වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සේල් සතිය “Daraz Mobile Week 2021” ජූලි 27 වනදා සිට

Sinhala KV MW

 




 

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂර්‍ණය වට්ටම් රැසක් සමග නගරයේ අඩුම මිල සනිටුහන් කරනු ලබන වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සේල් සතිය පවත්වන්නට කටයුතු යොදා ඇත. 2021 ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා ක‍්‍රියාත්මක වන ‘Daraz Mobile Week 2021’ සමග ස්මාට් ජංගම දුරකතන, ලැප්ටොප්, රූපවාහිනී, ගෘහ විදුලි උපකරණ, කැමරා, ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික උපකරණ ඇතුළු එදිනෙදා දිවියට අවශ්‍ය භාණ්ඩ රැසක් 75%‍ දක්වා විශේෂ මිල අඩු කිරීම්, ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන් සඳහා පොලී රහිත මාසික පහසුගෙවීමේ ක‍්‍රම සහිතව ලබාගත හැකිය.

Daraz Mall සමග පවතින 450 කට අධික ප‍්‍රමාණයක ලොව හොඳම නිෂ්පාදන පෙළක්, කඩිනම් බෙදාහැරීමේ සේවාව සහ දින 14 ක් දක්වා දීර්ඝ කළ නැවත භාරදීමේ ක‍්‍රමවේදය Daraz Mobile Week 2021 හීදී ක‍්‍රියාත්මක වේ. ස්මාට් ජංගම දුරකතන සඳහා 30‍% ක සහ රූපවාහිනී සඳහා 65% ක මිල අඩුකිරීමක් සහ බ‍්‍රවුන්ස් වෙතින් හෝම් තියටර් සිස්ටම්, ශීතකරණ, වායුසමීකරණ සහ රෙදි සෝදන යන්ත‍්‍ර සඳහා රු. 1,000,000 වටිනා bundle offers එහිදී හිමිකරගත හැකිය.

ඡායාරූපකරණය ප‍්‍රිය කරන ඔබට ‘Daraz Mobile Week 2021’ යටතේ NIKON කැමරා මිලදී ගැනීමේදී tripod, memory card, camera bag සහ cleaning kit නොමිලේ හිමිකරගත හැකිය.

ASUS fyda හෝ HP ලැප්ටොප් මිලදී ගැනීමේදී ප‍්‍රින්ටරයක්, පෙන් ඩ‍්‍රයිව් එකක්, හෙඞ්සෙට් එකක්, මවුස් එකක් සහ වයිරස් ගාඞ් මෘදුකාංගයක් නොමිලේ ලබාදෙයි. එමෙන්ම ජූලි මස 27 වැනිදා පෙරවරු 12 ත් 1 ත් අතර තෝරාගත් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා රු. 32,000 දක්වා විශේෂ මිල අඩුකිරීමක්ද හිමිකරගත හැකිය.

Daraz Mobile Week 2021’  වැඩසටහනේ ‘One-rupee Game’ ක‍්‍රීඩා අවස්ථාව සමග . iPhone 11 සහ Realme C11 ස්මාර්ට් ජංගම දුරකතන, Realme watch, JBL go3, Yamaha f310 ගිටාරයක් වැනි වටිනා භාණ්ඩ රැසක් රුපියලක් වැනි සුළු මුදලකට දිනාගැනීමේ අවස්ථාව උදාවේ. Mission Possible ක‍්‍රීඩාවට සහභාගී වෙමින් අදියර 10 ක් සම්පූර්ණ කිරීම හරහා Samsung Galaxy S21 ස්මාර්ට් ජංගම දුරකතන, OPPO band සහ Huawei Power-Bank හිමිකරගත හැකිය. තෝරාගත් භාණ්ඩ රැසක් ඔබේ shopping cart තුළට එක්කොට අගනා Samsung අඟල් 32 රූපවාහිනියක් දිනාගැනීමේ අවස්ථාව උදාකරගත හැකිය. මිලදීගැනීම් අතරතුර ‘Game Zone’ හි ක‍්‍රීඩාවන්ට සහභාගී වෙමින් Realme ස්මාර්ට් ජංගම දුරකතන නොමිලේ හිමිකර ගැනීමේ හැකියාවද Daraz Mobile Week 2021’ ඔබට හිමිකර දෙයි.

තවද ඔබගේ විදුලි බිල්පත ‘Daraz Easy Bills’ හරහා ගෙවීමේදී 10‍% ක විශේෂ අමතර වට්ටමක්ද හිමිකරගත හැකිය.

ගනුදෙනුකරුවන්ගේ පහසුව සලසාලමින් Daraz Mobile Week බැංකු සහකරුවන් ලෙස ඉදිරිපත්ව සිටින කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HSBC” සෙලාන් බැංකුව, යුනියන් බැංකුව, DFCC, HNB,  ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව, කාගිල්ස් බැංකුව, සණස සංවර්ධන බැංකු හා LOLC ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් මාස 60 දක්වා කාලසීමාවක් තුළ ගෙවීම සඳහා පොළී රහිත පහසු ගෙවීමේ ක‍්‍රම සමග 10%  වට්ටමක් හිමිකරගත හැකිය. එමෙන්ම කොන්දේසි සහිතව පිරිනමන අමතර වට්ටමක් ලෙස Master card වෙතින් 12% ක වට්ටමක් පිරිනැමේ.

මේ වසරේ Daraz Mobile Week සඳහා සම අනුග‍්‍රාහක දායකත්වයන් ලබාදෙමින් Samsung, Canon, Brown and Company PLC, Realme, Philips සහ ASUS යන සුප‍්‍රකට වෙළෙඳ නාම එක්වෙති. HP, OPPO, VIVO, Huawei, Innvox, Dahua, Sony, EURO, Geepas, Yamaha වැනි ලොව සුපතල වෙළෙඳ නාම රැසක් මෙවර Daraz Mobile Week වෙත ජනතා ආකර්ෂණය හිමිකර දෙන දැවැන්ත මිල අඩුකිරීම් රැසක් ඉදිරිපත් කරනු ලබයි.

අතැඟිලි තුඩු අගින් නිවසේ සිටම සුවපහසුව විඳිමින් “Daraz Mobile Week 2021” සමග සුරක්ෂිත අන්තර්ජාල සාප්පු සවාරියකට Daraz App එක Download කරගෙන ඔබේ වට්ටම් හා දීමනා දැන්ම වෙන්කරවා ගන්න.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව