
සෑම විටම සිය ගෝලීය පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරන TikTok ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එම උත්සාහයෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙස සියලු වයස්වල පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යන නව යෙදවුමක් TikTok විසින් හඳුන්වා දී ඇත. විශේෂයෙන් ලොව පුරා පිළිගත් සංවිධානවල සහාය සමඟින් ඩොලර් මිලියන 2.3ක ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදලක් නිර්මාණය කිරීමටද TikTok කටයුතු කර ඇත.
එහිදී පාසල් යන නව යෞවනයකු වුවද එදිනෙදා රාජකාරී කටයුතුවල නියැලෙන වැඩිහිටියකු වුවද ඔවුන්ට ගැලපෙන ආකාරයෙන් තමන්ගේ සිහිකල්පනාව පුරුදු පුහුණු කිරීමට මේ තුලින් හැකියාව උදා වන අතර ඊට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවද ඔවුන් සතුය. මෙය ප්‍රජා සහභාගීත්වය හා ඩිජිටල් යහපැවැත්ම හා ධනාත්මක බලපෑම් ඉහළ නැංවීම සඳහා TikTok හි කැපවීම පිළිබිඹු කරයි.
ප්‍රජාව වෙනුවෙන් හඳුන්වා දුන් යෙදවුම
වඩා හොඳ නින්දක් හා මානසික සුවයක් වෙනුවෙන්
හඳුන්වා දුන් මෙම නව විශේෂාංගයෙහි ඇති නින්ද ලබන වේලාවන් තුළින් මානසික සුවපත් බව නිර්මාණය කිරීමට මානසික සුවය අත්දැකීම් ඇතුළත් වන අතර ශාරීරික අභ්‍යාස සහ විවේකය අත්දැකීම් ඒ තුළින් අරමුණු කොට ගෙන ඇත.
පර්යේෂණයන්ගෙන් පෙන්වා දී ඇති පරිදි මනා අවබෝධයෙන් යුතුව මානසික සුවය තුලින් සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ට නින්දේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වේ. ඒ අනුව වයස් භේදයකින් තොරව සියලු පරිශීලකයින් වෙත නිදාගන්නා වේලාවේදී මානසික සුවපත්භාවය හඳුන්වා දෙමින් ඔවුන්ගේ මානසික සහනය ඉහළ නැංවීමට TikTok කටයුතු කරන ලදී.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 18න් ඉහළ පරිශීලකයින් හට රාත්‍රී 10න් පසු එම යෙදුම සක්‍රිය කරගත හැකි අතර නව යොවුන් වියේ පසුවන්නන්ට තාවකාලික මඟ පෙන්වන මානසික සුව සහන විමසුමක් සමඟ එය ක්‍රියාත්මක වේ. මෙය අඛණ්ඩව සිදු කිරීමේදී තවත් ඉතා ප්‍රයෝජනවත් අවකාශයක් වෙත පිවිසීමේ අවස්ථාව ඔවුන්ට උදා වේ. එය මනා තිර කාල පුරුදු ඇති කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සපයන අතර මේ වන විට TikTok භාවිත කරන තරුණ තරුණියන්ගේ 98%ක පමණ පිරිසක් මෙම සුව සහන යෙදුම සක්‍රිය කර තිබීම තුළින් එහි වැදගත්කම මනාව පිළිබිඹු වේ.
වැඩිහිටි පරිශීකයින්ට තමන්ගේ නිදන වේලාවන් දුරකතන තිරයෙහි සකස් කිරීමට හැකි අතර ඒ තුලින් කාර්ය බහුලත්වය තුළ විවේක ගැනීමේ අවස්ථාවද උදා වේ. ආතතිය, මානසික පීඩනය අඩු කිරීමට මෙන්ම අවධානය ඉහළ නැංවීමට දිනපතා අවම වශයෙන් විනාඩි 10ක කාලයක් භාවනා කළ යුතු බව විශේෂඥ මතයයි. JAMA Internal Medicine and Harvard Health විසින් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව නින්දට පෙර මිනිත්තු 10 -15 භාවනා කිරීම නින්දේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම කාංසාව සමනය කිරීමට සහ චිත්තවේගයන් සමබරව පවත්වාගෙන යාමට හැකි බව පවසයි.
ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා ඩොලර් මිලියන 2.3ක සුවිශේෂී ආයෝජනයක්
මෙම යෙදුමට අමතරව TikTok විසින් 2025 මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදල හරහා රටවල් 22ක මානසික සෞඛ්‍ය සංවිධාන 31කට සහාය වීම සඳහා ප්‍රචාරණ ණය වශයෙන් ඩොලර් මිලියන 2.3ක පරිත්‍යාගයක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම අරමුදල් හවුල්කරුවන් හට ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීම සඳහා ආකර්ෂණීය, විශ්වාසදායී මානසික සෞඛ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීමට TikTok හි පුහුණුව සමඟින් සහයෝගය දක්වනු ඇත.
අද වන විට මානසික සෞඛ්‍යය පිළිබඳව බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙමින් පවතින මෙම යෙදුම දකුණු ආසියාව පුරා ප්‍රචලිත කිරීමට TikTok කටයුතු කරමින් සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් TikTok හි දකුණු ආසියානු Trust & Safety, Regional Lead Asma Anjum මහතා “බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය වැනි දකුණු ආසියානු වෙළෙඳපොල මානසික සෞඛ්‍යය පිළිබඳව එතරම් තැකීමක් කළේ නැහැ. නමුත් වර්ධනය වන දැනුවත්කම හා විවෘත සංවාද හේතුවෙන් ඔවුන් තුළ ඉතා අර්ථවත් වෙනසක් දක්නට ලැබෙනවා. මෙම විශේෂ යෙදුමේ උපකාර ලබා ගනිමින් සිටිනවා. එහෙයින් ප්‍රජාවේ යහපැවැත්මට සහාය වීම හා මහජන දැනුවත් කිරීම ඉහළ නැංවීම සඳහා ආයෝජනය කිරීමට අපි කැපවී සිටිනවා” යනුවෙන් පැවසීය.
යහපැවැත්ම වෙනුවෙන් අඛණ්ඩ කැපවීම
මෙම භාවනා විශේෂාංගය සහ මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදල තුළින් පිළිබිඹු වන්නේ TikTok හි ඩිජිටල් යහපැවැත්ම හා සමාජ බලපෑම සඳහා කැපවීමයි. ඒ මඟින් සෞඛ්‍ය සම්පන්න ඩිජිටල් පුරුදු සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික සංග්‍රහ, ආරක්ෂක මෙවලම් සහ මාපිය පාලන හැකියාවන් ලබා දෙන TikTok තරුණ පරිශීකයින් සඳහා පුණ්‍ය කටයුතු, ඉගැන්වීම් අවස්ථා සහ වෙන් වූ දරුවන් නැවත ලබාගැනීමට උපකාර කිරීම වැනි සමාජ සේවාවන් වෙත ප්‍රතිචාර දැක්වීමටද කටයුතු කරයි.