ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (LCB Finance) කුලියාපිටිය ශාඛාව පළමු සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරයි.

LCB -Kuliyapitiya 1st Anni -Pix -03 (LBN)

 



 

 

‘ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී හි (LCB Finance) කුලියාපිටිය ශාඛාවේ පළමු සංවත්සරය එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ කේ.ජී. ලීලානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට කුලියාපිටිය නගරාධිපති ලක්ෂ්මන් අධිකාරී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ප්‍රදේශවාසී ප්‍රභූ ව්‍යාපාරිකයන් හා කුලියාපිටිය ශාඛා කළමනාකරු සංගීත් ලියනආරච්චි ඇතුළු විශාල ගනුදෙනුකරුවන් පිරිසක් සහභාගී වූහ. ‘ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී කුලියාපිටිය ශාඛාවේ පළමු සංවත්සර සැමරුමේ පළමු ගනුදෙනුව සිදු කෙරුණේ කුලියාපිටිය දාස සමූහ ව්‍යාපාර නිර්මාතෘ දේශමාන්‍ය පියදාස මුණසිංහ මහතා අතිනි.

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාව හා සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර නගාසිටුවීම මූලික කරගත් ‘ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී’ හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ කේ.ජී. ලීලානන්ද මහතා කුලියාපිටිය ශාඛාවෙහි පළමු සංවත්සර සැමරුම් උත්සවය අමතමින් පැවසුවේ ‘රටේ ආර්ථික ස්ථාවරත්වයේ යම් දුර්වලකමක් පෙන්වන වකවානුවක් වූවද අපේ කුලියාපිටිය ශාඛාව පළමු වසර තුළ පැමිණියේ ඉතා සාර්ථක ව්‍යාපාරික ගමනක්. එම සාර්ථකත්වයේ නියමුවන් සේ මා දකින්නේ ඉමහත් කැපවිමකින් කටයුතු කළ ශාඛාවේ කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසී බුද්ධිමත් හා මිත්‍රශීලී ජනතාවයි. අප මූල්‍ය සමාගම සහමුලින්ම කැපවී සිටින්නේ ව්‍යාපාරකරණයට වඩා ජනතාව නගා සිටුවීමේ කාර්යය වෙනුවෙන්. වෙනත් මූල්‍ය සමාගම්වලින් අප වෙනස් වන්නේ එතැනිනුයි. ලංකාව පුරා පිහිටි සියලු එල්සීබී ශාඛා සමඟ ගනුදෙනුකරන සැම එය මැනවින්ම වටහාගත්තක්. මෙම කුලියාපිටිය ශාඛාව කෙටි කළකින්ම බොහෝ සාර්ථකවීමට හේතුවූයේද එම ජනතා මිතුරුබවයි. දැනට අප සමඟ ගනුදෙනු නොකරන කුලියාපිටිය ප්‍රදේශවාසීන්ටත් මෙම මොහොතේ ඇරයුම් කරන්නේ වරක් මෙහි පැමිණ අපේ මිත්‍රශීලී සේවාව හා නිවැරදි මූල්‍ය උපදේශනය හඳුනාගන්නා ලෙසිනුයි.’ යන්නය.

‘ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී’ ග්‍රාමීය සංවර්ධනයට වඩාත් කැපවූ ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම ලෙස වසර 2022දී දකුණු ආසියානූ ව්‍යාපාරික විශිෂ්ටතා සම්මානය, ‘Global Economic -2021’ සම්මාන උළෙලේදී ශ්‍රීි ලංකාවේ වේගයෙන් සංවර්ධනයවන බැංකු නොවන මූල්‍ය සමාගමට පිදෙන සම්මානය, ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරීවරුන්ගේ ආයතනය සංවිධානය කළ Tag Awards-2022’ සම්මාන උළෙලේදී 2021-22 වාර්ෂික වාර්තාවද ඇඟයීමකට ලක්විණි.

කොහුවල, ගාල්ල, මාතර, කරන්දෙණිය, පැලවත්ත, රත්ගම, කරාපිටිය, මීගමුව, තංගල්ල, දෙයියන්දර, අකුරැස්ස, ඇඹිලිපිටිය, මහරගම හා කෑගල්ල යන නගරයන් හි ‘ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී’ ශාඛා 15ක් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වේ. එම සමාගමේ මුල්‍ය නිෂ්පාදන අතර ‘පොඩිත්තා’ ළමා ඉතුරුම් ගිණුම, රැජින කාන්තා ගිණුම, වාහන ලීසිං පහසුකම්, ව්‍යාපාරික ණය, රන් සැනසුම උකස් සේවාව, අධ්‍යාපනික ණය හා ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් වෙති. එයට අමතරව  තරගකාරී පොලී අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පතු භාරගැනීමද එම සමාගම සිදුකරනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව