‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළිදැක්වෙයි

masks-g053b59107_1280

 




 

ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත් ‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය (www.lakshilpa.com) එළිදැක්වීම (22) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදු කෙරිණි.

මෙම වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව ජාතික ශිල්ප සභාව විසින් ස්ථාපිත කර ඇත.

දේශීය වශයෙන් පාරිභෝගිකයන්ට ලක් ශිල්ප සන්නාමය යටතේ ඉහළ තත්වයෙන් යුත් හස්ත කර්මාන්ත නිර්මාණ සාධාරණ මිලකට ලබා ගැනීමට අවස්ථාව සැලසීම, ජාත්‍යන්තර වශයෙන් ස්ථාපිත හා ප්‍රචලිත අලෙවිකරණ වෙබ් අඩවි සඳහා ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ හඳුන්වාදීම, මෙරටට විදේශ විනිමය උපයා දීම, හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ආදායම් මට්ටම් ඉහළ දැමීම හා හස්ත කර්මාන්තවල තිරසාර පැවැත්ම සහතික කිරීම යන ඒවා ද මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ සෙසු අරමුණු අතර වේ.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ඇරයුමෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට එක්විය. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම උත්සවයට විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගී වී සිටියහ. උත්සව සභාව පිළිගැනීම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා විසින් සිදු කළ අතර විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු ද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සභාව ඇමතූහ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව