මෙම උත්සව සමයේදී පුළුල් තිර QLED 8K, QLED, සහ UHD TV සඳහා ආකර්ෂණීය දීමනා රැසක් Samsung හඳුන්වා දෙයි

Image-1

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විශ්වසනීයම ගෘහස්ථ විදුලි උපකරණ සන්නාමය වන Samsung රූපවාහිනී යන්ත්‍රවල තිරයේ ප්‍රමාණය විශාල කරමින් සහ නව QLED  තාක්ෂණය සහිත මනරම් හැඩයෙන් සමන්විත රූපවාහිනී යන්ත්‍ර හඳුන්වාදෙමින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව ඉහළ තලයකට රැගෙනයාමට කළ කැපවීමත් සමඟ පසුගිය උත්සව සමයේදී තමන් සතු උසස් තාක්ෂණයේ රූපවාහිනී යන්ත්‍රවල වාර්තාගත අලෙවියක් සටහන් කළේය. ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ඉහළම අලෙවියක් වාර්තා කරන රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදකයා ලෙස සිය නාමය නොකඩවා වසර 13ක් ඉහළින් රඳවා ගැනීමට Samsung සමත්වී තිබේ.

එලෙසම ළඟ එන උත්සව සමය ඉලක්ක කරගනිමින් තම නිවෙස් වෙත නවීන විද්‍යුත් උපකරණ මිලදී ගැනීමට ජනතාව හුරුවී සිටින අතර, ඒ බව මැනවින් අවබෝධ කරගත් Samsung සමාගම ඔවුන් වෙනුවෙන් ආකර්ෂණීය දීමනා රැසක් හඳුන්වා දෙයි. Samsung නත්තල් දීමනා ඉතාමත් ආකර්ෂණීය වන අතර, තෝරාගත් QLED  TV, 4K UHD TV සඳහා 25%ක් දක්වා වට්ටම් පිරිනැමීමටද කටයුතු කර තිබේ. තවද පාරිභෝගිකයින්ට කොමර්ෂල්, ්‍යීඊක්‍, නේෂන්ස් ට්‍රස්ට්, සම්පත් කාඞ්ස් හා ස්ටෑන්ඩර්ඞ් චාර්ටර්ඞ් වැනි ප්‍රධාන බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 60 දක්වා පොලී රහිත වාරික ගෙවීමේ පහසුකම්ද ලබා ගත හැක. ඊට අමතරව තෝරාගත් රූපවාහිනී මාදිලි මිලදී ගැනීම සඳහා නොමිලේ තෑගි සහ තවත් වට්ටම් හා දීමනා රැසක් හිමිවේ.

Samsung Premium TV පෙළ:

Samsung QLED TV

ඉහළම තලයේ රූපවාහිනී යන්ත්‍රයක හිමිකාරීත්වය සහ නිවසේ විනෝදාස්වාදයට නව මානයක් එක්කළ Samsung QLED TV මනරම් හැඩයකින් සහ සුපැහැදිලි රූප තීව්‍රතාවයක් ලබාදෙන Quantum Dot තාක්ෂණය සමඟ රූපවාහිනීයේ තීව්‍රතා අගය ඉහළටම ඔසවන HDR10+ සහ අසමසම වර්ණ සුපැහැදිළිතාවයක් සමඟින් අද්විතීය රූපමය අත්දැකීමක් සැමදෙනාටම අත්කරදීමට සමත්වේ. තවද සැබෑම වර්ණ තීව්‍රතාවය සහ සුපැහැදිළි රූපමය අත්දැකීමක් ලබාගැනීමට Direct Full Array Elite 16X better (8K) විශේෂාංගය සහිතව මෙම රූපවාහිනිය නිෂ්පාදනය කර ඇත.

Ambient Mode එකේදී QLED TV එක කලාකෘතියක් බවට පරිවර්තනය වන අතර මෙම Ambient Mode අවස්ථාවේදී නිවසේ අභ්‍යන්තරික වටපිටාව සමඟ ඒකාත්මික වන ලෙස රූපවාහිනිය සැකසිය හැක. රූපවාහිනිය  පිටුපස ඇති හිඩසක් නොපෙනෙන ආකාරයට බිත්තියටම අල්ලා සිටින ලෙස රැඳවිය හැකි Wall-Mount එක නිසා පින්තූරයක් ආකාරයට රැඳවීමේ හැකියාව ද මෙය සතු වේ. එසේම මෙම මාදිලිය භාවිතා කරන්නන්නට කලින් තිබුනු මාදිලියට වඩා තවත් පියවරක් ඉදිරියට ගිය Bixby 2.0 විශේෂාංග සහිත දුරස්ථ පාලකය හරහා කටහඬ මඟින් රූපවාහිනිය පාලනය කිරීමේ හැකියාව (Voice Control) මෙන්ම TV එකට සම්බන්ධවී ඇති සියලු උපාංග අමතර සම්බන්ධකයක් හෝ සංකීර්ණ පද්ධතියකින් තොරව එකම දුරස්ථ පාලකය (One remote control) මඟින් පාලනය කිරීමේ හැකියාව ද ලැබේ.

මේ වසර ආරම්භයේ දී Samsung විසින් 8K QLED රූපවාහිනී නිෂ්පාදන පෙළක් වෙළඳපොලට හඳුන්වාදුන්නේය. සුඛෝපභෝගී නිවසක අනිවාර්ය අංගයක් ලෙස සැලකිය හැකි මෙම Samsung QLED 8K TV එක සර්ව සම්පූර්ණ 8K අත්දැකීමක් ඔබට ලබාදෙන්නට Real 8K Resolution 8K AI Upscaling Quantum Processor 8K, and  Quantum HDR10+ තාක්ෂණික විශේෂාංගවලින් සන්නද්ධව පැමිණෙයි.

Samsung QLED 8K එක මිලියන 33 චසංැකි සංඛ්‍යාවක් සමඟ 75-inch (189 cm), 82-inch (207 cm) සහිත පුළුල් තිර මාදිලිවලින් පැමිණෙන අතර මෙය 4K UHD TV එකට වඩා හතර ගුණයකින් වැඩි රුිදකමඑසදබ අගයක් වන අතර Full HD TV එකට වඩා දහසය ගුණයක අගය වැඩිවීමකි. එයින් පාරිභෝගිකයාට පෙර අත්නොවිඳී අසමසම රූපමය අත්දැකීමක් ලැබෙයි. තිරයේ දකින රූපය එහි සැබෑම තත්ත්වයටම සහ අපේ ජීවිතවලට සැබෑවටම දැනෙන තත්ත්වයෙන් ඉහළ රූපමය අත්දැකීමක් මෙමඟින් හිමිවේ.

4K UHD Smart රූපවාහිනිය

Samsung 4K UHD TV එක මඟින් එකිනෙකට ඒකාත්මිකවූ රූපවාහිනී අත්දැකීමක් සහ අන්තර් සම්බන්ධතාවක් පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතයට හිමිකරදෙයි. PurColor technology, HDR10+ සහ Bixby 2.0 තාක්ෂණික විශේෂාංග සහිතව පැමිණෙන මෙම රූපවාහිනිය සුපිරි වර්ණ සංයෝජනයක්, අසමසම තීව්‍රතා තලයක් සහ සුපැහැදිළිකමක් සහිතව නිර්මාණය කර තිබේ. Live Cast, Tune Station, Screen Mirroring, Lag Free Gaming, Real 4K resolution සහ content guide 60+ Titles ආදී තවත් විශේෂාංග මෙය සතුවේ. මෙම රූපවාහිනිය මඟින් පාරිභෝගිකයාට ඉහළ තත්ත්වයෙන් වැඩිදියුණු කළ රූපමය අත්දැකීමක් සහ ඕනෑම content එකක් සුපිරි තත්ත්වයෙන් භාවිතා කිරීමේ අවස්ථාව උදාකරයි.

පුද්ගලික පරිගණක Mode එක සහිතව එන Samsung Smart TV

Samsung Smart TV නිෂ්පාදනය කර පැමිණෙන්නේම අසමසම විශේෂාංග රැසක් සහිතව වේ. රූපවාහිනී ක්ෂේත්‍රයේ පළමු හඳුන්වාදීම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ඉතාම ඉක්මණින් අත්දකින්නට අවස්ථාව Samsung ලබාදී තිබේ. Smart TV වල මූලික අරමුණ වන්නේ, පාරිභෝගිකයාගේ ජීවිතය පහසුකරන්න සහයෝගය දැක්වීමයි. Personal Computer, Music System, Home Cloud, Live Cast, 2-Way video sharing සහ 2-Way audio sharing ආදී වූ Magic Unbox විශේෂාංග 6 නිසා Samsung Smart TV එක මඟින් පාරිභෝගිකයාට වින්දනීය රූපමය අත්දැකීමක් ලබාගන්නට අවශ්‍ය සියල්ල සමීප කිරීමේ හැකියාව හිමිවේ. එසේම Samsung වල නවතම Smart TV පෙළ අඟල් 32 රුපියල් 46,990 සිට සහ අඟල් 82 දක්වා වූ පුළුල් තිරය සහිතව වෙළඳපොළට හඳුන්වාදී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව