ලංකා අශෝක් ලේලන්ඞ් වාණිජ වාහන සඳහා ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස සියැට් ටයර් එක්වෙයි

Webp.net-resizeimage

 



 

 

 

ඉන්දියානු අශෝක් ලේලන්ඞ් සමාගම සමග ඇතිකරගත් ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් මත පිහිටවූ ලංකා අශෝක් ලේලන්ඞ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවී-ඩියුටි ට‍්‍රක්රථ, ටිපර් රථ සහ සැහැල්ලූ වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරගෙන තිබේ.

මෙම ඔරිජිනල් ටයර් සැපයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමට අයත් හෝමාගම පනාගොඩ පිහිටි වාහන එකලස් කිරීමේ අති නවීන කර්මාන්ත ශාලාවේ වාර්ෂිකව එකලස් කරන අශෝක් ලේලන්ඞ් වාහන 1,800 ක් සඳහා ප‍්‍රමාණ නමයක සියැට් ටයර් සවිකරනු ඇත. මෙම වාහන අතුරින් 1000 ක් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ පළමු තේරීම බවට පත්වී තිබෙන හෙවි-ඩියුටි ට‍්‍රක්රථ බව සමාගම සඳහන් කරයි.

සියැට් විසින් ලංකා අශෝක් ලේලන්ඞ් ECOMET 1212 කුඩා ට‍්‍රක්රථ, TAURUS 2518 දස-රෝද ට‍්‍රක්රථ, TAURUS 1618 හය-රෝද ට‍්‍රක්රථ, සියළු වර්ගවල කන්ටේනර රථ ECOMET 1012 ටිපර් රථ සහ DOST සැහැල්ලූ වාණිජ වාහන සඳහා  8.25-20 XL Super,8.25-20 HCL Super, Winmile AW 10.00 R20, 10.00-20 XL Super, 10.00-20 Brawo Orion, 8.25-16 FM, 8.25-16 Stamina, 185 R14 Rhino Plus, iy 195 R15 Rhino Plus යන සියැට් ටයර් සවිකරනු ලබයි.

මෙම ගිවිසුම පිළිබඳව සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව විදේශීය විනිමය ඉතිරි කරගැනීමේ ජාතික වැඩපිළිවෙලක සිටින මේ අවස්ථාවේදී ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමේ ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස සියැට් තෝරා පත්කර ගැනීම ඉතාමත් කාලීන දෙයක්. ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමේ දේශීය එකලස් කිරීමේ මෙහෙයුම් කටයුතු සඳහා සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳව සියැට් අතිශයින්ම සතුටු වෙනවා. මෙමගින් ලංකා අශෝක් ලේලන්ඞ් විසින් සියැට් වෙත තබා තිබෙන විශ්වාසය පිළිඹිබු වෙනවා. එය දේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි නිෂ්පාදනය කරන සියැට් ටයර් සතුව පවතින කල්පැවැත්ම, විශ්වසනීයත්වය සහ වටිනාකම සඳහා ලැබුණු හොඳ සහතිකයක්.’

සියැට් විසින් ගිවිසුම යටතේ ලංකා අශෝක් ලේලන්ඞ් වෙත සපයන ටයර් වර්ග නමය සතුව පවතින ගුණාංග අතරට වැඩි දුරක් ධාවනය කළ හැකි ආකාරයෙන් තැනූ කට්ට රටාවන්, නිෂ්පාදනය ශක්තිමත් කරන උපාය මාර්ගයන්, ඉන්ධන පිරිමැස්ම සඳහා වන ද්විත්ව ස්ථරයෙන් යුක්ත කට්ට, උණුසුම පිට කරන රටාවන්, පොලාව බදන ශක්තිමත් කට්ට රටාවන්, ස්වභාවික සමතුලිත සැකිලි රටාවන්, ටයරය සිසිල් කරන කට්ට රටාවන් ඇතුළු වැඩි දියුණු කළ ගුණාංග රැසක් ඇතුළත් වේ.

2021 නොවැම්බර් මාසයේදී මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා ඉන්දියානු සමාගම විසින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාවේ එකලස් කරන Bolero City Pik-up වාහන වලට ඔරිජිනල් ටයර් සපයන්නා ලෙසද සියැට් කැළණි සමාගම පත්කර ගන්නා ලදී. මේ අනුව, මාසයකට එකලස් කරන වාහන 144 ක් සඳහා ටයර් 720 ක් 2022 ජනවාරි මාසයේ සිට ලබාදීමට සියැට් කැපවී සිටී.

එසේම, 2019 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ එකලස් කරන මහින්ද්‍රා KUV100 SUV රථ සඳහා ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස සියැට් එක්වී සිටින අතර ශ‍්‍රී ලංකාවේ එකලස් කරන සියළුම මහින්ද්‍රා KUV100 SUV රථ සඳහා සියැට් FUELSMARRT 185/60 R 15 ටයර් භාවිතා කරන බව සමාගම සඳහන් කරයි.

සියැට් කැළණි හෝල්ඩින්ග්ස්  සමාගම විසින් පසුගිය වසරේදී ට‍්‍රක්රථ, බස් රථ, ත‍්‍රිරෝද රථ, මෝටර් රථ සහ වෑන් රථ ටයර් සඳහා දේශීය වශයෙන් වැඩිවී තිබෙන ඉල්ලූම සපුරාලීමට සමාගම සතුවන සියළුම නිෂ්පාදන කර්මාන්ත ශාලාවල ධාරිතාවය වැඩිකිරීමට කටයුතු කරන ලදී. පසුගිය අගෝස්තු මාසය වනවිට මෙරට මගී බස් රථ සහ භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ වාහනවල ටයර් අවශ්‍යතාවය 100% ක්ම දේශීයව නිෂ්පාදනය කිරීමට කටයුතු කළ අතර මේ තුළින් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට රුපියල් බිලියන 11 ක පමණ විදේශ විනිමයක් ඉතිරි වේ.

සේයාරු සටහන –  සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා (දකුණේ) සහ ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, උමේෂ් ගෞතම් මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගත් ආකාරය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව