‘වයිබර්’ ඇමතුම් ලබාගැනීම සිව් ගුණයකින් වර්ධනය වෙයි

viber

කොවිඩ්-19 සෞඛ්‍ය අර්බුදය හමුවේ ලොව ප්‍රමුඛතම කෙටි පණිවුඩ හා ඇමතුම් ඇප් සේවාවවන ‘වයිබර් දැවැන්ත මහජන ආකර්ෂණයක් දිනාගනී.

ගෝලීය කොවිඩ්-19 වසංගතය හමුවේ තම පවුලේ සාමාජිකයින්, මිතුරන් හා කාර්යාලයීය සගයින් සමඟ දිගටම සම්බන්ධ වී සිටීමට සහාය වෙමින් ලොව දැවැන්තම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, විවිධ විශේෂාංග සහ අලුත් පියවර ගණනාවක් සමඟ තම ධාරිතාව තවදුරටත් වැඩිකර තිබේ. මේ ‌මොහොත වනවිට ලොව පුරා බොහෝදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් තම තමන්ගේ නිවාසවලට සීමාවී කටයුතු කරයි. එවන් පසුබිමක ජනතාවට යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගනිමින්, අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගැනීමට වයිබර් හඳුන්වා දී ඇති නවතම ඩිජිටල් විශේෂාංග හරහා අවකාශ උදාවී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් වයිබර් භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම ගෙවුණු සති කිහිපය තුළ පාරිභෝගිකයින් වයිබර් වෙත පිවිසීමේ සමස්ත වර්ධනයක් පෙන්නුම් කරයි. සන්නිවේදනය ආශ්‍රිතව වයිබර්හි බහුලවම භාවිතවන විශේෂාංගය ලෙස සැලකිය හැකිකේ සමූහ කෙටි පණිවුඩ සේවාව සහ සමූහ ඇමතුම් සේවාව (group messages and calls) යි. සංඛ්‍යා දත්ත අනුව සලකා බැලීමේදී ගෙවුණු දෙසතිය තුළ වයිබර් ‘සමූහ කෙටි පණිවුඩ’ යැවීම 134%කින් හා ‘සමූහ ඇමතුම්’ 370%කින් වැඩි වී තිබේ. තව ද සාමාන්‍ය පාරිභෝගික භාවිතාව ද 78%ක වර්ධනයක් දක්වයි. ශ්‍රී ලංකාව තුළ වයිබර් ‘සමූහ ඇමතුම්’ ලබාගැනීම, මීට පෙර තත්ත්වය හා සැසඳීමේදී සිව් ගුණයකින් වැඩිවී ඇත. Community විශේෂාංගය නැරඹීම ද 66%කින් ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 වසංගතය හමුවේ තම ධාරිතාව වර්ධනය කරගැනීමට ද වයිබර් පියවර ගෙන ඇති අතර නවත ම විශේෂාංග රැසක් ද හඳුන්වාදුන්නේය. ඒ අනුව යමින් වයිබර් ඇමතුමක් සඳහා වරකට සහභාගි විය හැකි පුද්ගල සංඛ්‍යාව 5 දෙනෙකුගේ සිට 20 දෙනෙකු දක්වා ඉහළ නැංවීමට ද මේ වනවිටත් කටයුතු යොදා තිබේ. තවත් නව විශේෂාංග කිහිපයක් නුදුරේදී ම හඳුන්වාදීමට නියමිත ය.

මීට අමතරව වයිබර් හඳුන්වා දුන් වටිනා ම අංගයක් වූයේ කොවිඩ් වසංගතය පිළිබඳ නිල සහ විශ්වාසනීය තොරතුරු ඒ හරහා පාරිභෝගිකයන් වෙත සැපයීම අරමුණු කරගත් විශේෂ Community පිටුවක් ඇරඹීම ය. මෙය ලොව පුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාව තුළ HPB SL Covid-19 නමින් මෙම වයිබර් community පිටුව තනා ඇත්තේ මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා අත්වැල් බැඳගනිමිනි. එමගින් තුන් ලක්ෂයකට වැඩි ශ්‍රී ලාංකික වයිබර් භාවිතකරන්නන් වෙත කොවිඩ්-19 වෛරසය පිළිබඳ වටිනා එමෙන්ම තහවුරු කරන ලද තොරතුරු බෙදාහැරීමට ද හැකිව තිබේ.

එහිලා තවත් පියවරක් ඉදිරියට යමින්, නව කොරෝනා වෛරසය පිළිබඳ මිත්‍යා මත සහ සැබෑ කරුණු ජනතාවට වෙන්කර ඉදිරිපත් කළ හැකි වන අයුරින් ගෝලීය වසංගතයේ නවතම තොරතුරු රැගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල chatbot පහසුකමක් ද වයිබර් හඳුන්වාදුනි.

“මේ අභියෝගකාරී අවස්ථාවේදී පවුලේ සාමාජිකයින් හා හිතමිතුරන්, සිසුන් හා ගුරුවරුන්, කාර්යාලයීය සගයින් හා ව්‍යාපාර හිමිකරුවන් ආදී බොහෝදෙනෙකු එකිනෙකා හා සම්බන්ධ කිරීමට අපි කටයුතු කරනවා. ඔවුන්ට නිදහසේ සහ ආරක්ෂිතව එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහාය වන අතර එම අත්දැකීම වැඩිදියුණු කිරීමටත් අපි අඛණ්ඩව පියවර ගන්නවා” යනුවෙන් රකුටෙන් වයිබර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජමෙල් ඇගොවුවා මහතා ප්‍රකාශ කළේය.

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය.  මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව