මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීමේ මීගමුවේ පැවති ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට HNB සහාය

HNB




 

 

දිවයින පුරා ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් සහාය දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා මීගමුවේ දී පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘රට පුරාම LANKAQR’ ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරකට සම්බන්ධ විය.

මෙම වැඩසටහනේදී HNB කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳ ප‍්‍රජාව සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කරමින් තම LANKAQR සමඟ සම්බන්ධිත HNB SOLO ගෙවීම් යෙදවුමේ ඇති වාසි සහ විශේෂිත හැකියාවන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය. ඔවුන් තුළ වූ දැඩි උනන්දුව සැලකිල්ලට ගනිමින් HNB නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගී වූ වෙළෙන්දන්ගෙන් සැලකිය යුතු පිරිසක් HNB SOLO වේදිකාව සමඟ සම්බන්ධ කර ගැනීමට කටයුතු කළේය.

මීගමුව කඩොල්කැලේ ක‍්‍රීඩාංගණයේ පැවති මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග මහතා ඇතුළු ප‍්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයට ප‍්‍රථම වරට බහුවිධ තාක්ෂණික වැඩිදියුණු කිරීම් හඳුන්වා දුන් HNB රට තුළ ඩිජිටල් ගෙවීම්වල ප‍්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමෙහිලා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. බැංකුව තමන්ගේම වැඩසටහන් හරහා මෙන්ම CBSL හි ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට සිය ස්ථිර සහයෝගය ලබා දෙමින් මෙම ප‍්‍රයත්නයන් ශක්තිමත් කරමින් ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කළේය.

”ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ක‍්‍රමවේදයකට ශ‍්‍රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටමේ ආර්ථික ක‍්‍රියාකාරකම් විශාල ලෙස ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙනවා. මෙම ක‍්‍රමවේදයන් ව්‍යාපාර මෙන්ම විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර දියුණුව තව තවත් වේගවත් කිරීමට උපකාරී වන අතර නව වෙළඳපල අවස්ථා ස්ථාපිත කිරීමටත් ආරක්ෂිත මෙන්ම වඩාත් පහසු ලෙස මුදල් ගනුදෙනු කිරීමටත් උපකාරී වෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ඩිජිටල් ව්‍යාපාර ප‍්‍රධානී, චම්මික වීරසිංහ මහතා පැවසුවේය.

2020 අගභාගයේදී දියත් කරන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහන යනු ශ‍්‍රී ලංකා මහ බැංකුව, බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වා දුන් ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත ප‍්‍රමිතියකි. මෙමගින් වෙළෙඳමහතුන්ට විවිධ වේදිකා සඳහා QR කේත කිහිපයක් භාවිත කිරීම මග හරවා ගත හැකි අතර පාරිභෝගිකයින්ට සහ වෙළෙඳ ප‍්‍රජාවට ප‍්‍රතිලාභ සලසමින් වේගවත්, ආරක්ෂිත සහ දැරිය හැකි ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සපයයි. ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රයත්නයට අනෙකුත් බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් ද අඛණ්ඩව සහයෝගය දක්වමින් සිටී.

2019 වසරේදී SOLO හදුන්වා දුන් දා සිට SOLO යෙදවුම මගින් දැරිය හැකි, පහසු මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙනු ලබන අතර එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී විකල්පයක් ලෙස පෙන්වා දිය හැකියx පරිශීලකයින්ට SOLO භාවිතා කර QR කේතය ස්කෑන් කිරීමෙන් ගෙවීම් සිදු කළ හැකි අතර ගෙවීම් ලැබීම තහවුරු කිරීම සඳහා වෙළෙඳ මහතුන්ට ක්ෂණික කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

HNB විසින් SOLO හි පරිශීලක අතුරු මුහුණත සඳහා නිරන්තරයෙන් අලූත්කිරීම් සිදු කරමින් යෙදවුමේ විශේෂාංග හා ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව