
මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ ටයර් වෙළඳපල තුළ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය හා කාර්යසාධන ගතිකත්වය පරිවර්තනය කළ හැකි නවීනතම ටයර් තාක්ෂණය එළිදක්වා තිබේ.
සියැට් ‘Load Max Pro’ පෙළ එළිදැක්වීම තුළින් බයස්-ප්ලයි ටයර් ප්‍රමාණයන් තුනක් වෙළඳපලට හඳුන්වා දී ඇති අතර එමඟින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් හට වැඩි කිලෝ මීටර ගණනක් පැදවීමේ හැකියාව ලබා දෙයි. එමගින් එක් ටයරයකට කිලෝ මීටරයක් සඳහා වන පිරිවැය රුපියල් 2 කටත් වඩා අඩු මිලක් බවට පත් කරන බව සමාගම පවසයි.
පසුගිය දා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි දී පැවති අලෙවි නියෝජිතවරු හා හවුල්කරුවන්ගේ හමුවකදී මෙම ටයර් පෙළේ ප්‍රථම ටයර ප්‍රමාණයන් දෙක වන සියැට් Load Max Pro 18++ 10.00-20 සහ සියැට් Load Max Pro 7.50-16 එළි දැක්වීය. එහිදී වාණිජ වාහන වල කාර්ය සාධනය, කල්පැවැත්ම සහ පිරිවැය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන නවතම ටයර් සැළසුම් කිරීම හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව අමුත්තන්ට අවබෝධයක් ලබා දෙන ලදී.
10.00-20 ප්‍රමාණයේ සියැට් Load Max Pro 18++ ටයරය ලංකා අශෝක් ලේලන්ඩ් සහ ටාටා වැනි බර ට්‍රක් රථ, කන්ටේනර් ප්‍රවාහන ට්‍රක් රථ, ඉන්ධන බවුසර් ට්‍රක් රථ සහ සිමෙන්ති ප්‍රවාහන රථ සඳහා වන අතර 7.50-16 ප්‍රමාණයේ සියැට් Load Max Pro ටයරය, Mitsubishi Fuso Canter Fe/Fg, Tata Marco Polo සහ Eicher Skyline වැනි සැහැල්ලු ට්‍රක් රථ සඳහා වේ.
ටයර් සඳහා වන සමස්ත පිරිවැය අඩු කරමින් මෙම ටයර් මගින් දිගු ආයු කාලය, වැඩි බරක් දැරිය හැකි ධාරිතාව, ඒකාකාරී කට්ට ගෙවී යාම, වැඩි ස්ථාවර බව සහ පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ලබා දෙන අතර එය භාවිතා කිරීමේ දී කීප වතාවක් ම ටයරය නැවත ඩැග් කිරීමේ හැකියාව ද ලබා දෙන බව සමාගම පැවසීය.
ශ්‍රී ලංකාවේ දියත් කළ මෙම නවතම නිෂ්පාදන පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්ෂම ඉදිරි ගමන සහතික කරන නව්‍යෝත්පාදනය හා විශිෂ්ටත්වය වෙනුවෙන් සියැට් කැලණි සමාගමේ කැපවීම සඳහා සියැට් Load Max ටයර් මාලාව හොඳ සහතිකයක්. මෙම නව ටයර පෙළ දියත් කිරීමත් සමගින් ඒ වාහන හිමිරුකරුවන්හට හා වාහන ක්‍රියාකරුවන්හට ඉහළ කාර්යසාධනයක්, වැඩි කිලෝමීටර ගණනක් සහ අඩු මෙහෙයුම් පිරිවැයක් ලබා දෙමින් සියැට් සන්නාමය, ප්‍රවාහන අංශයේ පාරිභෝගිකයින් අතර වැඩිම අලෙවියක් ඇති සන්නාමය ලෙසත්, වඩාත් කැමති ම තේරීම ලෙසත් සිය ස්ථානය ශක්තිමත් කර ගනී.”
ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයක් වන අතර ඒ තුළින් නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල් (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.
ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ අපනයනය කරයි.