මාලබේ නගරයෙන්ල මනරම් දිය ඇල්ලක් අභියසල සුඛෝපභෝගී නිවහනක්

Image (17)

 

Prime Waterfall Residencies

වසර 25 ක් පුරා අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පළමු වරට ICRA Lanka (A-) ණය ශ්‍රේණිය හිමි කර ගත් ප්‍රයිම් සමූහය සිය නවතම ව්‍යාපෘතිය වන Prime Waterfall Residencies නිවාස ව්‍යාපෘතිය ජූනි මස 27වන දින එළිදක්වයි. කොළඹ නගරයට ඉතා ආසන්නව සියලු නාගරික පහසුකම්වලින්  සපිරි තොරතුරු සන්නිවේදන කලාපය (IT Zone) තුල පිහිටි මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, නිසංසල පරිසරයක ඉදිකෙරෙන මෙම තනි නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 40ක් ගොඩනැංවෙනු ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතියම දැඩි පරිසර හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කරමින් කායික සහ මානසික සුවපත් දිවියකට අවැසි සියලු අංගයන්ගෙන් සමන්විතව ඉදි වනු ඇත. වැඩිහිටියන්ට සහ ළමුන්ට වෙන් වෙන් වශයෙන් විශාල පිහිණුම් තටාක දෙකක් නිර්මාණය කෙරෙන අතර දරුවන්ට ක්‍රීඩා කිරීමට වෙන් වූ පරිශ්‍රයක්, සුවපත් දිවියක් සඳහා අවැසි යෝගා ව්‍යායාම සඳහා වෙන්වූ පරිශ්‍රයක් ද මෙහි නිර්මාණය වනු ඇත. මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙන මනරම් උස් භූමිභාගයේ පිහිටීම අනුව එහි නිවාසයන් හි ඉහළ මහල් වෙත පිවිසීමෙන් හිරු අවරට පිවිසෙන කොළඹ නගරයේ චමත්කාරජනක දසුන් නැරඹීමටද හැකිවනු ඇත. එළිමහන් ශරීර සුවතා පහසුකම් පරිශ්‍රයකින් ද, ඇවිදින මන්තීරුල බාබකියු පහසුකම්, නිවැසියන් සඳහාම ඉදිකෙරෙන ගෙවතු වගා බිමක් ද මෙම නිවාස ව්‍යාපෘතියට නව ජීවයක් ලබා දෙනු ඇත. ප්‍රයිම් සමූහය විසින් ඉදිකරන තවත් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැක්කේ වචනයේ පරිසමාප්ත අරුතින්ම නිවැසියන්ට දියඇල්ලක පහස මේ සමගම අත්විඳීමට ඇති හැකියාව නිසයි. එනම්  Prime Waterfall Residencies නිවාස ව්‍යාපෘති පරිශ්‍රයේ අඩි 100 ක පමණ උසකින් යුතු දිය ඇල්ලක් නිර්මාණය කෙරෙන අතර දියඇල්ල කඩා හැලෙන භූමියේ අලංකාර පොකුණක්ද නිමැවේ. මෙම දිය ඇල්ලල පිහිටි කලුගලින් නිමවෙන අතර ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් නිර්මාණයක් වනු ඇත. නිවාස ඉදිකෙරෙන සමස්ත භූමිභාගයම පැය 24පුරාම ආරක්ෂිත කැමරාවන් මගින් නිරීක්ෂණය කෙරේ. මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ පොදු පරිශ්‍රයන් සියල්ල සුර්ය බල විදුලි ආලෝකයෙන් හැඩගැන්වෙන අතර දිරාපත් වන අපද්‍රව්‍ය එක් රැස් කර කොම්පෝස්ට් පොහොර බවට පත් කළ හැකි පරිශ්‍රයක් ද වෙන් කර තිබීමයි.

කොළඹ නගරයට සමීපව පිහිටි මාලබේ  Prime Waterfall Residencies  නිවාස ව්‍යාපෘති පරිශ්‍රය නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඉතා සමීපයෙහි පිහිටි අතර හොරයිසන් ජාත්‍යන්තර පාසල, පිහිණුම් තටාකය සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානය අතිශය සමීපයෙහි පිහිටා ඇත. පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොතලාවල හා වැලිවිට පිවිසුම්වලට ඉතා ආසන්නව පිහිටි බැවින් ලංකාවේ අධිවේගී මාර්ග ජාලයට පහසුවෙන් සම්බන්ධ විය හැකි අතරම, අධ්‍යාපන ආයතනය, 143 සහ 177 බස් මාර්ගයන් මෙන්ම ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ඇතුළු සියලු පහසුකම් කිලෝමීටර 2කටත් අඩු දුරකින් පිහිටීම මෙම නිවාස ව්‍යාපෘතියෙහි තවත් සුවිශේෂි ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැක. මීට අමතරව මෙම නිවාස ව්‍යාපෘතිය පිහිටි මනරම් භූමිභාගය සුන්දරත්වයෙන් අනූන වන්නේ විවිධ කුරුළු වර්ග ගණනාවක් මෙහිදී දැකගත හැකි බැවිනි.

‘‘Prime Waterfall Residencies” නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙන පරිශ්‍රය අක්කර 5 කට වැඩි භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර මෙහි ඉදිවන නිවාස, මහල් දෙකකින්  හා  නිදන කාමර තුනකින් සමන්විතව ඉදි කෙරේ. වර්ග අඩි 1552 සිට 1707ක් දක්වා විහිදෙන මනා ඉඩකඩ සහිත සිත් ඇදගන්නා සුළු මාදිලි 3කින් සැලසුම්ගත නිවාස මෙහිදී පාරිභෝගිකයන්ට තෝරා ගත හැකග පර්චස් 10 ක බිම් ප්‍රමාණයක් තුල ඉදිවන මෙම නිවාස වල තවත් එක් සුවිශේෂී අංගයක් වන්නේ ඉඩමෙන් අඩකටත් වඩා විශාල වූ අලංකාර මිදුලක් සහිත වීමයි. සුපිරිසිදු වාතාශ්‍රය ලැබෙන පරිදි නවීන ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමවේදයන්ටත් ස්මාර්ට් හෝම් තාක්ෂණයටත් අනුගතව ජාත්‍යන්තර තත්ත්වයේ උපාංග භාවිතයෙන් ඉදි වන ‘‘ Prime Waterfall Residencies” නවීන මුළුතැන්ගෙයක්, උණුසුම් ජල සම්පාදන පහසුකම් ඇතුළු නුතන පහසුකම් රැසක් සමගින් ඉදි කෙරෙනු ඇත.  මෙම නවීන නිවාස ව්‍යාපෘතිය 2022 දි පාරිභෝගිකයන් අතට පත් කිරීමට ප්‍රයිම් සමුහය සැලසුම් කර ඇති අතර නිවසක් රුපියල් මිලියන 24.5 න් ආරම්භ වන අතර වසර 2ක පොළී රහිත ගෙවීම් කාලයක්ද පාරිභෝගිකයන් හට හිමි වනු ඇත.

‘‘Prime Waterfall Residencies” නිවාස ව්‍යාපාතිය පිලිබඳව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සමාන්‍යාධිකාරී රුමින්ද රන්දෙණිය මහතා “නගරයේ කලබලකාරී පරිසරයෙන් බැහැරව එහෙත් සියලු පහසුකම් සහ ස්මාර්ට් හෝම් තාක්ෂණයෙන් යුතු දෙමහල් නිවසක ජීවත්වීමට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් සඳහා වඩාත් නිවැරදි තෝරාගැනීම මෙම ව්‍යාපෘතිය ලෙස අවිවාදයෙන් හඳුන්වා දෙන්න පුළුවන් වගේම පැය 24 පුරාම ආරක්ෂාව, ක්‍රීඩා පහසුකම් , සුපිරි වෙළෙඳසැල් මෙන්ම නෙතට රසඳුනක් වු මනස්කාන්ත දියඇල්ලක් අසල සුවපහසු දිවියක් සඳහා අවැසි පහසුකම් බොහොමයක් මීට අන්තර්ගතව පවතිනවා. මුළු ව්‍යාපෘතිය පුරාම පාරිසරික සුන්දරත්වයට සහ කායිකමානසික සුවපත් බව ඇති කිරීම සඳහා අප විසින් ගනු ලැබූ පියවර මෙරට නිවාස ඉදිකිරීම් සහ දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයෙහි නව සලකුණක් වනු ඇති බව මම විශ්වාස කරනවා ” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත් වූ ප්‍රයිම් සමූහය මුළුමනින්ම ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක් වන අතර LMD සඟරාව විසින් 2016 සිට 2019 වසරේදී මෙරට ව්‍යාපාරයන් අතර ගෞරවනීය ව්‍යාපාරික නාමාවලියට ඇතුලත් කළ සමාගම් සමුහයට අයත් විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව