මෙරට වෘත්තීය සහ ආධුනික සංගීතවේදීන් සඳහා යමහා නවතම කීබෝර්ඞ්ස් පෙළක් හඳුන්වා දෙයි

Yamaha PSR SX Keyboards

වෘත්තීය සහ ආධුනික සංගීතවේදීන්ට ප‍්‍රමුඛතම සන්නාමයක් වන යමහා වෙතින් නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් පෙළක් යමහා මියුසික් සෙන්ටර් විසින් දේශීය වෙළෙඳපළට හඳුන්වා දී ඇති බව නිවේදනය කර තිබේ.

PSR S කීබෝර්ඞ් පෙළ වෙනුවට නවතම යමහා PSR SX පෙළ හඳුන්වාදී ඇති අතර PSR SX900 සහ PSR SX700 ඒ අතර ප‍්‍රමුඛතාවයක් ගනියි. සංගීතවේදීන්ට අවශ්‍ය ඉහළ නාද රටා පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව එහි සතු සුවිශේෂී ලක්ෂණයකි.

තවද සංගීතය හදාරන දරුවන් වෙනුවෙන්ම නවතම PSSF30 සහ ‘Remie’ PSSE30 කීබෝර්ඞ්ස් පෙළ දැරිය හැකි මිලට හඳුන්වාදී ඇති අතරල ඩිජිටල් ගීත පොතක්ල ස්පීකරයක් සහ හෙඞ්ෆෝන් ජැක් එකකින්දල සමන්විත වේ. පහසුවෙන් ගෙන යා හැකි ආකාරයට කිලෝ 1.2ක පමණ බරකින් සමන්විත වන අතර 506mm x 54mm ක ප‍්‍රමාණයේ ඇසුරුමක බහා ඇත.

සංගීතය වැනි සජීවී කර්මාන්තයක නවෝත්පාදනය සහ නිෂ්පාදන සංවර්ධනය ඉතාමත් වැදගත්” යනුවෙන් මෙම කීබෝර්ඞ්ස් පෙළ පිළිබඳව අදහස් දක්වමින් යමහා මියුසික් සෙන්ටර්ස්හි, සාමාන්‍යාධිකාරී – විකුණුම් සහ අලෙවිකරණ ෂේන් ජොයිකිම් මහතා ප‍්‍රකාශ කළේය. තාක්ෂණයේ දියුණුව සමග අත්වැල් බැඳගැනීමත්, අනාගත අවශ්‍යතා නිවැරදිව පුරෝකතනය කිරීමත්, පාරිභෝගිකයින්ගේ අපේක්ෂා ඉක්මවන නිෂ්පාදන හඳුන්වාදීමත් නිසා යමහා නාමය සැමගේ ගෞරවයට පාත‍්‍රවී ඇති බවත් මෙම නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් මගින් මෙම වටිනාකම් පාරිභෝගිකයින්ට ලබාදීමට උත්සුක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලොව අනර්ගතම සංගීත භාණ්ඩ, හෝම් ඕඩියෝ, ප්‍රෝ ඕඩියෝ සහ ස්ටුඩියෝ රෙකෝඩින් උපකරණ එකම වහලක් යට අළෙවිකරන මෙරට පිහිටි එකම සංගීත භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරය යමහා මියුසික් සෙන්ටර් වන අතර සියළු සංගීත අවශ්‍යතා කාර්යක්ෂම සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් වෙතින් තිළිණ කිරීම යමහා මියුසික් සෙන්ටර් හි මුඛ්‍ය පරමාර්ථයයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව