රුපියල් බිලියන 350කට වැඩි ණය පමා සහන සමඟින් හැටන් නැෂනල් බැංකුව COVID සහන ඉහළ නංවයි

HNBB1

 

  • පුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි
  • 4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක‍්‍රම හරහා රුපියල් බිලියන 5ක ණය අරමුදලක් අනුමත කරයි
  • දේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල් බිලියන 5ක HNB COVID සහන අරමුදලක්
  • ලෝකයේ හොඳම බැංකු 1000 අතර ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණිගත පුද්ගලික අංශයේ බැංකුව ලෙස පිළිගෙන ඇත

ජාතික ආර්ථිකය නැවත නගා සිටු වීමට සහාය වීමට දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව COVID-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යවසායකයින් සඳහා 2020 ජුනි මස අවසන් වන විට රුපියල් බිලියන 350ක වටිනාකමින් යුත් ණය පමා සහනයක් ලබා දී ඇත.

HNB සමස්තයක් ලෙස, ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ, ක්ෂුද්‍ර සහ පාරිභෝගික ආදී වශයෙන් තම සියලූම සේවාදායකයින් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දී ඇත.

රජය මගින් පාලනය කරන වැඩසටහන් සමඟ පෙළෙගැසෙමින් HNB  ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද ණය සහන’ පහසුකම ඇතුඟ ණය යෝජනා ක‍්‍රම හරහා වාර්ෂික 4% සහන පොළී අනුපාතයකට රුපියල් බිලියන 9.5 කාරක ප‍්‍රාග්ධන ණය (WC) පහසුකම් ද සලසා දී ඇත.

මහ බැංකුවේ සෞභාග්‍යා අරමුදලෙන් ලබා දෙන ණය මුදල ලබා ගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීම සඳහා HNB තමන්ටම අයත් රුපියල් බිලියන 5ක කොවිඞ් සහන අභ්‍යන්තර අරමුදල මගින් වසරකට 8% සහන පොළී අනුපාතයකට ණය ලබා දීම සඳහා HNB මෙම කොවිඞ් අරමුදල ද උපරිමයෙන් යොදා ගනු ලැබීය.

‘‘අපගේ කලාපීය මිත‍්‍ර රටවල් මෙන්ම සමහර සංවර්ධිත රටවල් කිහිපයකට ද සාපේක්ෂව මේ වන විට ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය ආර්ථික ක‍්‍රියාවලිය ක‍්‍රමයෙන් යථා තත්වයට පත් කිරීමට පහසුකම් සලසමින් කොවිඞ්-19 පැතිරීමේ අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශංසනීය ප‍්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙම පෙර නොවූ විරූ වසංගතයෙන් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහාය වෙමින් HNB සිය කාර්යය ඉතා මැනවින් ඉටු කිරීමට උත්සාහ කර තිබෙනවා.’’

‘‘සහන කාරක ප‍්‍රාග්ධන ණය සහ ණය පමා සහන සම්බන්ධයෙන් සැලකිය යුතු සහායක් ලබා දී තිබෙන අතර තවමත් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන, තවමත් සහයෝගය අවශ්‍ය බොහෝ සේවාදායකයින් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සිටිනවා. මෙම අසීරු මොහොතේදී HNB සෑම විටම ඔබ සමඟ සිටින බව මෙම ගනුදෙනුකරුවන්ට සහතික කිරීමට අප කැමතියි. ඒවගේම ඉදිරි අභියෝග මධ්‍යයේ වුවද ව්‍යවසායකයින්ට ශක්තිමත්ව නැවත නැගී සිටීම සඳහා ඔවුන්ගේ ආදායම් වියදම් අතර පරතරය අඩු කර ගැනීමට හැකි බව සහතික කිරීමට හැකි සෑම උපකාරයක්ම අප ලබා දෙනවා,’’ යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

HNB කොවිඞ් සහන වැඩසටහන යටතේ වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියනයකට අඩු ව්‍යාපාරවලට ඔවුන්ගේ හදිසි කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් මිලියන 50ක් දක්වා ණය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.

SME ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූ පළමු පුද්ගලික අංශයේ වෙළෙඳ බැංකුව ලෙස, ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් HNB සතුව දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම 2019 පාස්කු ප‍්‍රහාරයෙන් දැඩි බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා ණය පමා සහන සහ කාරක ප‍්‍රාග්ධන ණය ලබා දීම තුළින් පසුගිය වසර පුරාවට SME සේවාදායකයින්ට සහාය වීම සඳහා බැංකුව අද්විතීය ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

තාක්ෂණික නවෝත්පාදනය සම්බන්ධයෙන් බැංකුව ප‍්‍රකට කළ විශිෂ්ටත්වය සැලකිල්ලට ගෙන කොවිඞ් lockdown කාලපරිච්ෙඡ්දය පුරාවට බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොර සේවාවක් සහතික කිරීම සඳහා පුළුල් වූ ඩිජිටල් බැංකු සේවාවක් ආකාරයෙන් වැඩි සහායක් ලබා දීමට ද HNB ට හැකි විය. මෙම කාලය තුළ කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත‍්‍රික්ක තුළ සිටින ඩිජිටල් බැංකු සේවා සඳහා අවම ප‍්‍රවේශයක් සහිත ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ලබා ගැනීමට හෝ මුදල් තැන්පත් කිරීමට හැකි බව සහතික කිරීම සඳහා ස්ථාන 714ක් පුරා ජංගම ATM යන්ත‍්‍ර හතරක් HNB යොදවා ඇත.

නිවෙස් වෙතට භාණ්ඩ බෙදා හැරීමේ සේවා සහ මුදල් රහිත ගනුදෙනු සඳහා වන ඉල්ලූම ඉහළ යාමත් සමඟ කාඞ්පත් මඟින් සිදු කරන ගෙවීම් සඳහා බ්ලූටූත් උපාංගය මඟින් ක‍්‍රියාත්මක වන හා ඉහළ ඉල්ලූමක් ඇති HNB MOMO පද්ධතිය සඳහා ව්‍යවසායකයින් හා සෑම තරාතිරකම අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන්නන්ගෙන් ඉල්ලීම් විශාල ගණනක් ලැබුණි. එමෙන්ම QR කේතය පදනම් කරගත් බැංකුවේ ජංගම පසුම්බිය වන HNB SOLO යෙදවුමේ ඉල්ලූම ද වසංගතය අතරතුර සැලකිය යුතු වැඩි වීමක් වාර්තා කළ අතර බඩු භාණ්ඩ සඳහා මුදල් ගෙවීමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ වාසිය එමඟින් පරිශීලකයාට ලබා දෙයි.

වසංගතයට ප‍්‍රතිචාරයක් වශයෙන් HNB, සිය පාරිභෝගිකයින්ට AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව හඳුන්වා දුන් අතර එමඟින්  ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව