මුල් ළමාවිය සංවර්ධනය නව මානයකට යොමු කරමින් Atlas PlayPalz, අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ මාලාවක් එළිදක්වයි.

atlas

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Atlas Axillia Company (Private) Limited, ‘Atlas PlayPalz’ සන්නාමය යටතේ මුල් ළමාවිය සංවර්ධනයට උපකාරී වන නවතම අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ මාලාවක් හඳුන්වා දීමට පියවර ගත්තේය. අගෝස්තු 27 වන දින Trace Expert City හිදි නිල වශයෙන් පැවති මෙම එළි දැක්වීමේ උත්සවය සඳහා Atlas Axillia Company (Private) Limited සහ Hemas Holdings PLC හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම මාධ්‍ය නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

 



 

Atlas PlayPalz සෙල්ලම් භාණ්ඩ මාලාව, කුඩා දරුවන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය සහ සංජානන හැකියාවන් පෝෂණය කරමින් ඔවුනගේ මුල් ළමාවියෙහි අධ්‍යාපනික පරිවර්තනයක් ඇති කිරීම අරමුණු කර ඇති බැවින්, අධ්‍යාපනික සෙල්ලම් බඩු වෙළඳපොළ තුළ මෙය ප්‍රධාන සන්ධිස්ථානයක් නියෝජනය කරනු ලබයි. ‘ඔබේ දරුවාගේ ඇතුළාන්තයේ සිටින දක්ෂයින් එළි කරන්න’ යන අරමුණ යටතේ Atlas PlayPalz Block buddies, Mind buddies සහ Craft buddies යනුවෙන් උප සන්නාම තුනක් හඳුන්වා දෙන අතර, එකී සෑම මෙවලමක්ම දරුවන්ගේ විවිධ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කර තිබේ. ළමයින්ගේ සංජානන, චිත්තවේග සහ සමාජ වර්ධනය පෝෂණය කරමින් ආකර්ෂණීය වූ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සැපයීම සඳහා මෙම භාණ්ඩ සූක්ෂ්ම ලෙස නිර්මාණය කර ඇත.

මෙම අවස්ථාව සඳහා පැමිණ සිටි පිරිස අමතමින් Atlas Axillia ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසීය. “මෙම Atlas PlayPalz එළි දැක්වීම, ඉගෙනුම් අවකාශයට පිවිසෙන Atlas Axillia ආයතනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. දරුවෙකුගේ සංවර්ධනය වැඩිදියුණු කිරීමේ දී සහ නිර්මාණශීලිත්වය පුබුදුවාලීමේ දී අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ මගින් ඉටු කෙරෙන වැදගත් කාර්යභාර්ය අපි නිසි ලෙස හඳුනාගෙන තිබෙනවා. එබැවින් Atlas PlayPalz ඔස්සේ දරුවන්ට ඔවුන්ගේ අභ්‍යන්තරික දක්ෂතාවයන් සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන සහ දිරිගන්වන නිෂ්පාදනයක් දායක කිරීමට අපි ඉලක්ක  කර ගන්නෙමු.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩයන්හි වැදගත්කම පෙන්වා දෙමින් ළමා ‌මනෝවිද්‍යාඥ වෛද්‍ය බීනුකා වික්‍රමතුංග මහත්මිය මෙසේ අදහස් දැක්වීය. “මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් ක්‍රීඩාව මූලීකවම බලපාන දෙයක් වන අතර එම වැදගත් අදියර වැඩිදියුණු කිරීමේ පුළුල් අරමුණ සහිතව Atlas PlayPalz මෙම සෙල්ලම් භාණ්ඩ නිර්මාණය කර තිබෙනවා. දරුවකුගේ හැකියාවන් වැඩිදියුණු කරමින් අධ්‍යාපනික අත්දැකීම් ලබා දීමට මෙවැනි ආකර්ෂණීය නිෂ්පාදන හඳුන්වා දීම ඉතා වැදගත් වෙනවා”

මුල් ළමාවිය සංවර්ධනය ඉහළ නැංවීමේ වැදගත්කම සහ දරුවන්ගේ ඇතුළන්තයේ ඇති කුසලතාවයන් එළි දැක්වීමට අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ තුළින් ඉටු කෙරෙන වැදගත් කාර්යභාර්ය පිළිබඳව, විවිධ ක්ෂේත්‍රයන් හි සිටින ගෞරවනීය මණ්ඩලයක් විසින් මෙහිදී විද්වත් කතිකාවතක් පවත්වනු ලැබීය. අධ්‍යාපනික විෂය මාලාවට මෙවැනි අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ ඇතුළත් කිරීමේ වැදගත්කම ද මෙම කතිකාවතේ දී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

Atlas Axillia හි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර, Atlas Axillia හි නව ව්‍යාපාර සමූහයේ ප්‍රධානී ෂෝහීන් හමීඩ්, ළමා මනෝවිද්‍යාඥ ආචාර්ය බීනුකා වික්‍රමතුංග සහ සම්මානලාභී, අධ්‍යාපන නියෝජිත සහ Wiz Kidz International හි අධ්‍යක්ෂිකා අංජලිකා විජේසිංහ යන පිරිස මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහිදී අත්දැකීම් කලාප එළිදැක්වීමත් සමඟ මෙහි පැමිණ සිටි අමුත්තන් ක්‍රීඩාව සහ අධ්‍යාපනය මුසු වූ තෘප්තිමත් සන්ධ්‍යාවක් භුක්ති විඳින අයුරු දක්නට ලැබුණි. Genius කලාපය තුළ භෞතික සහ ඩිජිටල් මාධ්‍ය ඒකාබද්ධ වූ මිශ්‍රිත ඉගෙනුම් අත්දැකීමක් වැඩිදියුණු කළ අතර, Genius Roots තුළින් දෙමාපියන් වෙත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මූලාශ්‍රයන් සහ උපදෙස් සපයන වටිනා තෝතැන්නක් ලෙස ක්‍රියාත්මක විය. මීට අමතරව, Genius Insights ඔස්සේ ආකර්ෂණීය වීඩියෝ නිබන්ධනයන් හරහා ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා විශේෂඥ ආදර්ශනයන් ඉදිරිපත් කළේ ය.

සෑම දරුවෙකු තුළම ඇති දක්ෂතාවයන් හඳුනා ගැනීම සදහා වූ PlayPalz සංකල්පය එළි දැක්වීමේ උත්සවය ගෞරවනීය හවුල්කාරීත්වයක සහභාගීත්වයෙන් නිමාවට පත් කෙරිණ. සෑම දරුවෙකුගේම හැකියාවන් එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය නවතම තලයකට රැගෙන ඒමට Atlas PlayPalz මඟ පෙන්වනු ඇත.

Atlas PlayPalz යනු මෙරට විශාලතම ළමා ඉගෙනුම් මෙවලම් නිෂ්පාදකයා වශයෙන් හැට වසරක උරුමයක් සහිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනයක් වන Atlas Axillia Company (Pvt) Ltd හි ප්‍රධාන ආයතනික කොටසකි. ඉගෙනුම් මෙවලම් හි ඇති උසස් නිමාව, ක්‍රියාකාරීත්වය සහ දැරිය හැකි මිල සඳහා Atlas Axillia ආයතනය ප්‍රසිද්ධත්වයක් උසුලයි. පුළුල් සහ විනෝදකාමී අධ්‍යාපනික ගමනකට රුකුලක් වෙමින්, අධ්‍යනය පරිපූර්ණ ඉගෙනුම් අත්දැකීමක් බවට පරිවර්තනය කරන උසස් තත්ත්වයේ පරිශීලක හිතකාමී නිෂ්පාදන තුළින් “අනාගත පරම්පරාවේ දක්ෂතාවන් එළි දැක්වීමේ” මෙහෙවරට Atlas Axillia සහ Hemas Holdings සාඩම්බර අනුබද්ධිත ආයතනයක් ලෙස කැප වී කටයුතු කරනු ලබයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව