රකුටෙන් වයිබර්, බාසිලෝනා පාපන්දු කණ්ඩායම සමඟ සහයෝගීතාව අලුත් කරයි

viber_image_2021-03-10_07-32-20

 




 

 

ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගය වන රකුටෙන් වයිබර්, බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පවතින තම දීර්ඝ කාලීන සහයෝගීතාව නැවතත් අලුත් කරගනිමින්, ඊට සමගාමීව නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් රුසියානු භාෂාවෙන් ක්‍රියාත්මක වන වයිබර් Community එකක් නිර්මාණය කිරීමට මෙන්ම, බාසිලෝනාහි ප්‍රමුඛතම ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වන මාක් ඇන්ඩ්‍රේ ටර්ස්ටේගන්, ෆ්රෙන්කි ඩි යොන්ග්, මිරාලෙම් පියානෙජ්, සර්ජිනෝ ඩෙස්ට්, ක්ලෙමෙන්ට් ලෙන්ග්ලෙට් සහ ඇන්ටුවාන් ග්‍රිස්මාන් යන ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න විමසා ඊට ඔවුන් ලබාදෙන පිළිතුරු එහි පළකිරීමට ද සැලසුම් කර තිබේ.

වයිබර් සහ බාසිලෝනා ක්‍රීඩා සමාජය අතර මෙම සහයෝගීතාව ආරම්භ වූයේ 2017/2018 පාපන්දු තරග වාරය අතරතුරදී ය. එතැන් සිට බාසිලෝනා කණ්ඩායමේ නිල සන්නිවේදන සහකරු ලෙස වයිබර් ක්‍රියා කර ඇත. නව පාපන්දු ක්‍රීඩා වාරයේ ඇරඹුමත් සමඟ බාසිලෝනා ක්‍රීඩා සමාජය සමඟ එක්ව වයිබර් පරිශීලකයින් වෙත නැවුම් අත්දැකීම් ගණනාවක් සමීප කිරීමට ද නියමිත ය. ඒ මෙසේය,

ක්‍රීඩකයින් හමුවී ආචාර කිරීම – බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න විමසීමේ අවස්ථාව රසිකයින්ට හිමිව තිබේ. ඒ අනුව රසිකයින්ගෙන් ලැබෙන ප්‍රශ්න 5-10 අතර ප්‍රමාණයකට ඔවුන් පෞද්ගලිකවම පිළිතුරු ලබා දෙනු ඇත. එහිදී බාසිලෝනා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් පවතින සියලුම වයිබර් Communities වෙත මෙම ප්‍රශ්න යොමුකිරීමට හැකි අතර, හොඳම ප්‍රශ්න කිහිපයක් තෝරාගැනීමට කණ්ඩායම පියවර ගනු ඇත.

බාසිලෝනා තරුවක් සමඟ දිනක් – වයිබර් Community විශේෂාංගය යටතේ බාසිලෝනා පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයෙකු හා සම්බන්ධ වෙමින් (මාර්තු මාසය තුළ), ඔහුගේ දෛනික ජීවිතය හුවමාරු කරගනිමින් කටයුතු කිරීමේ අවස්ථාව ද රසිකයින්ට හිමිවේ.

මනාපය දී ජයග්‍රහණය කරන්න – වයිබර් පරිශීලකයින්ට මෙවර පාපන්දු තරගාවලියේදී ඒ ඒ තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තීරණය කර, මාස් පතා සමරු අත්සන් යෙදූ 2020-21 අලුත්ම බාසිලෝනා ජර්සි දිනාගැනීමේ හැකියාව පවතී. මීට පෙර පැවති ලකුණු ලබාදීමේ සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට ඉතාම පහසු ක්‍රමවේදයක් යටතේ මෙම තරගය පැවැත්වීමට නියමිත ය.

විශේෂ ත්‍යාග – රුසියානු බසින් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් Community එකක් නිර්මාණය වීම සහ සෙසු වයිබර් Communities වල සාර්ථකත්වය සමරමින් ද රසිකයින් සඳහා විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබේ.

රසික තාරකාවන් – බාසිලෝනා කණ්ඩායම හා බැඳුණු තම පෞද්ගලික අත්දැකීම් ආදී කරුණු වයිබර් Community තුළ හුවමාරු කරගන්නා රසිකයින් අතුරින් සෑම මසකදීම රසික තාරකාවක් තෝරාගැනීමට ද අපේක්ෂිත ය.

බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් රුසියානු බසින් Community එකක් ආරම්භ වූයේ පළමු වරට ය. ඊට ප්‍රථම ඉංග්‍රීසි, ස්පාඤ්ඤ හා අරාබි භාෂා වලින් බාසිලෝනාහි ගෝලීය Communities නිර්මාණය විය. ඒ හරහා පාපන්දු තරග සහ ක්‍රීඩකයින් පිළිබඳ වැදගත් තොරතුරු එකිනෙකා සමඟ හුවමාරු කරගැනීමේ අවස්ථාව රසිකයින්ට හිමිවිය. නව පාපන්දු සමය සඳහා හඳුන්වා දී ඇති නවතම බාසිලෝනා වයිබර් ස්ටිකර් පෙළ  චැට් කරන අතරතුර භාවිත කිරීමේ අවස්ථාව ද රසිකයින්ට හිමි වී ඇත. එහිදී මීට පෙර වසරේ පැවති කාටූන් රූප ස්ටිකර් පෙළ වෙනුවට, මෙවර බාසිලෝනා ක්‍රීඩකයින්ගේ සැබෑ මුහුණු යොදාගනිමින් මෙම ස්ටිකර් පෙළ නිර්මාණය කර තිබීම  ද විශේෂත්වයකි.

“බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ අපට පවතින සහයෝගීතාව 2021 වසරේදී ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම පිළිබඳව අපි මහත් සේ සතුටට පත්වෙනවා. 2017 වසරේ මෙම සහයෝගීතාව ආරම්භයේ පටන්ම ඉතාමත් සාර්ථකව ඉදිරියට ගමන් ගත්තා. වයිබර් හරහා ලොව පුරා පාපන්දු රසිකයින්ට තම ක්‍රීඩකයින් සමීප කරවීමට හැකිවීම ගැනත් අපි බෙහෙවින් සතුටට පත්වෙනවා“, යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන වර්ධන නිලධාරිනී ඇනා නමෙන්ස්කයා මහත්මිය පැවසුවාය.

“රුසියානු පාපන්දු ලෝලීන්ට සමීප වීමට හැකිවීම ගැන මම මහත් සේ සතුටට පත්වෙනවා“, යැයි  ඇන්ටුවාන් ග්‍රිස්මාන් පැවසීය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ, බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නවතම රුසියානු Community විශේෂාංගය එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමිනි.

මේ අතර සර්ජිනෝ ඩෙස්ට් ප්‍රකාශ කළේ, නවතම Community විශේෂාංගය සමඟ බාසිලෝනා කණ්ඩායමට තම රසිකයින්ට රුසියානු භාෂාවෙන් කතා කිරීමට හැකිවනු ඇති බව ය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව