
විශ්වාසය, උසස් තත්ත්වය හා පෝෂණය තුළින් පන්නරය ලැබූ සාර්ථකත්වයේ ගමනක්
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් [Lanka Milk Foods (CWE) PLC] සමාගමේ ලක්ස්ප්‍රේ සන්නාමයට පසුගියදා වසර 60 ක් සම්පූර්ණ විය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු උසස් තත්වය හා පෝෂණය සම්බන්ධයෙන් මෙරට කිරි කර්මාන්තයට ආදර්ශ රැසක් සැපයූ සමාගමකි. එහි ලක්ස්ප්‍රේ සන්නාමය මෙරට පරම්පරා ගණනාවකට සැබෑම කිරි රසය පෝෂණය හඳුන්වා දුන් සන්නාමයක් විය. එදා පටන් අද දක්වාම ලක්ස්ප්‍රේ එම උසස් තත්වය, රසය හා පෝෂණය එලෙසින්ම රඳවා ගැනීමට සමත් වී තිබේ.
ලක්ස්ප්‍රේ යනු හුදෙක් සන්නාමයක් පමණක් නොව, දීර්ඝ කාලයක් පුරා ජනතාවට සැබෑම පෝෂණය සපයමින් ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට කැප වුණු මෙහෙවරක සංකේතයකි. 100% ක්ම නැවුම් එළකිරිවලින් නිෂ්පාදනය කරනු ලබන ලක්ස්ප්‍රේ කිරිපිටිවල රසය, නැවුම් බව හා පෝෂණය ආරක්ෂා කිරීම සඳහා එයට කිසිදු ආකාරයක රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එක්කරනු නොලැබේ. ඉක්මනින් දිය වන, මනා උකු ගතියෙන් යුත් ලක්ස්ප්‍රේ කිරි මෙරට ජනතාවගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත. එය ඔවුන්ට නිරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ සපයන විශ්වාසනීය මූලාශ්‍රයකි. එමෙන්ම පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා විවිධ ප්‍රමාණයේ ඇසුරුම්වලින් ලක්ස්ප්‍රේ කිරිපිටි වෙළඳපොළට හඳුන්වා දී තිබේ.
සෑම විටම උසස් ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම නිසා ලක්ස්ප්‍රේ මේ වන විට සම්මාන, ඇගයුම් හා සහතිකකරණයන් රැසක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. ලක්ස්ප්‍රේ යනු ISO 9001:2000 සහතිකය හිමි කරගත් මුල්ම ශ්‍රී ලාංකික සන්නාම අතරින් එකකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ලක්ස්ප්‍රේ වෙත එම සහතිකකරණය හිමි විය. එමෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සම්මාන උළෙලකදී ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වෙත රන් සම්මානයක් හිමි විය. ඒ තම සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන පාරිභෝගිකයන් වෙනුවෙන් උප සන්නාමයක් යටතේ හඳුන්වා දෙන ලද නිෂ්පාදනයක් වෙනුවෙනි. මේ ආකාරයට සුපිරි සන්නාමයක තත්වය හිමි හිමිකර ගනිමින් ජාත්‍යන්තර කීර්තියක් දිනාගැනීමටද ලක්ස්ප්‍රේ සමත් වී තිබේ.
ලක්ස්ප්‍රේ නිපදවනු ලබන්නේ ආසියාවේ ඉහළම තලයේ තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාවක් තුළය. එම ක්‍රියාවලිය තුළදී නිෂ්පාදනවල පිරිසිදු බව සහ සුරක්ෂිත බව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ. ලක්ස්ප්‍රේ නිෂ්පාදන සඳහා කිරි සපයාගනු ලබන්නේ නවසීලන්තයේ ඉහළම ප්‍රමිතිය සහතික කරන සැපයුම්කරුවන්ගෙන් පමණි. කිරි නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී කිරිවල නැවුම් යහගුණය ආරක්ෂා කිරීමට දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ නිසාම පාරිභෝගිකයන්ට එම යහගුණය එලෙසින්ම අත්විඳීමට හැකි වී තිබේ.
කිරි යනු ජනතාවට කැල්සියම් ලබාගැනීමට ඇති හොඳම ආහාරමය මූලාශ්‍රයකි. අස්ථිවල නිරෝගී බව මෙන්ම සමස්ත යහපැවැත්ම සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වේ. තම නිෂ්පාදන ඔස්සේ ජනතාවට නිරෝගී ජීවිත ගතකිරීමට අත්වැලක් වීම සඳහා ලක්ස්ප්‍රේ දශක 6 ක පටන් කැප වී සිටී.
ශ්‍රී ලාංකිකයන්ට ලක්ස්ප්‍රේ යනු හුදෙක් පානයක් හෝ පෝෂණ මූලාශ්‍රයක් පමණක් නොවේ. එය පරම්පරා ගණනාවක් පුරා මව්වරුන් තම දරුවන්ට විශ්වාසයෙන් යුතුව ලබා දුන් ආදරණීය තිළිණයකි. ලක්ස්ප්‍රේ සන්නාමය සතු මෙම නොසැලෙන ජනප්‍රියත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ කිසිදු අවස්ථාවක එහි ප්‍රමිතියේ උසස් බව වෙනස් නොවීමයි. මේ නිසා පාරිභෝගිකයෝ සෑම විටම ලක්ස්ප්‍රේ කෙරෙහි විශ්වාසය තැබූහ. දශක 6 කට අධික කාලයක් පුරා මෙරට දොරින් දොර කියවෙන සන්නාමයක් බවට පත්වීමට ලක්ස්ප්‍රේ වෙත පිටුබලය සැපයුවේ මෙම විශ්වාසයයි.
ඉදිරියටත් මෙම විශ්වාසය රැකගනිමින්, සුපුරුදු කැපවීමෙන් යුතුව ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට උසස්ම කිරි පෝෂණය සැපයීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම සූදානමින් සිටී. දශක 6 ක් පුරා පරම්පරා ගණනාවකට කිරි පෝෂණයේ යහගුණය සමීප කරවූ පරිද්දෙන්ම තවත් පරම්පරා ගණනාවකට එම යහගුණයේ මහිමය අත්විඳීමට අවස්ථාව උදා කර දීම සමාගමේ ඉලක්කය වී ඇත. සාඩම්බර උරුමයක් තුළින් පන්නරය ලබමින්, විශ්වාසය හා නවෝත්පාදනය ඔස්සේ අනාගතයට පියනගමින්, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම කිරිපිටි සන්නාමය ලෙස තමන් දිනාගත් ජනප්‍රියත්වය අඛණ්ඩව රැකගැනීමට ලක්ස්ප්‍රේ සමත් වනු නිසැකය.