රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන චූලා හෙට්ටිආරච්චි මහතා අභාවප‍්‍රාප්ත වෙයි

Chula Hettiarachchi (1)

 




 

 

සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ සහ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන චූලා හෙට්ටිආරච්චි මහතා මැයි 31 වන දින අභාවප‍්‍රාප්ත විය.

දශක දෙකකට වැඩි කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරමින් රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ සදා නොමැකෙන මතකයක් ඇති කිරීමට හෙට්ටිආරච්චි මහතාට හැකි විය. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් සිදු කරමින් මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බවට සොෆ්ට්ලොජික් ලයිෆ් පත් කිරීම සඳහා ඉතා මෑතකදී සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

විධායක අධ්‍යක්ෂ ධුරයට පත්වීමට පෙර ඔහු සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ අතර රක්ෂණ බෙදාහැරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ව්‍යාපාරයේ දියුණුව හා සංවර්ධනය උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ලද ප‍්‍රධාන නිලධාරියා ද ඔහු විය. උපාලි සමූහය සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමෙන් පසු එම සමාගම තුළ ඔහු ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවීය. වසර 36ක් පුරා වෘත්තීයමය අත්දැකීම්වලින් සුදුසුකම්ලත් ඔහුගේ වෘත්තීය දිවියෙන් වසර 27ක කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ කටයුතු කළේය.

‘‘සොෆ්ට්ලොජික් සමාගමේ ශක්තිමත් පුරුකක් වූත් නායකත්වය, දැක්ම සහ මනුෂ්‍යත්වය අතර අද්විතීය පුද්ගලයෙකු වූත් හෙට්ටිආරාච්චි මහතාගේ අභාවය පිළිබඳව අප අතිශයින් සංවේගයට පත් වී සිටින්නෙමු. ඔහුගේ පවුලේ අයට අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු.’’

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව