මොබිටෙල් සහ Gamer.LK එක්වී ශ්‍රී ලංකාවේ විශාලතම Mobile Esports Premier League championship තරගාවලිය අති සාර්ථකව නිමා කරයි.

Image 1
Mobitel PUBG Mobile League Championship තරගාවලියේ ශරතාවය දිනාගත් Northern Rangers කණ්ඩායම සම`ග මොබිටෙල් පුද්ගලික සමාගමේ පෙරගෙවුම් සහ ඩිජිටල් සේවා ජේ්‍යෂ්ඨ කළමනාකරු සුනෙත් හපුතන්ත්‍රි මහතා, Gamer.LK ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජේතිලක මහතා (වමේ කොනටම වී සිටී)

ශ්‍රී ලංකාවේ Esports ක්ෂේත්‍රය ඉහළ නැංවීම වෙනුවෙන් තමන්ගේ පොරොන්දුව ඉටුකරමින් මොබිටෙල් ආයතනය Gamer.LK සමග එක්වී ශ්‍රී ලංකාවේ විශාලතම Mobile League Tournament වූ Mobitel PUBG Mobile Esports Premier League 2020 අති සාර්ථකව සංවිධානය කරමින් ශුරයන් තෝරා ගත්තේය.

Mobitel Esports Premier League තරගාවලියේ සමාරම්භයත් සමග ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වීඩියෝ ගේම් ලෝලීන්ට විශේෂයෙන්ම පළාත් නවයම නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම් සියල්ලටම සුවිශේෂී අවස්ථාවන් සහ විනෝදාස්වාදය ලබාගැනීමට මහගු අවස්ථාවක් උදාවිය. සුදුසුකම් ලැබීමේ තරග වට ජයග්‍රහණය කිරීමෙන් පසු ෑ්ිEastern Gladiators, Kandurata Kings, Northern Rangers, Rajarata Giants, Sabaragamuwa Knights, Southern Sharks, Uva Bandits, Wayamba Raiders සහ Western Warriors යන කණ්ඩායම් මිලියනයේ අවසන් ත්‍යාගය සදහා තරග වැදීමට සුදුසුකම් ලැබීය.

අවසන් වටයේ දී Northern Rangers කණ්ඩායම විසින් Mobitel Esports Premier League ශුරතාවය තමන් සතු කරගැනීමට සමත් වූ අතර දෙවන ස්ථානය Wayamba Raiders සහ තෙවන ස්ථානය Southern Sharks කණ්ඩායම් දිනාගත්තේය. 300කට අධික Esports කණ්ඩායම්වල සහභාගීත්වය සමග තනි තරගාවලියකට වැඩිම සහභාගීත්වය සනිටුවහන් කරමින් ලංකාවේ Esports ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තාවක් තැබීමට මෙම තරගාවලිය සමත්විය. මොබිටෙල් විසින් වැඩිදියුණුකළ අධිවේගවත් 4G සබදතාවයත් සමග Facebook, YouTube, Twitch and Mixer ඔස්සේ මෙම තරගාවලිය සජීවිව නැරඹීමේ අවස්ථාව ද උදාකර දී තිබිණි.

මෑතක දී සිදු වූ Esports ක්‍රීඩාවේ සීඝ්‍ර වර්ධනයත් සමග අදවන විට ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය ඉතාම වේගයෙන් ව්‍යාප්තවන ක්‍රිඩාවක් ලෙස Esports හැදින්විය හැකි අතර 2019 සැප්තැම්බර් මාසයේ දී නිල ක්‍රිඩාවක් ලෙස එයට පිළිගැනීම ලැබිණි. ශ්‍රී ලංකාවේ ක්‍ර්‍රිීඩා ක්ෂේත්‍රයට අතහිතදීමෙන් ඉහළ පිළිගැනීමක් ලබාගෙන සිටින මොබිටෙල් අපේ රටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව ඇති Esports වැනි නව ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කිරීමේ වටිනාකම හදුනාගෙන ඇත.PUBG Mobile යනු තුන්වන පාර්ශවයේ combat game එකක්වන අතර දකුණු ආසියානු කලාපයේ තරුණ තරුණියන් ඔන් ලයින් හරහා සම්බන්ධ වී තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කර වැඩියෙන්ම ක්‍රීඩාකරන මොබයිල් ගේම් එක ලෙස එය වඩාත් ජනප්‍රිය වී තිබේ.

වසර ගණනාවක සිට තරුණ තරුණියන්ගේ දක්ෂතාවන් හදුනාගැනීම සහ සවිබලගැන්වීම තුලින් අනාගත තාක්ෂණික ලෝකය වෙත ඔවුන්ව සාර්ථකව රැගෙන යාමට මොබිටෙල් ආයතනය විසින් ඉදිරිගාමී පියවර රැසක් ගෙන ඇත. මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ තරුණ Esports තරගකරුවන්නට තමන්ගේ ආසාව ඛෙදාහදාගැනීමට, දක්ෂතාවයන් පෙන්වීමට සහ Esports ක්‍රීඩාවේ උපායමාර්ගික දක්ෂතාවයන් හරහා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ බැබැළවීමට මනා වේදිකාවක් සකස් කර දී තිබේ.

මෙවන් විශාල තරගාවලීන් සංවිධානය කරමින් වැඩි පිරිසක් ඒ වටා එකතු කරගැනීමෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ Esports ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් කාලයක් තිස්සේ ඉදිරියෙන්ම සිටීමට Gamer.LK  තම අසමසම දායකත්වය ලබාදුන්නේය. ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගයත් සමග ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක්වන Esports South Asia Cup තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ සංවිධානය කිරීමට Gamer.LK  සමත්විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව