රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩිජිටල් පරතරය අවම කරමින් ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ එයාර්ටෙල් තවත් 4G සන්නිවේදන කුළුණක වැඩකටයුතු අවසන් කරයි

Airtel

 



 

 

 

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, සුපිරි වේගය, ගෘහස්ථ ආවරණය හා latency ( දත්ත ලැබීම ආරම්භයට ගත වන කාලය අවම වීම) හැකියාව ආදිය ප‍්‍රථම වරට අත්දැකීමට ප‍්‍රදේශයේ ජනතාවට අවස්ථාව හිමි වනු ඇත. එයාර්ටෙල් හි අතිශයින් වැඩිදියුණු කළ ලෝක මට්මමේ 4G ජාල ආවරණය මනා ලෙස භාවිතා කරමින් එම ප‍්‍රදේශයේ ජීවත් වන 33,737 ක සමස්ත ජනතාවට ප‍්‍රශස්ත, ස්ථාවර 4G අත්දැකීමක් බවට මෙය පරිවර්තනය වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව