යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය සමථ පුහුණු නිලධාරීන් සඳහා දින 5 ක පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කරයි

SEDR (LBN)

 



 

 

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය විසින් ආසියා පදනමේ (TAF) තාක්ෂණික නායකත්වය සහ සම්බන්ධීකරණය සමඟින්, සමථ මණ්ඩල කොමිෂන් සභාව හරහා අධිකරණ අමාත්‍යාංශයට අනුයුක්ත සමථ පුහුණු නිලධාරීන් 20 දෙනෙකු සඳහා දින පහක විශේෂිත උසස් සමථකරණ කුසලතා සහ ශිල්පීය පුහුණු වැඩසටහනක් පසුගියදා අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාව පුරා සමථ මූල මණ්ඩලවලදී ඵලදායීව ආරවුල් නිරාකරණයට ස්වේච්ඡා සමථකාරවරුන් පුහුණු කිරීමේ හැකියාව ඔවුන්ට ලබාදීම සඳහා සමථ පුහුණු නිලධාරීන් විශේෂිත සමථකරණ කුසලතාවලින් පෝෂණය කිරීමයි.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු යුරෝපා සංගමයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාව තුළ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සමථකරණ සේවා ඇතුළුව විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණ භාවිතය වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම දින පහක පුහුණු වැඩමුළුව, ශ්‍රී ලංකාව තුළ සමථකරණ ප්‍රයත්නයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සමථ පුහුණු නිලධාරීන්ගේ කුසලතා සහ ධාරිතාව ඉහළ නැංවීමේ ආසියා පදනමේ කාර්යයේ ප්‍රධාන අංගයකි. ආරවුලට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි විසඳුමකට එළැඹීමෙන් ආරවුල් නිරාකරණය කරගැනීම සඳහා රටවැසියන්ට සිය සේවය ලබා දෙන ස්වේච්ඡා සමථකාරවරුන් 8500 කට වැඩි පිරිසක් පුහුණු කිරීමේ හා ඔවුනගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීමේ වගකීම සමථ පුහුණු නිලධාරීන්ට පැවරේ.

මෙම විශේෂිත උසස් සමථකරණ කුසලතා සහ ශිල්පීය පුහුණුව, ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන උනන්දුව පදනම් කරගත් සමථකරණ ප්‍රවේශයේ මූලධර්ම නැවත තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමුකළ අතර, වත්මන් ක්‍රමයට අනුකූලව හැඩගැස්වූ විට රට හරහා වඩාත් කාර්යක්ෂම උසස් තත්ත්වයෙන් යුත් සමථකරණ සේවාවක් තහවුරු කරන නව සහ වැඩිදියුණු කළ සමථකරණ සංකල්පද හඳුන්වා දුන්නේය.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, මෙම පුහුණුව මගින් සමථකරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ එහි න්‍යාය සහ භාවිතයන්, මුල්‍ය ආරවුල්, නිවාස, ඉඩම් සහ දේපල ආරවුල්, ප‍්‍රතිෂ්ඨාපන යුක්තිය සහ බහු-පක්ෂ සමථකරණය ඇතුළු මාතෘකා රාශියක් ආවරණය කරන ලදී. එමෙන්ම, අනුරූපිත සමථකරණ සැසි හරහා ඔවුන්ගේ කුසලතා ක්‍රියාවේ යෙදවීම සහ වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික අවස්ථාවන් ද සහභාගිවන්නන්ට මෙමඟින් ලැබුණි.

මෙම පුහුණුව පවත්වන ලද්දේ සමථකරණ ක්‍ෂේත්‍රයේ දශක දෙකකට අධික ප්‍රවීණ දැනුමක් හිමි ජාත්‍යන්තර විශේෂඥයකු සහ පුහුණුකරුවකු වන ජොනතන් බාර්ච් විසිනි. ඔහු, අසූව දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ආසියා පදනමෙහි දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන ඇමරිකා එක්සත් ජනපදයේ Collaborative Decision Resources Associates (CDR Associates) හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාය.
SEDR පිළිබඳව
ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු, ආසියා පදනම හා හවුල්කාරීත්වයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප්‍රවේශ ව්‍යාපෘතියකි. යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කෙරෙන ‘ප‍්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ’ (STRIDE) වැඩපිළිවෙළට අයත් එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලැබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව