට ක්ෂේත්‍රයට නව ආදර්ශ සපයමින්, ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙන වෝග් ජුවලර්ස් වෙතින් තමන්ට ලැබෙනුයේ උසස්ම තත්ත්වයේ ආභරණ පමණක් බව පාරිභෝගිකයන්ට නිසැකවම විශ්වාස කළ හැකි වේ.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව