වෙලෝනා නිවසින් හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Diaper Subscription App

IMG_1892

වසර ගණනාවක් පුරා ශ්‍රී  ලාංකීය ළදරු නිෂ්පාදන කර්මාන්තය තුල “වෙලෝනා කඩ්ල්ස්” නාමය මහත් ආදරයෙන් වැළඳගත් අද්විතීය වෙළඳ නාමයක් වන අතර වර්තමානයේ ඒ පිළිබඳව ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර ඇත්තේ විශ්වාසනීය හැඟීමකි.  දේශීය වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් තත්වයෙන් උසස් බේබි ඩයපර් නිෂ්පාදනය කරමින් සුවහසක් දෙමව්පියන්ගේ වඩාත්ම ප්‍රියතම  සන්නාමය බවට පත් වූ වෙලෝනා කඩ්ල්ස් මෙම වසරේ තවත් පියවරක් ඉදිරියට තබමින් සිය ඩයපර් නිෂ්පාදන app එකක් හරහා මිලදී ගැනීමේ පහසුකම සිය වටිනා පාරිභෝගිකයින්ට හිමි කර දී ඇත.

අලුත උපන් බිලිඳුන් නොබෙදුණු සෙනෙහසින් රැක බලා ගන්නා මව්පියවරුනට, බිලිඳාට අතවශ්‍ය  ඩයපර් වැනි දෑ මිලදී ගැනීමට නිවසින් බැහැර යාම අසීරු වන අවස්ථා තිබේ. එවැනි විටෙක, App එකක් හරහා අවශ්‍ය  ඩයපර් මිලදී ගැනීම, දෙමව්පියන්ට ඉතා පහසු කාර්යක් වනු ඇත. මෙම සේවාවේ ඇති තවත් සුවිශේෂීතාවයක් වනුයේ නොමිළයේම (Free Delivery), කිසිඳු ගාස්තුවකින් තොරව අවශ්‍ය නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ඉතා කඩිනමින් ළඟා කරවීමයි. තවද මෙම  app එක  හරහා වෙලෝනා කඩ්ල්ස් නිෂ්පාදන ඇණවුම් කරන්නන් සඳහා ඒ සදහා වූ විශේෂ වට්ටම් සඳහා හිමිකම් කීමට  අවස්ථාව හිමි වන අතර මේ තුලින් විශාල මුදල් ඉතිරියක් සිදු වනු ඇත.

දරු උපත වෙනුවෙන් බලාපොරොත්තුව සිටිනා දෙමව්පියන්ටද, එම යෙදවුමෙහි ඇති ‘delayed start option’ මගින් බිලිඳා ලැබීමට නියමිත දිනය සටහන් කර දරු උපතට සති කිහිපයකට පෙර වුවද අවශ්‍ය  නිෂ්පාදන ලබා ගත හැක.  තවද මෙම application තුල වූ  account dashboard හරහා විවිධ වයස් කාණ්ඩ වලින් යුත් සිය ළදරුවන් සඳහා ගිණුම් කිහිපයක් වුවද එක වර ආරම්භ කල හැකි අතර මේ තුළ වූ  සුවිශේෂී පහසුකමක් වන sizing slider හරහා දරුවාගේ බර අනුව ඔවුනට  මනාව ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට දෙමව්පියන්ට අවස්ථාව හිමි වේ.

“ශ්‍රී  ලංකීය දෙමව්පියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ උදාරතර අරමුණ ඇතුව අප විසින් මෙම App එක නිර්මාණය කරන ලදී.  මේ හරහා මව්වරුන්ට තමන්ගේ බිලිඳු දරුවන්ට අවශ්‍ය  ඩයපර් කිසිදු අපහසුවකින් තොරව මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවට අපට ස්ථිර වශයෙන්ම කිව හැකි.” මෙම නව යෙදවුම පිළිබඳව සිය අදහස් දක්වමින්, ත්‍රෙඩ්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති, ආචාර්ය ගෙහාන් ද සොයිසා සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී  ලංකාවේ ජනප්‍රිය සන්නාමයන් වන වෙලෝනා, දේශීය වෙළඳපොළ තුළ ජනප්‍රිය වීමට හේතු වන කරුණු අතර, ශ්‍රී  ලංකාවේ විවිධ කාලගුණික තත්ත්වයන්ට අනුකූල වන සේ නිෂ්පාදනය කර තිබීම මෙන්ම, සෑම  නිෂ්පාදනයක්ම බිලිඳු සමට අහිතකර රසායනිකවලින් තොරව නිෂ්පාදනය කිරීම ආදී කාරණා වැදගත් වෙයි.

නවතම App එක හරහා භාණ්ඩ ඇණවුම් කිරීම සරළ පියවර තුනකින්  සිදු කල හැකිය. Android හෝ  iOS උපාංගයන්  හරහා App එක download කල පසු පාරිභෝගිකයා විසින් සිය විස්තර නිවැරදිව ඒ සඳහා ඇතුළත් කල යුතුය. ඉන් පසුව තමන්ට අවශ්‍ය  subscription bundle තෝරාගෙන කොපමණ කලකට වරක් නිෂ්පාදන තමන් වෙත ලැබිය යුතු බවද යන්න සටහන් කිරීම සිදු කල යුතුය.

“ඩයපර් මිලදී ගැනීමට ක්‍රමයක් නොමැතිව, ඉතාමත් කලබලයට පත් වුණු පාරිභෝගිකයින්ගෙන් අපට නිතරම දුරකතන ඇමතුම් ලැබෙනවා. පාරිභෝගිකයින්ට හදිසි ඩයපර් අවශ්‍යතා මතු නොවන පරිදි මේ සඳහා හොඳම විසඳුමක් තිබිය යුතුයි කියලා අපිට අවබෝධ වුණා. ඒ නිසායි, දෙමව්පියන්ට කල්තියා බිලිඳුන්ගේ ඩයපර් අවශ්‍යතා සපුරා දෙන,  නිවෙස්වල ඩයපර් හිඟයක් ඇති නොවන බවට සහතික කෙරෙන, නියම හා පහසු යෙදවුමක් ලෙසින් එම විසඳුම ක්‍රියාත්මක වුණේ” ත්‍රෙඩ්වර්ක් පුද්ගලික සමාගමේ සන්නිවේදන ප්‍රධානී ටියාෂා ද සොයිසා යෙදවුම හඳුන්වා දෙමින් සඳහන් කළාය.

Velona Cuddles App,  Google Play Store හා Apple App Store මගින් දැන් Download කර ගත හැකි අතර, යෙදවුම පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.velonacuddles.com වෙබ් අඩවිය විවෘතය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව