වයිබර් තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය තවත් පියවරකින් ඔසවා තබමින් නව විශේෂාංගයක් හඳුන්වාදෙයි

viber-01

නවතම disappearing messages විශේෂාංගය සමඟ බිලියනයකට අධික වයිබර් පාරිභෝගිකයන්ට තම දත්ත පිළිබඳ පූර්ණ පාලනයක් හිමිවෙයි 

2020 අප්‍රේල් 29:— ලොව ප්‍රමුඛතම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, සියලුම චැට් සඳහා “disappearing messages”විශේෂාංගය හඳුන්වාදීම පසුගියදා නිවේදනය කළේය. මීට පෙර වයිබර්හි secret chats සඳහා පමණක් සීමා වී තිබුණු මෙම විශේෂාංගය නුදුරේදීම සියලුම වයිබර් ග්‍රාහකයින්ට භාවිත කළ හැකිවනු ඇත.

මෙම විශේෂාංගය හරහා කෙටි පණිවුඩ, ඡායාරූප හා වීඩියෝ ආදිය වයිබර් හරහා කල්තබා යැවීමට සැලසුම් කළ හැක. එය තත්පර කිහිපයකට, මිනිත්තු කිහිපයකට හා පැය කිහිපයකට මෙන්ම දින කිහිපයකට පසු යැවීමට වුවද සැලසුම්කර තැබිය හැක. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ ග්‍රාහකයා අදාළ පණිවුඩය දැකීමෙන් සුළු වේලාවකට පසු එය ඉබේම මැකීයාම යි. ඒ අනුව මෙම විශේෂාංගය නිසා ලොව වඩාත්ම ආරක්ෂිත සන්නිවේදන ඇප් මෘදුකාංගය ලෙස වයිබර් හිමිකරගෙන ඇති ස්ථානය තවදුරටත් තහවුරු වනු ඇත.

මෙම disappearing විශේෂාංගය සහිත පණිවුඩයක් යැවීම සිදුකරන්නේ මෙසේ ය.

  • චැට් එකෙහි යටින්ම ඇති ඔරලෝසු අයිකනය ස්පර්ශ කර පණිවුඩය ග්‍රාහකයා දැකීමෙන් පසු මැකී යා යුතු කාලසීමාව තෝරන්න.
  • අනතුරුව පණිවුඩය ටයිප් කර ග්‍රාහකයාට යවන්න.

ගෙවුණු වසර ගණනාව පුරාම පාරිභෝගිකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට තමන් තුළ වූ කැපවීම වයිබර් හොඳින් ප්‍රකටකර තිබේ. කෙටි පණිවුඩ ඇප් මෘදුකාංග ක්ෂේත්‍රයේ පෙරටුගාමියෙකු ලෙස 2015 වසරේදී “delete message” විශේෂාංගය, 2016 වසරේදී අනිවාර්ය end-to-end encryption සේවාව සහ 2017 දී සැඟවුණු හා රහස් සංවාද (hidden & secret chats) විශේෂාංගය වැනි නවෝත්පාදන රැසක් සිදුකිරීමට වයිබර් පියවර ගෙන ඇත. වයිබර් සිය disappearing messages සේවාව සියලු පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නේ තම රහස්‍යභාවය රැකීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙනයමිනි.

“සියලුම පෞද්ගලික චැට් සඳහා disappearing messages විශේෂාංගය අපි හඳුන්වාදෙන්නේ විශාල සතුටකින්. මෙය මුල්වරට 2017 වසරේදී රහසිගත චැට් සංවාද සඳහා අපි හඳුන්වාදුන්නා. නමුත් පුද්ගල රහස්‍යභාවය ආරක්ෂා කරන මෙවැනි සේවාවක් සෑම වයිබර් පාරිභෝගිකයෙකුටම ලබාදිය යුතු යැයි පසුකාලීනව අපි කල්පනා කළා. මැකීයාමට නියමිත පණිවුඩයක ස්ක්‍රීන් ෂොට් එකක් ග්‍රාහකයා ලබාගතහොත්, ඒ බව පණිවුඩය එවූ තැනැත්තා දැනුවත් කිරීමේ තාක්ෂණයක් පවා මීට අන්තර්ගතයි. එනිසා ලොව ආරක්ෂාකාරී ම කෙටි පණිවුඩ ඇප් මෘදුකාංගය ලෙස අප යන ගමනේ තවත් සන්ධිස්ථානයක් ලෙස මේ මොහොත හැඳින්විය හැකියි” යනුවෙන් වයිබර් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.

වීඩියෝව නරඹන්න: https://clck.ru/N4iey

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව