රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් මෑතකදී යම් මාධ්‍යයන් තුළ පළ වූ යම් මත සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී;

PB_LOGO_Color

රාජ්‍ය  බැංකු  සම්බන්ධයෙන් මෑතකදී යම් මාධ්‍යයන් තුළ පළ වූ යම් මත සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී;

මෙරට  වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය  බැංකුවකි.

මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික විදේශ බැංකු මහජන බැංකුව සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ලැබේ. එහි ප්‍රතිපලයක් ලෙසින් සියලු විදේශීය ණය ගනුදෙනු කිසිදු තුන්වන පාර්ශවයක් නොමැතිව ඝෘජුවම සිදු කෙරෙන අතර, මෙමගින් අවම පිරිවැයක් යටතේ කිසිදු  අක්‍රමිකතාවකට ඉඩක් නොමැතිව එම ගනුදෙනු සම්පූර්ණ කිරීමට මහජන බැංකුව  කටයුතු කරයි.

පසුගිය වසර හැට පුරාවටම මෙන්ම ඉදිරියටත් විශිෂ්ටතම ප්‍රමිතීන්ට අනුකූලව මෙරට සෑම ජන කොඨාශයකටම සේවය සැපයීමටත්, එමගින් රටේ අභිවෘද්ධියට දායක වීමටත් මහජන බැංකුව ඇපකැපවී සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව