ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රේණු චන්ද්‍රිකා රන් සහ රිදී දිනාගනිද්දී නදීෂා ගයාත්‍රිට ලෝකඩ පදක්කමක්

Renu Chandrika de Silva

 



 

 

ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිටපු අංක එකේ බැඩ්මින්ටන් ශූරිය වන රේණු චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. දකුණු කොරියාවේ ජොන්ජූ නුවරදී නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 45 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු රේණු චන්ද්‍රිකා ද සිල්වා ජර්මානු ක්‍රීඩිකා ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව කාන්තා යුගල අවසන් මහා තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එම තරගයේදී රේණු සහ ක්ලෝඩියා වෙතින් ලකුණු 21-7ක් සහ 21-7ක් ලෙස ජපානයේ මකි ජින් සහ මිකීකෝ ශිමාඩා පරාජයට පත් වූහ.

එම වයස් කාණ්ඩයේ කාන්තා ඒකල අවසන් මහා තරගයට ද සුදුසුකම් ලැබූ රේණු චන්ද්‍රිකා එහිදී

නෙදර්ලන්ත ක්‍රීඩිකා ජෝර්ජි වැන් සෝලැන්ඩ් හමුවේ ලකුණු 21-14ක් සහ 21-13ක් ලෙස පරාජයට පත්වීමෙන් රිදී පදක්කම අත්කර ගත්තාය.

මේ අතර අවුරුදු 35 වයස් කාණ්ඩයේ කාන්තා ඒකල අර්ධ අවසන් පූර්ව තරගයේදී ජපානයේ මානා යටේබේ හමුවේ ලකුණු 21-10ක් සහ 21-14ක් ලෙස පරාජයට පත් වූ නදීෂා ගයාත්‍රි ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය. එම වයස් කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇය ලකුණු 21-19ක් සහ 21-16ක් ලෙස ඉන්දියාවේ පෙරුල් රාවට් පරාජය කිරීමට සමත් වූවාය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව