මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ SLIM ආයතනය සමඟ අත්වැල් බැදගනී.

4DSC05764 (2)

2020 දෙසැම්බර් 14වැනිදා කොළඹ ඃ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. Made in Sri Lanka ණය වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ දේශීය කර්මාන්ත සහ සන්නාමයන් ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ දිගුවක් ලෙස මෙම සුවිශේෂී ගිවිසුම් ගතවීමේ අවස්ථාව හැඳින්විය හැක.

මෙම වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මුල්‍ය අවශ්‍යතා ඇති ව්‍යාපාර හඳුනා ගැනීමට උදව්කරන සහ ඒවාට අලෙවිකරණ උපදේශනය ලබාදෙන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) තවත් සහයෝගීතාවයක් ඇතිකර ගත්තේය.

 




 

 

මෙම සහයෝගීතාවය පිළිබඳ ප්‍රසිද්ධ කිරීම සඳහා 2020 දෙසැම්බර් 16වැනිදා මහජන බැංකු සේවක පුහුණු පාසලේ දී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ මහජන බැංකුව ඒකාබද්ධ මාධ්‍ය එළිදැක්වීමේ වැඩසටහනක් පැවැත්වීය. එම වැඩසටහන තුළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව රටේ විවිධ ප්‍රදේශයන් හි වාසය කරන මුල්‍ය අවශ්‍යතා ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් ණය ප්‍රදානයන් 20ක් සිදු කිරීමට යෙදිණි

මෙම අවස්ථාවට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපර සංවර්ධන සහ කර්මාන්ත සංවර්ධන, කර්මාන්ත සැපයුම් ජාල කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල මහතා, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී ක්‍රිශානී නාරංගොඩ මහත්මිය, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී AGM (SME) වික්‍රම නාරායන මහතා සහ තවත් නිලධාරීන් සහභාගී විය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව